රුව වඩවන හයි-ෆ්‍රීකුවෙන්සි යන්ත්‍රය

මාර්තු 13, 2019

බොහෝ කාන්තාවන්ගේ සිහිනයක් වන්නේ අවට ඇති සමාජය ඉදිරියේ ආකර්ෂණීය චරිතයක් වීමයි. එවැනි ආකර්ෂණීය චරිතයක් වෙන්නට නම් පෙනුම ප්‍රධාන ලෙසම බලපානවා.

නීරෝගි සම්පත උතුම්ම ලාභය වන්නා සේම මනා රූ සම්පත්තියක් යනු විශේෂයෙන්ම කාන්තාවන්ට ආභරණයකි. නමුත් දැන් කාන්තා, පිරිමි භේදයකින් තොරව රුව රැක ගැනීමට රූපලාවණ්‍ය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනවා. සැබැවින්ම එය සතුටට කාරණයක්.

මේ වන විට රුව ඔප් නැංවීමට රූපලාවණ්‍ය උපකරණ රාශියක්ම නිර්මාණය කර තිබෙනවා. ඒ අතරින් හයි-ෆ්‍රීකුවෙන්සි යන්ත්‍රය ඉතාම සුවිශේෂියි. ඒ එමඟින් කාර්යයන් කිහිපයක්ම කරගැනීමට හැකි නිසයි.

 

හයි-ෆ්‍රීකුවෙන්සි යනු

High-frequency  යන්ත්‍රය විද්‍යුතය මඟින් ක්‍රියාත්මකවන උපකරණයකි. රූපලාවණ්‍ය තුළදී පමණක් නොව ඇතැම් රෝග සුවකර ගැනීම සඳහා මෙය වෛද්‍ය විද්‍යාව තුළදී ද නිතරම වාගේ යොදා ගැනෙනවා.

High-frequency  යන්ත්‍රයෙහි කොටස් කිහිපයකි. එක් එක් කොටස මඟින් සිදුකරන කාර්යයන් ද එකිනෙකට වෙනස් වේ. මෙමඟින් මුලිකවම සිදු කරනු ලබන්නේ යන්ත්‍රය මඟින් නිකුත් කරනු ලබන අධි සංඛ්‍යාත තරංග සමට ගමන් කරවීමයි.

යන්ත්‍රයෙන් නිකුත් වන එම රතු සහ නිල් පැහැති ආලෝක කිරණ මඟින් සමට උත්තේජනයක් ඇති කරමින් සමෙහි ගැටලු මඟහරවා දෙයි.

2019/03/13 තරුණි බලන්න.