ජීවී විශ්ශෝධනයෙන් පැහැපත් සමක්...

පෙබරවාරි 27, 2019

කාන්තාවක් සතු විශේෂතාවක් වන්නේ උපතින් ම ඇය සතු සොඳුරු බවයි. සුසිනිඳු, පැහැපත් සමක් අප කාහටත් උපතින් ම ලැබෙතත් ඇතැම් අය එම ස්වභාව දිගින් දිගටම පවත්වා ගන්නට උත්සුක වෙයි.

ඒ අතර තවත් බොහෝ දෙනකුට වැඩ රාජකාරි නිසා ම තමාට උපතින් ලැබුණු රුව ගැනවත් සැලකිල්ලක් දක්වන්නට නොහැකි වීමෙන් සමේ ඇති පැහැපත් බව, සුසිනිඳු බව නැතිව යනවා.

කාන්තාවකගේ සුන්දරත්වය සඳහා ළප කැළැල්වලින් තොර සමක් තිබීම වැදගත්. මුහුණ මෙන්ම සිරුරේ සම්පූර්ණ සම ම නිරෝගීව, පැහැපත්ව තබා ගැනීම වැදගත්.

සම නිරෝගීව තබා ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවේ. මන්ද කුඩා අවධියේ දී මෙන් නොව වයසින් වැඩෙත්ම අපි කාහටත් සම රළු වීම, ළප කැළැල් ඇති වීම, අව් රශ්මියට සම පිච්චීම, සම අවපැහැ ගැන්වීම, සමේ නොයෙකුත් දිලීර ආසාදන ඇති වීම නොවැළැක්විය හැකියි.

මෙවැනි ආසාදන සඳහා අද වන විට අපේ කාන්තාවන් විසඳුම ලෙස භාවිත කිරීමට පුරුදු වී සිටින්නේ වෙළෙඳපොළේ ඇති සම සුදු වීම සඳහා ක්ෂණිකව ආලේප කළ හැකි ආලේපන වර්ගයි. මේවා රසායනික ද්‍රව්‍ය අඩංගු කෘත්‍රිම ආලේපන නිසා මේවා ආලේප කිරීමට පෙර ඔබ දහස් වරක් සිතිය යුතුය.

එවැනි සම සුසුදු කරනවායැයි පවසන ආලේපන නිසා පසු කාලීනව ඇති වන ප්‍රථිපල ඉතා භයානකය.

ඇතැම් විට පිළිකා, සමේ රෝග, සුව කළ නොහැකි විකෘතිතා පවා ඇති විය හැකි බව වෛද්‍ය මතයයි. එම නිසා රුව ගැන උනන්දු වන ඔබ තමාට සුදුසු දේ තෝරා ගැනීමට කල්පනාකාරී විය යුතුයි.

අතීතයේ කුමාරිකාවන් මෙන්ම සාමාන්‍ය කාන්තාවන් ද අදටත් භාරතීය කාන්තාවන් ද තම රූ සපුව වඩවා ගැනීම සඳහා භාවිතකර ඇත්තේ ගස්වල මල්, කොළ, පොතු, මුල් ආදියෙන් සාදා ගත් ශාකසාර ආලේපනයන් ය.

2019/02/27 තරුණි බලන්න.

උපදෙස්

ආයුර්වේද රූපලාවණ්‍ය විශාරද

අසෝකා පල්ලියගුරු

සැලෝන් බෙල්ලෙස්සා මහනුවර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.