වියළි සමට ස්වභාවික සත්කාරයක්..

මැයි 29, 2019

රුව ගැන සැලකිලිමත් වන ඕනෑම කාන්තාවකට වැදගත් ම අංගයක් වන්නේ මුහුණයි. මුහුණ හා එහි නිරෝගී බවත් පැහැපත් බවත් මඟින් රුවැති බව ඉස්මතු වේ.

මේ සඳහා නොයෙකුත් රූපලාවණ්‍ය ක්‍රම, විවිධාකාරයේ ආලේපන වර්ග, සත්කාර වර්ග හා ප්‍රතිකාර බොහොමයක් ඇත.

මේ සඳහා වෙළෙඳපොළේ කොතෙකුත් ආලේපන වර්ග ඇතත් තමාට වඩාත් සුදුසු දෑ තෝරා බේරා ගැනීමට නිසි අවබෝධයක් නොමැති වීම නිසා ඉන් තමාගේ බාහිර රුවට හානි ගෙන දෙන අවස්ථා බොහොමයක් පවතී. එම නිසා තමාගේ දෑතින් ම සකසා ගන්නා ස්වභාවික ආලේපන මඟින් රුව වැඩිකර ගත හැකි නම් එය වඩාත් විශ්වාසදායක ය.

අපි ෆේෂල් එකක් කිරීමේ දී වයස හා සමේ ස්වභාව, සිරුරේ අසාත්මිකතා ආදිය පිළිබඳ අවබෝධයක් තිබිය යුතුම ය. වියළි සමකට සිදු කළ යුතු ෆේෂල් එකක් තෙල් සහිත සමකට නොකළ යුතුය. ඇතැම් අයට උපතින් ම වියළි සමක් උරුම වුවද බොහෝ විට සම වියළි බවක් ඇති වන්නේ වියපත් බවත් සමඟ යි. එමනිසා වියළි හා වියපත් සමකට කළ හැකි ආකාරයේ ෆේෂල් එකක් අද අපි ඔබට ඉදිරිපත් කරන්නෙමු.

පළමුවෙන් ම වෙනිවැල් තම්බා ගත් වතුරෙන් මුහුණ සෝදා ගන්න. වෙනිවැල් යනු විසබීජ නාශකයකි. එමෙන්ම සමේ පැහැපත් බවට ද වෙනිවැල් හේතු වේ.

 

උපදෙස්

ආයුර්වේද රූපලාවණ්‍ය විශාරද

අසෝකා පල්ලියගුරු

සැලෝන් බෙල්ලෙස්සා මහනුවර

 2019/05/29 තරුණි බලන්න