හිසකෙස් රැකගන්න කන්ඩිෂනර්...

ජනවාරි 2, 2019

ලස්සන කෙස් කලඹකට හිමිකම් කියන්න කවුරුත් කැමැතියි. ඒත් කෙස් කලඹට බලපාන ගැටලු තත්ත්වයන් ද බොහොමයි.

හිස් හොරි, කෙස් අග පැලීම, හිසකෙස් අධික ලෙස ගැළවී යාම, කෙස්වල දීප්තිමත් බවක් නැති වීම, අධික වියළි බව, හිසකෙස්වල අධික තුනීබව, හිස පීරීමේ දී කෙස්ගස් කැඩී යාම ආදී බොහෝ ගැටලු හිසකෙස් සම්බන්ධයෙන් පවතී.

මේ ගැටලුවලින් විසඳුමක් ලබා ගැනීමට නොයෙකුත් ක්‍රම අත්හදා බැලීමට කාන්තාවන් උත්සාහ ගනී. එහෙත් ඇතැම් විට තමා විසින් ම සිදු කරන දෛනික කටයුතුවල ඇති නොසැලකිලිමත් බව නිසා ද ඇතැම් ගැටලු ඇති විය හැකි බව ඔබ නොසිතන්නට ඇති.

වැඩි මුදලක් වැය කොට හිසේ ගල්වන්නට ගන්නා ෂැම්පූ, කන්ඩිෂනර් වගේම නොයෙකුත් ආලේපන තමාට සුදුසු ද නැද්ද යන්න ගැන නොසිතයි.

එමෙන්ම ඒවා නිසි ලෙස ආලේප කිරීමට ද උනන්දු නොවී තමාගේ හිතුමනාපයට ඒ දේවල් භාවිත කරයි.

පසුගිය සතියේ ගැළපෙන ෂැම්පූ වර්ගයක් තෝරා ගන්නා ආකාරය හා නිවැරැදිව ෂැම්පූ කරන ආකාරය අප ඔබට ඉදිරිපත් කළා මතක ඇති. අද ඔබට ඉදිරිපත් කරන්නේ නිවැරැදිව කන්ඩිෂනර් කරගන්නා ආකාරයයි.

හිසකෙස් සේදීම සඳහා ෂැම්පූ භාවිත කළ ද ඉන් පසුව අනිවාර්යයෙන් කන්ඩිෂනර් එකක් භාවිත කළ යුතුයි. කන්ඩිෂනර් එකකින් සිදු කරන්නේ හිසකෙස්වල ඇති වියළි බව අඩු කිරීමයි. හිසකෙස්වල විවෘත වූ ක්‍යූටිකල් වැසීම ද කන්ඩිෂනර් මඟින් සිදු කරන නිසා හිසකෙස්වලට අපද්‍රව්‍ය ඇතුළු වීමේ අවදානමක් නැතිව යයි. අපිට හුස්ම ගැනීමට ඔක්සිජන් වගේ ෂැම්පූ කිරීමේ දී කන්ඩිෂනර් අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක්.

භාවිතයේ පවතින කන්ඩිෂනර් ඒවා වර්ග තුනකි. එහිදී අපි එදිනෙදා භාවිත කරන සාමාන්‍ය කන්ඩිෂනර්, ඩීප් කන්ඩිෂනර්, ලීව් ඉන් කන්ඩිෂනර් ලෙසින් හැඳින්විය හැකියි.

2019/01/02 තරුණි පුවත්පත බලන්න.