ලස්සන ජීවිතය නසන ලස්සන කරන ආලේපන

මැයි 8, 2019

සැබෑම රුවැත්තියක් වීමේ සිහිනයක් සෑම ලියකගේම හදමඬලේ ලැගුම් ගනියි. මේ අහිංසක හීනය මතින් සිත් සේ ධන උල්පත් පාදා ගැනීමට වෙළෙඳ ප්‍රජාවක් සූක්ෂම වී හිදිති. ‘රුව වඩනවා’ යැයි නොනිමි වර්ණනා සමඟ රූපලාවණ්‍ය ආලේපන පමණක් නොව ගිලින පෙති වර්ග ද ඔවුහු ඔබේ දෝතට ගෙන එති. මේ අතර පුන්පියයුරු හා පිරිපුන් නිතඹක සිහිනය සැබෑකර දීමට යැයි විශේෂ රූපලාවණ්‍ය ක්‍රීම් වර්ග පිළිබද වෙළෙඳ ප්‍රචාරණ රැල්ලක් ඔබේ දෙනෙත් - දෙසවන් මානයේ දිගහැරෙමින් පවතියි.

සැබැවින්ම රූපලාවණ්‍ය ආලේපනයකට එවන් වික්‍රමයක් කළ හැකිද? අපි වෛද්‍ය මතය විමසීමට විචාරශීලී වීමු.

මේ ලංකා හොස්පිට්ල් හි කාන්තා සුවස්ථා මධ්‍යස්ථානයේ ප්‍රධානී වෛද්‍ය

නිශානි ප්‍රනාන්දු

මහත්මිය ඒ පිළිබඳ කරන විශේෂ පැහැදිලි කිරීමයි.

අපේ සිරුරේ ප්‍රමාණය අවයවවල ප්‍රමාණය තීරණය කරන ප්‍රධානතම සාධකය වන්නේ ජානයි. ඒ අනුව ලියකගේ පියයුරු - නිතඹ කුමන ප්‍රමාණයකින් ඇයට උරුම වනවාද යන්නත් ජාන මඟින් තීරණය වනවා. මේ නිසා පියයුරු නිතඹ වර්ධනය කරන්න බාහිර ආලේපනයකට නොහැකියි.

මේ ආලේපන වර්ග පිළිබඳ වෙළෙඳ ප්‍රචාරණයේදී පැවසෙන්නේ එවැනි හැකියාවක් ඇත්තේ ඒවායෙහි ඊස්ට්‍රජන් හෝමෝනය අඩංගු වන නිසා බවයි.

පිරිමි ලක්ෂණ වැඩි අයකුට ඊස්ට්‍රජන් හෝමෝනය ලබාදීමෙන් ගැහැනු ලක්ෂණ වැඩිකරවිය හැකියි.

එහෙත් එයින් ඔවුන්ගේ පියයුරුවල හෝ නිතඹේ වෙනසක් වන්නේ නැහැ. කාන්තාවන් වීමට උත්සාහ දරන එවැනි පුද්ගලයන් පවා පියයුරු සකසා ගැනීමට සැත්කම්වල පිහිට පතනවා

කොහොම නමුත් ඔබ ඔබේ පියයුරු නිතඹ වර්ධනය කරගැනීමේ අරමුණින් ඊස්ට්‍රජන් හෝමෝනය අඩංගු ආලේපන හෝ පෙතිවර්ග හිතුවක්කාර ලෙස පාවිච්චි කිරීමෙන් අනවශ්‍ය සෞඛ්‍ය ගැටලු රැසකට මැදිවිය හැකියි. සැබැවින්ම මෙහිදී සිදුවන්නේ ඔබේ හෝමෝන සමතුලිතතාව බිඳ වැටීමයි.

ඉන් උකුළ ප්‍රදේශයේ බර වැඩිවීම, අධික ලෙස දහදිය දැමීම, දරුණු හිසරදය, දද කුෂ්ඨ ඇතිවීම, හිසකෙස් යෑම, අනවශ්‍ය රෝම වර්ධනය වැනි සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකියි.

ඇතැම් විටෙක ඊස්ට්‍රජන් සහිත ආලේපන හා පෙතිවර්ග භාවිතයෙන් ඇතිවන හෝමෝන අසමතුලිතවීම නිසා ඔබට පියයුරු පිළිකා කැඳවිය හැකියි.

ඇත්තට මෙලෙස රූපලාවණ්‍ය උපක්‍රම ලෙස ඊස්ට්‍රජන් හෝමෝන සිරුරට එකතු කිරීමෙන් පියයුරුවල සැබෑ වෙනසක් වන්නේ නැහැ. ඇතැම් විටෙක ඉන් පියයුරුවල මේද ස්ථරයේ

යම් වෙනසක් සිදුවිය හැකියි. ඒ මේ ආලේපන ආලේපනය කරන පිළිවෙත නිසා මේද ස්ථරය උත්තේජනය වීමෙනුයි. එහෙත් මේ ආලේපන

2019/05/08 තරුණි බලන්න