40 න් පසු රුව ගැටලු

ජනවාරි 16, 2019

දෑතෙහි රැලි වැටුණු ස්වභාවයක්

ප්‍රශ්නය

මා 57 වියේ පසුවන කාන්තාවකි. එහෙත් දැන් මාස 06 ක පමණ කාලයක සිට මාගේ අත් දෙකෙහි රැලි සහිත ස්වභාවයක් හට ගෙන ඇත. එය මාගේ රැකියාවට මෙන්ම මාගේ රූ සපුවට ද බාධාවක් ගෙන දෙයි. මෙයින් මිදීමට ගත යුතු පියවර කුමක්ද?

දිගන - කසුනි

පිළිතුර

මුහුණට සත්කාර කරන අතරම දෑත් දෙපාවලට ද සත්කාර කළ යුතුයි. වයස අවුරුදු 30 පසු වූ විට කාන්තාවන්ගේ ශරීරයේ ඉක්මනින් වියපත් වන්නේ දෑත්ය.

රෙදි සෝදන විට සැර සබන් වර්ග භාවිතය, නිතර දෑත් සේදීම සහ නිවෙසෙහි වැඩ කටයුතු රාශියක් කරන්නේ ද අතින්වීම එයට හේතුවෙයි. එමෙන්ම රැකියාවක් කරන අයකු නිසා ඒ/ඛ් හේතුවෙන්ද දෑත් ඉක්මනින් වියැළී රැලි වැටීමට හේතුවක් වෙනවා.

මෙවැනි දෑතකට සත්කාර කිරීමට ප්‍රථම දෑතෙහි ඇති මැරුණු සම ඉවත් කරගත යුතුයි. ඒ සඳහා දෑත් ස්ක්‍රබ් කිරිම අවශ්‍ය වෙනවා. ස්ක්‍රබ් එක සාදා ගැනීමට සුදු හඳුන්, වෙනිවැල්, කස්තුරි, කහ සහ කෝමාරිකා එකතු කරමින් මිශ්‍ර කරන්න. අවසානයට එයට විටමින් ඡ් කරලක් ද එක්කරන්න. එම මිශ්‍රණය තලපයක් ලෙස එන සේ සකසා ගන්න. ඉන්පසු එය දෑත්වල ගල්වා හොඳින් ස්ක්‍රබ් කර විනාඩි 20 ක් පමණ තබා සෝදා හරින්න. දෑත් හොඳින් වියළාගෙන ඔලිව් තෙල් ස්වල්පයක් දෑත්වල ගල්වා සම්බාහනය කරන්න. එයද විනාඩි 15 ක කාලයක් තබා සෝදා හැර වියළා ගෙන මොයිස්චරයිසින් ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න.

එමෙන්ම ඔමේගා 3 අඩංගු ආහාර වන සැමන්, මෝරතෙල්, තද කොළ පැහැති එළවළු වර්ග ආහාරයට ගන්න. කොලජන් අඩංගු ආහාර වන කොළ පැහැති සහ තැඹිලි පැහැති එළවළු ද සෝයා, ටූනා මාළු, බිත්තර ද ආහාරයට එක්කර ගන්න.

සෑම දෑත් සේදීමකට පසුවම මොයිස්චරයිසින් ක්‍රීම් වර්ගයක් ආලේප කිරීමට අමතක නොකරන්න. ඔබ ඒ/ඛ් පහසුකම් සහිත ආයතනයක රැකියාව කරන්නේ නම් සමේ තෙතමනය රැකෙන ක්‍රීම් වර්ගයක් ආලේප කරන්නත් අමතක කරන්න එපා.

මුහුණ අවලස්සන කරන ඩබල් චින්

 

ප්‍රශ්නය

මා 62 වියැති කාන්තාවකි. මගේ මුහුණෙහි ඩබල් චින් පවතී. එයින් මාගේ මුහුණ මහත්ව පෙනෙන අතරම වයසක පෙනුමක් ගෙන දෙයි. ඩබල් චින් නැතිකර ගැනීමට ප්‍රතිකාර තිබේද?

වික්‍රමරත්න

පිළිතුර

ඩබල් චින් එහෙමත් නැත්නම් සබ්මෙන්ටල් ෆැට් (ඉභඡථඥදබචත ජ්චබ) කියන්නේ කෙනෙකුගේ නිකට යට ප්‍රදේශය මහත්වෙලා පිම්බිලා නිකටවල් දෙකක් වගේ පෙනෙන තත්ත්වයකටයි. සාමාන්‍යයෙන් වයස්ගතවීම සහ තරබාරු බව ඩබල් චින් එකක් එන්න හේතු වුණත්, තරබාරු හෝ වයස්ගත නොවෙන කෙනෙකුට වුණත් ඩබල් චින් එකක් එන්න පුළුවන්කමක් තියෙනවා.

මේ විදිහෙ ඩබල් චින් එකක් කෙනෙකුගේ මුහුණේ පෙනුමට විතරක් නෙමෙයි, ශරීරයේ පෙනුමට පවා හානි කරනවා. ශරීරය කෙට්ටු කෙනෙකුගෙ වුවත් මුහුණේ ඩබල් චින් එකක් තියෙනවනම් ඒ කෙනාව මහත කෙනෙකු හැටියට පේන්න ගන්න එකයි ඒකට හේතුව.