රුව නසන මිථ්‍යා මත

අගෝස්තු 21, 2019

රුව ගැන කතා කිරීමේදී කළ යුතු දේ කුමක්ද නොකළ යුතු දේ කුමක් ද යන්න බොහෝ දෙනකුට ගැටලුවකි. රූපලාවණ්‍ය ගැන ඇති විවිධ මත නිසා මේ ගැටලුව වඩාත් බරපතළ වී ඇත. රූපී බව සුරූපී කර ගැනීමේදී අත්හහල යුතු මිථ්‍යා මත මොනවාද? මේ රුව ගැන පැතිරී ඇති මිථ්‍යා මත කිහිපයකි.

තෙල් සහිත සමට මොයිෂ්චර්රයිසර් අනවශ්‍යයි

මේ මතයෙහි කිසිදු සත්‍යතාවක් නැත. මොයිෂ්චර්රයිසර් වියළි, සාමාන්‍ය, තෙල් සහිත ආදී වශයෙන් වූ සෑම සමකටම පොදුවේ එක ලෙස අවශ්‍යය. එයින් සම ප්‍රාණවත් වෙයි. තාවකාලික ආරක්ෂක පටලයක් ලෙසද ක්‍රියා කරයි. මොයිෂ්චර්රයිසර් භාවිත නොකරන්නන්ගේ සම රැලි වැටී ඉක්මනින් වියපත් පෙනුමක් ලැබෙයි.

දැනටමත් සමේ වියපත් පෙනුමක් ඇත්නම් ඒ පෙනුම මොයිෂ්චර්රයිසර් නොගල්වන විට දෙගුණ තෙගුණ වෙයි. මේ කවරකාලයකටත් වඩා පරිසරයේ විසැති ද්‍රව්‍ය වැඩි කාලයකි. ඒ නිසා ආරක්ෂක පටලයක් ලෙස මොයිෂ්චර්රයිසර් ගල්වා තිබීම ඉතා වැදගත්ය. තෙල් සහිත සමකට වුවත් මේ රැකවරණය ඉතා වැදගත්ය. තෙල් සහිත සමකට ගැල්විය යුත්තේ සරල තෙල් රහිත වර්ගයකි

ස්වාභාවික අත් බේත් අහිතකර නැත.

ස්වාභාවික ඔසු හානිකර රසායනවලින් තොරය. බොහෝ විට සමට හිතකරය. එහෙත් සමහරුන්ට ඇතැම් ස්වාභාවික දේ අසාත්මික වීමට පුළුවන. ස්වාභාවික වුවත්, අසාත්මික නම් භාවිත නොකළ යුතුය.

වැසි දිනවලට සන්ස්ක්‍රීන් අනවශ්‍යයි.

චර්ම රෝග විශේෂඥයන් උපදෙස් දෙන්නේ වසර පුරාම සන්ස්ක්‍රීන් ගල්වන ලෙසය. එහෙත් අහස වැහි වලාකුළුවලින් කළුවර වී ඇති දවසක වුණත් සන්ස්ක්‍රීන් ගැල්වීම අනිවාර්යයෙන්ම කළ යුත්තකි. එවැනි දිනයක පවා හානිකර පාරජම්බුල කිරණ නිකුත් වෙයි. මෝසම් සුළං සමයේ ජලය මූලික කරගත් සන්ස්ක්‍රීන් ගල්වන්න.

ඉන්ඩියා ටුඩේ ඇසුරිනි

 

2019/08/21 තරුණි බලන්න