තෙත කොණ්ඩය ඇති කරන රෝග

පෙබරවාරි 13, 2019

ඔබ රාත්‍රී කාලයේදී නාන කෙනෙක් නම් බොහෝ විට තෙත් වූ හිසකෙස් සහිතව නින්දට යනවා වෙන්න පුළුවන්.

තෙත කොණ්ඩය සමග නින්දට වැටීම එතරම් සැලකිය යුතු නැති දෙයක් ලෙස සිතුවත් මේ ඔබට කියන්න යන්නේ නැවතත් තෙත කොණ්ඩය පිටින් නින්දට නොයන්නට තරම් හොඳ හේතු කිහිපයක්.

තෙත කොණ්ඩය නිසා ඔබට විය හැකි මේ අතුරු ආබාධ ගැන ඔබ දැනුවත් වීමෙන් පසුව වෙනදාට වඩා තරමක් හෝ හොඳින් හිසකෙස් වේළාගෙන නින්දට යාම වඩාත් හොඳයි කියා ඔබම තීරණය කරයි.

කෙස් අග පැලීම

ඔබ නින්දේ සිටින අතර හිස කොට්ටය මත එහා මෙහා කිරීමේදී කෙස් හා කොට්ට උරය එකට ඇතිල්ලීමෙන් බොහෝ විට තෙත කොණ්ඩයේ අග පැලීම සිදු විය හැකියි.

බැක්ටීරියා ආසාදනයට ලක්වීම

ඔබගේ දහදිය, සමෙන් නිකුත් වන තෙල් හා මැරුණු සෛල, කොට්ට උරය මත තැවරෙන නිසා කොට්ටය කියන්නේ බැක්ටීරියා වර්ධනයට ඉතා හොඳ පරිසරයක්. එයට ඔබගේ තෙත් වූ හිසකෙස් එකතුවීමෙන් බැක්ටීරියා වර්ධනයට වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කරනවා. මේ හේතුවෙන් ඔබගෙග් හිස බැක්ටීරියා ආසාදනයන්ට ලක්වීමේ ඉඩකඩ බොහෝ සෙයින් වර්ධනය කරනවා.

රාත්‍රිය මැද දී හිසරදය ඇතිවීම

තෙත කොණ්ඩය සමඟ නින්දට යාමේදී සමහර අවස්ථාවල දැඩි හිසරදයක් ඇතිවෙන්න පුළුවන්.

එසේ සිදුවන්නේ, ඔබ නින්දේ මුල් අවධියේ සිටින විට ඔබගේ කාමර උෂ්ණත්වයට සරිලන ලෙස ශරිරයේ උෂ්ණත්වය අඩු වී, නැවතත් නින්දේ මීළඟ අදියර වන විට ශරීර උෂ්ණත්වය ස්වාභාවිකව වැඩිවීමයි.

ඔබගේ ශරීර උෂ්ණත්වයේ සිදුවන මෙම වෙනසට අනුව තෙත් වූ හිසේ උෂ්ණත්වය වෙනස් වීම සිදු නොවන නිසා රාත්‍රිය පුරාම දැඩි හිසරදයකට ලක්වීමට වැඩි ඉඩක් තිබෙනවා.

රත්‍රියේ නෑමෙන් පසුව හිස හොඳින් වේළාගෙන නින්දට යන්න පුළුවන් නම් මෙවැනි අනවශ්‍ය සෞඛ්‍ය ගැටලුවලට ලක් නොවි ඉන්නට ඔබට පුළුවන්.

අන්තර්ජාලය ඇසුරිනි