සම රැලි වැටීම පාලනයට Skin Expert

පෙබරවාරි 27, 2019

කාන්තා සුන්දරත්වය ගැන කතා කරන විට වැඩි අවධානයක් යොමු වන්නේ මුහුණ දෙසටයි. ඒ නිසාමයි මුහුණෙහි ස්වභාවය පිළිබඳව ඔබ වැඩි සැලකිල්ලක් දැක්විය යුත්තේ.

සමට ඇතිවන ගැටලු අතරින් මුහුණෙහි සම එල්ලා වැටීම බොහෝ දෙනකුට තිබෙන ගැටලුවක්. වයස්ගතවීම හැරුණුකොට හේතු කිහිපයක් මත මේ සම එල්ලා වැටීම සිද්ධ වෙන්න පුළුවන්.

සම වයසට යෑම නොවැළැක්විය හැකි හේතුවක් වුවත් නිසි ලෙස සමට සාත්තු කරනවා නම් වයසට ගියත් සමේ තරුණකම රැකගන්න එක අමාරු නැහැ.

ඊට අමතරව ජානමය හේතු, ජලය පානය කිරීම අඩුකම, නින්ද අඩුකම, පෝෂණ ඌණතා වැනි හේතු මතත් මෙලෙස සම රැලි වැටීමට ලක් වෙන්න පුළුවන්.

වර්තමානය වන විට සම එල්ලා වැටීම පාලනය කර ගැනීමට විවිධ ෆේස් පැක් වර්ග, ආලේපන වර්ග වෙළෙඳපොළෙහි ඕනෑ තරම් දැක ගන්න පුළුවන්. නමුත් මේ බොහෝ ආලේපනයන්ගෙන් ප්‍රතිඵල ලබා ගැනීමට දිගු කාලයක් ගත වන අතරම ප්‍රතිඵලය තාවකාලිකයි.

ඉඬඪද ඥයනඥපබ යනු මෙම ගැටලුවෙන් මිදීමට නිර්මාණය වී ඇති ප්‍රතිඵලදායකම යන්ත්‍රයකි. මෙහි විශේෂත්වය වන්නේ මෙයින් එක් කාර්යයක් නොව කාර්යයන් කිහිපයක්ම කර ගත හැකි වීමයි.

ඒනිසාම මෙය සෑම රූපලාවණ්‍යාගාරයකම දැකිය හැකි උපකරණයක් බවට පත් වෙලා.

කාන්තා පිරිමි භේදයකින් තොරව සුන්දර පෙනුමකට කැමැති ඕනෑම කෙනකුට මේ උපකරණය පාවිච්චි කළ හැකියි.

එහෙත් මෙය ඔබට නිවෙසේදී තනිව භාවිත කළ හැකි උපකරණයක් නොවන නිසා රූපලාවණ්‍ය ශිල්පිනියකගේ සහය පැතීම අවශ්‍යයි.

ඉඬඪද ඥයනඥපබ යන්ත්‍රය පිළිබඳව රූපලාවණ්‍යයට ඇල්මක් දක්වන ඔබට වගේම නවක රූපලාවණ්‍ය ශිල්පීන්ටත් අවබෝධයක් ලබා තිබීම වැදගත් වන්නේ එයින් සිදුවන සේවය නිසයි.

මෙය විදුලිය මඟින් ක්‍රියාත්මක වන උපකරණයකි. එහෙත් එමඟින් සමට කිසිදු හානියක් සිදු නොවේ. මෙයින් සිදුවන ප්‍රධානම කාර්යය ෆේස්ලි ෆ්ටින්ය.

එහිදී සිදු කරනු ලබන්නේ සම එල්ලා වැටීම පාලනය කිරීමයි. ඉඬඪද ඥයනඥපබ උපකරණයෙන් සේවාවක් ලබා දීමට ප්‍රථම ෆේස්ලි ෆ්ටින් ජෙල් මුහුණෙහි ආලේප කිරීම කළ යුතුයි. ඉන්පසුවයි ප්‍රතිකාර ඇරැඹීම කළ යුතු වන්නේ.

 

2019/02/27 තරුණි බලන්න.