සුදු හිසකෙස්වලට ස්වාභාවික ඩයි

මැයි 15, 2019

කාන්තාවකගේ රූ සපුව වඩාත් ඔප් නැංවෙන්නේ ඇගේ ලස්සන කෙස්කලඹිනි. කෙස් කලඹ ලස්සන වන්නේ නම්, නිරෝගී වන්නේ නම් එයම කාන්තාවගේ ලස්සන දෙගුණ කරවීමට සමත් වේ. මේ නිසාම සෑම කාන්තාවක් ම තම කෙස්කලඹ නිරෝගීව හා සුන්දර අයුරින් තබා ගැනීමට වැඩි උනන්දුවක් දක්වයි.

එහෙත් බොහෝ විට අපි නොසිතන ආකාරයෙන් හිසකෙස් ද විවිධ වූ රෝගාබාධයන්ට ලක් වේ. රෝගාබාධයක් නොවුණ ද හිසකෙස් සුදු පැහැ වීම අද වන විට ගැහැනු පිරිමි බොහෝ දෙනකුගේ රුවට බලපෑම් කරයි. තරුණ පෙනුම නැති කිරීමට සමත් වන මෙම තත්ත්වය කොතරම් සොඳුරු රූ සපුවක් හිමි අයකුට වුවත් බලපාන්නා වූ තත්ත්වයකි.

හේතු..

වයසට යාමේ දී හිසකෙස් සුදු පැහැ වීම ස්වභාවික ය. එය, තරුණ්‍ය අපගෙන් ගිලිහී යන බව දන්වන සංඥාවක් වැනි ය. නමුදු අද බොහෝ විට තරුණ තරුණියන්ගේ පවා හිසකෙස් සුදු පැහැ වෙන බවක් දක්නට ලැබෙයි. එසේ වන්නේ වායුසමීකරණය කරන ලද කාමරවල වැඩි වේලාවක් සිටීම, රසායනික පොහොර යෙදූ ආහාර භාවිතය, රාත්‍රී කාලයේ ස්නානය, රසායනික දෑ හිසකෙස්වල ගැල්වීම ආදී දේ නිසයි. එමෙන්ම ජානමය බලපෑම් නිසාද අකලට හිසකෙස් පැසීම සිදු වේ.

පිළියම්..

මේ සඳහා පිළියමක් ලෙස කාන්තා පිරිමි දෙපක්ෂයම ඩයි වර්ග භාවිත කිරීමට පෙලඹී ඇත. එහෙත් ඩයි භාවිතය සිදු කළ යුත්තේ හොඳ දැනුමක් හා අවධානයක් රඳවා ගනිමිනි.

මෙහිදී ඩයි වර්ගයක් භාවිත කිරීමට පෙර එය තමාගේ හිසට ගැලපෙන්නක් දැයි සොයා බැලිය යුතුය. මේ සඳහා තෝරාගත් ඩයි වර්ගයෙන් සුළු ප්‍රමාණයක් දියකර එය කන පිටුපස හෝ අතේ වැලමිට අසල ආලේපකර පැය 24ක් තැබිය යුතුය. එම කාලයේ දී ඔබට සම රතු වීමක්, බිබිලි දැමීමක්, කැසීමක්, පළු දැමීමක් වැනි යම් අසාත්මිකතාවක් ඇති වේදැයි විමසිලිමත් වන්න. එවැන්නක් සිදු වුවහොත් වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ලබා ගන්න.

 

2019/05/15 තරුණි බලන්න

 

උපදෙස්

ආයුර්වේද රූපලාවණ්‍ය විශාරද

අසෝකා පල්ලියගුරු

සැලෝන් බෙල්ලෙස්සා මහනුවර