මුහුණට ගැළපෙන්න කණ්ණාඩි තෝරාගන්නේ කොහොමද?

ජනවාරි 16, 2019

සුන්දරත්වය යන වචනය ඇසෙත්ම එකවරම අප සිතට නැගෙනුයේ සෑම අතකින්ම පරිපූර්ණ වූ රූපයකි. ඒ වගේම සෑම කෙනකුම නිරන්තරයෙන්ම අනෙක් අයගෙන් බලාපොරොත්තුවන්නේ ද මේ සුන්දරත්වයම නොවේද?

ඉතිං සුන්දරත්වයේ අනන්තය කරා පියනඟන මේ සුවිශේෂී විශේෂාංගයේ තවත් දිගහැරුමක් අදත් මෙලෙසින් ඔබවෙත ගෙන එනවා.

ඒ Kyash Salon and Acdeamy  හි අධ්‍යක්ෂිකා යසෝදණී සෙනරත්මුදලි සමඟයි.

"අද මම ඉදිරිපත් කරන්නට සූදානම් වන්නෙ ඔබගෙ මුහුණෙ හැඩයට ගැළපෙන අව්කණ්ණාඩියක් තෝරාගන්නෙ කොහොමද කියන එක ගැනයි.

එදිනෙදා ජීවිතයේදී කණ්ණාඩි වගේම අව්කණ්ණාඩි භාවිත කිරීමත් සුලබ කටයුත්තක් බවට පත්වෙලා. විශේෂයෙන්ම ඇසෙහි ඇති පෙනීමේ දුර්වලතා මඟහරවා ගනිමින් ඇස ආරක්ෂාකර ගැනීම සඳහා ප්‍රමිතිකරණයක් සහිත කාච භාවිත කරමින් කණ්ණාඩි නිපදවා තිබෙනවා.

අව්කණ්ණාඩි පැලඳීම නම් අද විලාසිතාවක් බවට පත්වෙලා.

නමුත් හිරු කිරණින්, දුහුවිලිවලින් ඇස ආරක්ෂා කරගැනීම සඳහා අව්කණ්ණාඩි භාවිත කිරීම වඩාත් සුදුසුයි. මේ කණ්ණාඩි සහ අව් කණ්ණාඩි භාවිත කිරීමේදී එය ඔබේ ඇස්වල හැඩයට මෙන්ම මුහුණේ හැඩයට ගැළපෙන පරිදි තෝරා ගැනීමෙන් ඔබගේ ලස්සන තවත් ඉස්මතු කරගන්න පුළුවන්.

 

 

2019/01/16 තරුණි බලන්න