සොඳුරු රුවක රහස ගිතෙල්

ජනවාරි 9, 2019

කාන්තාවන් තම රුව රැක ගැනීමට නොයෙකුත් ආලේපනයන් භාවිත කරනවා. ඒ අතුරින් බොහොමයක් ආලේපන කෘත්‍රිම ඒවා වේ. එමඟින් ඉක්මන් සුන්දරත්වයක් ඇති කරන නමුත් අතුරු ආබාධ සහිතය.

එබැවින් ඒ සඳහා ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතය ඉතා සෞඛ්‍ය ආරක්ෂිතවන අතර දිගුකාලීනව ප්‍රතිඵල ලබා ගත හැකිය.

ගිතෙල් ඊට හොඳම නිදසුනයි. ගිතෙල් යනු ඉන්දියානු ආහාර වේලකදී නොවරදින ද්‍රව්‍යයකි. ආහාරවල රසවත් භාවය වැඩි කරන හෙයින් ඉන්දියානුවන් සෑම ආහාරයකටම මේ ලෙස ගිතෙල් එක්කර ගනු ලබනවා මේ ලෙස ආහාරයට එක්කර ගැනීම හැරුණුකොට ගිතෙල්වලින් සැලසෙන තවත් සුවිශේෂී වාසියක් වන්නේ හිසකෙස් හා සමට ඉන් සැලසෙන වාසියි. ඉන්දියානු කාන්තාවන් මෙතරම් සුරූපී වීමට ප්‍රධාන හේතුවක් ලෙස ගිතෙල් භාවිතය හඳුන්වන්න පුළුවන්.

ඉන්දියාවෙන් ඇරැඹුණු ගිතෙල් දැන් බොහෝ රටවල ආහාර සඳහා ආගමික වතාවත් සඳහා සහ ඖෂධයක් ලෙසත් භාවිත වෙනවා. ගිතෙල්, බටර්වල ඇතැම් ලක්ෂණයන්ට සමාන වුවත් ගිතෙල් බටර්වලට වඩා ගුණදායක වේ.

හෘදයට හිතකරයි

බටර් ආහාරයට ගැනීමෙන් ශරීරයේ කොලෙස්ටරොල් මට්ටම වැඩිවන අතර ගිතෙල් මඟින් කොලෙස්ටරෝල් පාලනය වෙයි. එබැවින් එය හෘදයට හිතකර ඖෂධයකි. එම නිසා බටර් වෙනුවට ගිතෙල් හොඳම ආදේශකය ද වෙයි.

ශරීරය පුෂ්ටිමත් කරයි

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් වන්නේ ශරීරය මහත් නොවීම. බොහෝ දෙනෙක් මේ සඳහා විවිධ ප්‍රතිකාර ද ලබා ගන්නවා. නමුත් මෙම ප්‍රතිකාර සියයට සීයක්ම අතුරුඵල රහිත ද කියලා ඔබ සොයා බැලුවා ද? කොච්චර කෑවත් මහත් වෙන්නේ

නැති අයට මහත් වෙන්න අතුරුඵල නැති ඖෂධයක් ලෙස ගිතෙල් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී ද හඳුන්වනවා.

කොපමණ ආහාර ගත්තත් ශරීරය නොවැඩෙන අයට මෙලෙස දිනපතා ආහාරයට ගිතෙල් තේ හැඳි දෙකක් පමණ මිශ්‍රකර ගැනීම මඟින් ශරීරය

පුෂ්ටිමත් කරගත හැකියි.

කොපමණ ආහාර ගත්තත් ශරීරය වර්ධනය නොවන තරුණ තරුණියන්ට ගිතෙල් වටිනා ඖෂධයක්. ගිතෙල් මඟින් ශරීරයේ වියළි ස්වභාවය නැති කරනවා. ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමානුකූල කරනවා. වැදගත්ම කරුණ වන්නේ ආහාරයෙන් ලැබෙන පෝෂණය ක්‍රමානුකූලව ධාතූන්ගතවීමේ ක්‍රියාවලිය ඉක්මන් කිරීමයි. මේ නිසා ශරීරයේ අඩංගු තෙල් ප්‍රමාණය වැඩි කිරීම නොව සියලුම ධාතූන් වර්ධනය කරනවා. මේ ආකාරයට සිදුවන පෝෂණමය උත්තේජනය මඟින් ශරීරය පුෂ්ටිමත් වෙනවා.

ගිතෙල් සිසිල් ගුණයෙන් යුක්තයි. ශරීරයේ දැවිල්ල සහිත රෝග අවස්ථාවලට ගිතෙල් ගුණදායක ඖෂධයක් වෙනවා. ගිතෙල්වලට වයසත් සමඟ ක්‍රමයෙන් පරිහානියට පත්වන මතකය යථා තත්ත්වයට පත්කරන්න පුළුවන්. ඇස් රෝග සුව කිරීමේදීත් ගිතෙල් අවශ්‍යම ඖෂධයක් වෙනවා. මීට අමතරව ගිතෙල්වල විටමින් ඒ හා ඡ් බහුලව තිබෙන නිසා ස්නායු දිරාපත්වීමේ ක්‍රියාවලිය පාලනය කරන්නත් පුළුවන්.

ඔබටත් ලැක්ටෝස් අගුණද? එසේනම් ඔබට ආදේශකයක් ලෙස ගිතෙල් භාවිත කරන්න පුළුවන්. තවද ගිතෙල් විස හරණය කිරීමට යොදා ගන්නා ඖෂධයක් ලෙසද ආසියාතික රටවල් භාවිත කරනවා. එමෙන්ම මෙහි විටමින් ඒ, ච්, ම්, ඡ් සහ ප්‍රතිඔක්සිකාරකයන් රැසක් අඩංගු වෙනවා.

2019/01/09 තරුණි බලන්න