පුංචි ළිඳේ රස වතුරෙන් රුවත් සුවයත් සුරැකෙයි

ජූලි 31, 2019

 

පොල් ගෙඩිය අපට නිරෝගී බව දායාද කරන රස කලසකි. පුංචි ළිඳේ වතුර රසයි කියන්නේ එය අමෘතය හා සමාන රස පානයක් බැවිනි. වෑවර ගෙඩියේ සිටම පොල් ගෙඩියේ ප්‍රයෝජනයට නොගෙන ඉවතට දැමිය හැකි කොටසක් නැති තරම්ය. එහෙත් අප සැබෑවටම පොල් වතුරේ ගුණය හඳුනාගෙන සිටිනවා ද?

පොල් ගෙඩිය බිඳින විට ඉවතට විසිවී යන පොල් වතුරේ ගුණ දන්නවා නම් බිඳුවක් හෝ අපතේ නොහැර රත්තරන් මෙන් සුරකිනවා නිසැකයි.

 

පොල් වතුර කෝප්පයක (මිලිලීටර් 240 ක) කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 9

තන්තු ග්‍රෑම් 3, ප්‍රෝටීන ග්‍රෑම් 2, විටමින් සී දෛනික අවශ්‍යතාවෙන් 10% , මැග්නීසියම් දෛනික අවශ්‍යතාවෙන් 15%, පොටෑසියම් දෛනික අවශ්‍යතාවෙන් 17%, සෝඩියම් දෛනික අවශ්‍යතාවෙන් 11%ක් කැල්සියම් දෛනික අවශ්‍යතාවෙන් 6%ක් අඩංගුයි. මෙතරම් ගුණ පොල් වතුර අපේ රුව රකින්නත් විවිධාකාරයෙන් යොදා ගැනීමට පුළුවන.

 

* දිනපතා උදේට සහ නින්දට පෙර නැවුම් පොල් වතුරෙන් මුහුණ සෝදන්න. බ්ලැක් හෙඩ්ස්, කුරුලෑ, අවපැහැවීම් වළක්වා ගැනීමට පුළුවන. සුව නින්දකට ද මඟපෑදෙයි. කුරුලෑ, පැල්ලම් ආදිය නැති කිරීමට රැයක් පොල්වතුර මුහුණේ තිබෙන්න හරින්න.

 

 

ඉන්දියානු ආයුර්වේද උපදෙස් ඇසුරිනි.

 

සටහන

ද චම්පිකා දීපානි රණසිංහ

2019.07.31 තරුණි බලන්න.....>>