නිකැළැල් සමකට මයික්‍රොඩර්මර්බ්‍රේෂන් සත්කාරයක්

ජනවාරි 16, 2019

පැහැපත් නිකැළැල් සමකට කවුරුද අකැමැති? කාන්තා, පිරිමි භේදයකින් තොරව සමෙහි පැහැපත්බව ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ ඒ නිසයි.

ලංකාව වැනි ආසියාතික රටවල වෙසෙන බොහෝදෙනකුගේ සම සුදු පැහැයට වඩා තළෙළු දුඹුරු පැහැයට හුරුයි. වර්ණය කුමක් වුවද නීරෝගි පැහැපත් නිකැළැල් සම ආකර්ෂණීයයි.

එබැවින් සමේ පැහැයට අවධානයක් යොමු කරනවාට වඩා නිකැළැල් සමක හිමිකාරියක්, හිමිකරුවෙක් වීමයි වැදගත්.

නිකැළැල් සමක් සඳහා රූපලාවණ්‍ය ප්‍රතිකර්ම රාශියක් තිබුණත් මයික්‍රොඩර්මර්බ්‍රේෂන් සත්කාරය (ථඪජපධඤඥපථචඡපචඵඪධද) වඩා ප්‍රතිඵලදායක වන්නේ එමගින් සම ගැඹුරටම පෝෂණය ලබා දෙන නිසාවෙනි.

මෙමඟින් අව්වට පිළිස්සීමෙන් ඇතිවන කැළැල් තත්ත්වයන්ට, පග්මන්ටේෂන්, කුරුලෑ, ඇක්නි සහ සමෙහි රැලි වැටුණ ස්වභාවයට ඇතුළු සියලුම වර්ගයේ කැළැල්වලට විසඳුම් ලබා දීම මෙම සත්කාරයේ වැදගත්ම ලක්ෂණයයි.

කාන්තාවන් සේම පිරිමි පාර්ශවයත් දැන් සම ගැන විශේෂ උනන්දුවක් දක්වනවා.

මෙතෙක් කාන්තාවන්ට පමණක් රුව රැකෙන සත්කාරයන් පිළිබඳව දැනුවත් කළත් අද අප ඔබට ගෙන එන්නේ ඔබේ පෙම්වතාට, තරුණ පුතුට, සැමියාට කළ හැකි අපූර්ව රූපලාවණ්‍ය සත්කාරයකි. ඔවුන්ට පමණක් නොව කාන්තා ඔබට ද මේ සත්කාරය කළ හැකියි.

මෙම සත්කාරය ලබාදීමට ප්‍රථම ස්ක්‍රබ් කිරීම වැදගත්ය. ඒ සඳහා සමේ වර්ගයට අනුව සුදුසු ස්ක්‍රබ් එකක් භාවිත කරන්න.

ස්ක්‍රබ් කිරීමෙන් පසුව ක්ලෙන්සර්කර ගැනීම අවශ්‍යයි.

මෙමගින් සමේ කුණු දුවිලි ඉවත් වී සම පිරිසුදු කරයි. ඉන්පසු ෆේස් පෑඩ්ස් ආධාරයෙන් ක්ලෙන්සර් එක ඉවත්කර ගන්න.

ඉන්පසු මයික්‍රෝඩර්මර්බ්‍රේෂන් උපකරණය ගෙන එහි දියමන්ති හිසක් වැනි කොටස සම මත සියුම්ව තබන්න.

එමඟින් ඇතිකරන්නා වූ චලනයෙන් සමෙහි මැරුණු සෛල ඉවත් කරමින් නව සෛල නිපදවයි. එලෙසම මෙයින් සම ගැඹුරටම සත්කාරය සිදුවන බැවින් සමෙහි නව කොලජන් තන්තු නිපදවීමට ද හේතුවක් වේ.

මේ ක්‍රියාවලිය හරහා ළප කැළැල් මැකී යයි. එබැවින් මෙය සමෙහි අභ්‍යන්තර සෛල වර්ධනයකර, මතුපිට සෛලද ආරක්ෂාකර දෙන සත්කාරයක් ලෙසත් හැඳින්විය හැකියි.

එලෙසම මුළු මුහුණ පුරාම එම උපකරණයෙහි දියමන්ති හිස කොටස යවමින් සත්කාරය සිදු කරන්න.

විශේෂයෙන්ම කැළැල් සහිත ස්ථානවල තරමක් වෙලා දියමන්ති හිස කොටස තබා සිටින්න.

2019/01/16 තරුණි බලන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.