40 න් පසු රුව ගැටලු

පෙබරවාරි 20, 2019

උදරය නෙරා එයි

ප්‍රශ්නය

මා 40 හැවිරිදි කාන්තාවක්. මට හැඩැති සිරුරක් ඇතත් මාගේ උදරය තරමක් විශාලයි. උදරය නෙරා ඒම සිදුවූයේ මාස දෙක තුනක කාලයක සිටයි. උදරය අඩුවීමට කුමක් කළ යුතු ද?

රත්නපුරය - නිර්මලා

 

පිළිතුර

උදරය ඉදිරියට නෙරා ඒම බොහෝ කාන්තාවන්ට තිබෙන ප්‍රශ්නයක්. ඕනෑම කෙනෙකුගේ උදරය වටා යම් තෙල් තට්ටුවක් තිබීම සාමාන්‍ය තත්ත්වයක්. ගැටලු සහගත තත්ත්වයක් මතුවන්නේ උදරය වටා අනවශ්‍ය ප්‍රමාණයට තෙල් තැන්පත්වීමත් සමඟයි.

සමට ඉතා ආසන්නයෙන් සම යට ඇති තෙල් තට්ටුව පමණක් නොව අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ගේ මේද අනවශ්‍ය මට්ටමකින් තැන්පත්වීම සිදුවිය හැකියි. එසේ සිදුවිම නම් සෞඛ්‍යයට එතරම් හොඳ නැත. උදාහරණයක් ලෙස හදවතේ, පෙනහළු, අක්මාව ආදියට යම් බලපෑම් කළ හැකියි. අධි රුධිර පීඩනය, පිළිකා මෙන්ම හෘදයාබාධ ද ඇති වීමට බලපාන්නේ මේ තත්ත්වයයි.

හොඳින් ව්‍යායාම කරන විට උදරය අවට ඇති මේද තට්ටු වගේම අභ්‍යන්තර අවයවවල ඇති මේද තට්ටුත් කෙමෙන් කෙමෙන් දියවී යාම ඇරඹෙනවා. අවම වශයෙන් සතියට දින 5 ක් වත් විනාඩි 30 ක් බැගින්වත් ක්‍රියාශීලී ව්‍යායාම සිදු කළ යුතුයි. විශේෂයෙන්ම උදරය ආශ්‍රිතව සිදුකරන ව්‍යායාම කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකියි.

බොහෝ දෙනකු උදරය නෙරා ඒම අඩුකර ගැනීමට කරන්නේ දරුණු ලෙස ආහාර පාලනය කිරීමයි. එය නිෂ්ඵල ක්‍රියාවක්. ඔබ කළ යුත්තේ පෝෂණ ගුණය වැඩි ආහාර වැඩිපුර ගෙන, පෝෂණ ගුණයඅඩු ආහාර වගේම අනවශ්‍ය ලෙස තෙල්, සීනි, ලුණු, පිටි ආදිය ඇති ආහාර අඩුකර ගැනීමයි.

 

2019/02/20 තරුණි බලන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.