නිවෙසේදී හෙයාර් අයන් එකක් පාවිච්චි කරනවා නම් ඔබ සැලකිලිමත් විය යුතු කරුණු කාරණා...

පෙබරවාරි 6, 2019

ගොඩක් තරුණියන් කොණ්ඩ විලාසිතා දාන්න දැන් සැලුන්වලටම යන්නේ නැහැ. හොයර් අයන් එකක් තියෙනවා නම් ගෙදරදීම විලාසිතා කරන්න පුළුවන්නේ.

හැබැයි හෙයාර් අයන් භාවිතය නම් හිසකෙස් වල නිරෝගී බවට හානියක්. මේ නිසාම හෙයාර් අයන් එකක් භාවිත කරද්දී මේ කරුණු ගැනත් ඔබ නිරන්තරයෙන්ම සැලකිලිමත් වන්න.

ඔබ වැරැදි හෙයාර් අයන් එකක් භාවිතා කළොත් හිසකෙස් පිළිස්සීම, හිසකෙස් දිරායෑම, කෙස් මැදින් කැඩීයාම, හිස කෙස් අග පැලීම, කෙස් වියළීම, හිස කෙස් වැටීම සහ හිස කෙස් මලානිකවීම මගේ දේවල් වෙන්න පුළුවන්. ඒ ගැනත් ඔබ සැලකිලිමත් වන්න. ඒ නිසාම පිළිගත් ප්‍රමිතියකින් යුතු, සහතික කර ඇති හෙයාර් අයන් එකක් මිලදී ගැනීම කෙරෙහි ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුයි.

හෙයාර් අයන් එකේ උෂ්ණත්වය වැඩි වන තරමට ඔබේ හිසකෙස්වලට වන හානිය වැඩියි. එනිසා එහි උෂ්ණත්වය සෑම විටම සෙල්සියස් අංශක 185 ට අඩුවෙන් තබා ගත යුතු බවත් මතක තබාගන්න.

හෙයාර් අයන් එකක් භාවිත කිරීමට පෙර හිසකෙස් වේලාගත යුතුයි. ඒ සදහා හෙයාර් ඩ්‍රයරය භාවිත නොකරනවානම් වඩාත් සුදුසුයි. නිතර හෙයාර් ඩ්‍රයරය භාවිතයෙන් හිසකෙස් වියැළීමට ලක් වෙනවා.

ඒ වගේම තෙත කොණ්ඩය අයන් කිරීමත් සුදුසු නැහැ. එයින් හිසකෙස් පිළිස්සී යා හැකියි. එලෙස පිළිස්සුනු කොණ්ඩය යළි යථා තත්ත්වයට ගන්න අමාරුයි. එමෙන්ම අපිරිසුදු හිසකෙස් අයන් නොකරන්න. අයන් කිරීමට පෙර හිස කෙස් පිරිසුදු කර ගැනීම වැදගත්.

අයනය භාවිතයේදී හිසකෙස්වලට සිදුවන හානිය අවම කරගන්න නම් හීට් ප්‍රොටෙක්ෂන් ස්ප්‍රේ එකක් ගල්වලම අයන් කරන්න.

වර්තමානය වන විට වෙළෙඳපොලේ අයන් වර්ග රාශියක්ම තිබෙනවා. ඒ අතරින් සෙරමික්, ටයිටේනියම් සහ ටර්මලින් අයන් වර්ග භාවිතයට සුදුසුයි. ඔබට නිවෙසේදීම ආරක්ෂාකාරීව හිසකෙස් අයන් කර ගැනීමට සෙරමික් වර්ගයේ අයන් එකක් තෝරා ගැනීමෙ වරදක් නෑ.

අන්තර්ජාලය ඇසුරිනි