රුව ඔපලන්න ලස්සන ඇහිබැමක්

ජනවාරි 9, 2019

සීමා මායිම් නැති සුන්දරත්වයේ අනන්තය කරා පියනඟන්නට ඔබට අත්වැල් සපයන කැඩපත විශේෂාංගයේ තෙවැනි දිගහැරුමයි මේ.

අද අප මේ විශේෂාංගය හරහා ඔබට ඉදිරිපත්කරන්නේ නිසි ආකාරව ඔබේ ඇහිබැම සකසා ගන්නා ආකාරයයි. ඔබ ඇහිබැම සැකසීම සඳහා කොතෙකුත් රූපලාවණ්‍යාගාර වෙත ගොස් ඇති. එවැනි අවස්ථාවල ඔබ රූපලාවණ්‍ය ශිල්පිනියට හෝ ශිල්පියාට පවසන්නේ කුමක්ද? බොහෝ දෙනෙක් එයට දෙන පිළිතුර වන්නෙ "මම අයි බ්‍රෝ හදාගන්න ආවා" යැයි නොවේද? ඒත් ඔබ කෙදිනකවත් ඔබගෙ මුහුණට ගැළපෙන අයි බ්‍රෝ විලාසිතාව කුමක්ද කියා ඔබේ රූපලාවණ්‍ය ශිල්පිනියගෙන් විමසා නැතිව ඇති.

එසේනම් මේ ලිපිය හරහා ඔබේ මුහුණට ගැළපෙන ලෙස ඔබේ ඇහිබැම සකසාගන්න ඔබට හැකිවේවි. මේ පිළිබඳ ඔබව දැනුවත් කරන්නෙ ම්කඒඉඩ් ඉඒඹ්ර්‍ණව් ඒව්ච් ඒඛ්ඒච්ඡ්ර්ක හි අධ්‍යක්ෂිකා රූපලාවණ්‍ය ශිල්පිනී යශෝදනී සෙනරත්ය.

රූපලාවණ්‍යයට අනුව ඇහිබැම සැකසීම ඔබ දකින්නෙ කුමන ආකාරයකින්ද?

සොබාවධර්මය අනුව ඇහිබැම පිහිටා තිබෙන්නෙ ඇසේ ආරකෂාවටයි. නමුත් වර්තමානයේ සෑම යුවතියක්ම ඇහිබැම සකසනවා. මුහුණේ හැඩය හා සුන්දරත්වය මතු කරගන්න ඇස හා ඇහිබැම සෘජුවම බලපාන සාධකයක් වෙනවා.

ඉතිං එහිදී මුහුණේ හැඩය, ඇහිබැමේ පිහිටීම අනුව ඇහිබැම සකස් කිරීම කළයුතු වෙනවා. සාමාන්‍යයෙන් ඇහිබැමක් සකස් කරන්න ටුවිසර්, ත්‍රෙඩින්, වැක්ස් කිරීම වගේම විවිධ තාක්ෂණික උපකරණ භාවිත කරනු ලබනවා.

මේ විශේෂාංගය තුළින් අද අපි ඔබට පැහැදිලි කරන්නේ ඔබේ මුහුණෙ හැඩය අනුව ඇහිබැම සකසා ගන්නේ කෙසේද යන්නයි.

විශේෂයෙන්ම මේක් අප් කිරීමේදී, කොණ්ඩ මෝස්තර දැමීමේදී වගේම ඇහිබැම සැකසීමේදී ද රූපලාවණ්‍ය ශිල්පිනියක් ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දෙන්නෙ තම සේවාදායකයාගේ මුහුණ ඕවල් හැඩයට පත්කර ගැනීමටයි. එහිදී මුහුණේ සුන්දරත්වය ඉස්මතු කරගැනීමට වගේම මුහුණේ හැඩතල විදහා දැක්වීම සඳහාත් ඕවල් හැඩැති මුහුණ විශේෂ වෙනවා. ප්‍රධාන වශයෙන් හඳුනා ගත හැකි මුහුණු හැඩ කිහිපයක් තිබෙනවා. ඒ අනුව එක් එක් හැඩයට ගැළපෙන ඇහිබැම සැකසීමේ ක්‍රම කීපයක් කියලා දෙන්නයි අද සූදානම් වෙන්නෙ.

2019/01/09 තරුණි බලන්න