40 න් පසු රුව ගැටලු

මැයි 8, 2019

මුහුණේ උපන් ලපය නිසා පීඩාවෙන්

ප්‍රශ්නය

මා 30 හැවිරිදි තරුණියක්. මාගේ මුහුණේ දකුණු පස ඇසට පහළින් විශාල කළු පැහැ ලපයක් ඇත. මෙය උපතේ සිටම පවතින ලපයකි. මුහුණේ කොටසකම මේ ලපය පවතී. මෙම ලපය ඉවත් කිරීමට හෝ මකා දැමීමට ක්‍රමයක් පවතීද?

අම්පාර - මධූෂා

 

පිළිතුර

උපන් ලපයකින් මුහුණට ලැබෙන හැඩකාරකමින් වැඩිපුර සතුටු වෙන්නේ කාන්තා පක්ෂයයි. නමුත් මුහුණ අවලස්සන ලෙස හටගන්නා උපන් ලප ද නැතුවා නොවේ.

උපන් ලපයක් ලෙස හඳුන්වන්නේ උපදින විටම හෝ ඉපදී ටික කලකින් සම මත හටගන්නා ලපයකි. එය කාලයත් සමඟ මැකි යාමට ද ඉඩ තිබේ. ඒ වාගේම ඇතැම් උපන් ලප මරණය දක්වාම ඒ අයුරින්ම පවතී. සමහර උපන් ලපවල ස්වභාවය කාලයත් සමඟ වෙනස් වෙයි. උපන් ලපයක් නිර්මාණය වන්නේ සම යට රුධිර නහර නිසිලෙස නොවැඩීම නිසා හෝ සමෙන් අමතර වර්ණක නිපදවීම නිසයි. මේවා බොහොමයක් වේදනාකාරි නැත. හානිකර ද නැත. නමුත් පෙනුමෙහි පමණක් වෙනසක් ඇති කරයි.

 

මෙම ලපයෙන් ඔබේ රුව අවලස්සන කරනවා නම් ලේසර් ප්‍රතිකර්ම හා ප්ලාස්ටික් සැත්කම් මඟින් ඉවත් කළ හැකියි. එමෙන්ම ෆවුන්ඩේෂන් භාවිතය වැනි රූපලාවණ්‍ය ක්‍රම මඟින් ද ලපය සැඟවිය හැකියි.

 

හිස කෙස් ගැලවී යයි

ප්‍රශ්නය

මා 44 හැවිරිදි දෙදරු පියෙක්. මාගේ හිස් මුදුනේ කෙස් අඩුය. තට්ටය මෙන් රවුමට පෑදී ඇත. මාගේ 20 හැවිරිදි පුතුගේ ද මෙලෙස තට්ටය පෑදෙමින් පවතී. මා මාගේ තරුණ වයස පසු කළ අයකු නිසා මාගේ හිසෙ කස් ගැන එතරම් දුකක් නොමැත. එහෙත් තරුණ වයසේ පසුවන මාගේ පුතුට මෙසේ විම මා හට දුකක් ගෙන දේ. මෙය පරම්පරාවෙන් පරම්පරාවට යන දෙයක්ද? මෙය සුව කළ හැකි ද?

හිසකෙස් සිටවන ප්‍රතිකර්ම ගැන මා අසා ඇත. එහෙත් ස්වාභාවිකවම හිස කෙස් වවා ගැනීමට සුදුසු ක්‍රමයක් තිබේද?

රත්නපුරය - අමිත්

පිළිතුර

 

තරුණ වයසේ පසුවන වැඩි දෙනෙක් තමන්ගේ හිසකෙස් ලස්සනට පවත්වාගෙන යන්න උනන්දු වෙනවා. කෙනෙක්ගේ මුහුණට අලංකාරය වගේම ආකර්ෂණීය බවකුත් එක් කරන්න. හිසකෙස්වලින් ලැබෙන්නේ ලොකු උදව්වක්.

 

නමුත් දැන් තරුණ වයසෙන්ම තට්ටය පැදීම බොහෝ තරුණයන්ට තිබෙන ගැටලුවක්. සාමාන්‍යයෙන් අපි ආරය කියලා හඳුන්වන පාරම්පරික හේතූන් සහ හෝර්මෝනවල වෙනස්කම් හිසකෙස් ආශ්‍රිත ගැටලුවලට ප්‍රධානතම හේතු විදිහට සලකිය හැකියි. මීට අමතරව වෙනත් රෝග සඳහා ලබා ගන්නා ප්‍රතිකාරවල අතුරු ආබාධයක් විදිහටත් හිසකෙස් ආශ්‍රිත ගැටලු හටගන්නවා.

 

මෑත කාලයේ පවතින තවත් ගැටලුවක් තමයි කාර්යබහුල ජීවන රටාව නිසා බොහෝ දෙනා රාත්‍රී කාලයේ නෑමට පුරදු වී සිටීම, ක්ලෝරීන් අධිකව යෙදූ නළ ජලය භාවිතය සහ රාත්‍රියේ සීතල නිසාම උණු වතුරෙන් නාන්නට පෙලඹිම ඒ අතරින් ප්‍රධානයි. අනෙක් අතට දවස පුරාම වායු සමීකරණය කළ, කෘත්‍රිම ආලෝකය පමණක් ඇති ස්ථානවල ඉන්න එකත් හිසකෙස්වලට ඒ තරම් හොඳ නැහැ.

 

නිතරම කෘත්‍රිම ආලේපන භාවිත කිරීමෙන් මේ තත්ත්වය තව තවත් උග්‍ර විය හැකියි. සමබල ආහාර වේලක් ගැනීමත් හිසකෙස් නිරෝගී වීමට හේතුවක් වෙනවා.

 

හිසකෙස් සදහා ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙන සත්කාර කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි.

එඬරු තෙල් සමඟ විටමින් ඡ් කරලක් මිශ්‍ර කර හොඳින් හිසෙහි ආලේප කර සම්භාහනය කරන්න. ඉන් විනාඩි 20 කට පසු ස්නානය කරන්න.

මෙම සත්කාරය සතියකට දෙවරක් කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකියි.

 

හිසකෙස් සිටුවීමට අමතරව තවත් එවැනි නව ක්‍රම රාශියක්ම මේ වන විට සොයාගෙන තිබෙනවා. වෛද්‍යවරයකුගේ උපදෙස් පරිදි එවැනි ක්‍රමයක් වුවද ඔබට ඒ සඳහා තෝරාගන්න පුළුවන්.

 

2019/05/08 තරුණි බලන්න

 

උපදෙස්

ඩුබායි, නෙදර්ලන්තය, මාලදිවයින සහ ටෙක්නික් ඉන්ටර්නැෂනල් ආයතනයේ පුහුණුවලත් නුගේගොඩ නඥපටඥජබ තචඤර ඹචය ඉබභඤඪධ ) ඉචතධද සහ කඩවත ච්ඥඨපඥඥදඵ ඉචතධද හි රූපලාවණ්‍ය ශිල්පිනී

අරෝෂි කෞශල්‍යා