Stretch Marks වලට විසඳුමක්

සැප්තැම්බර් 18, 2019

ප්‍රශ්නය - 34 හැවිරිදි මවකි. දරු ප්‍රසූතියෙන් පසු මාගේ උදරයේ Stretch Marks හට ගෙන තිබේ. ඒවා ඉවත්කර ගැනීමට කුමක් කළ යුතු ද?

රඹුක්කන - ගංගා

පිළිතුර -

අද බොහෝ කාන්තාවන්ට තිබෙන ගැටලුවක් තමයි දරු ප්‍රසූතියෙන් පසු උදරයේ ඇතිවෙන Stretch Marks නැති කර ගන්නේ කොහොමද කියන එක. මොකද කළලයක් ලෙස කුසයේ වැඩෙන්න පටන්ගන්න දරුවා මාස 09 ක පමණ කාලයක් තුළ ටිකෙන් ටික වර්ධනය වීමත් සමඟ උදරයේ සම ඇදෙන්න පටන් ගන්නවා. එලෙස සම ඇදීමෙන් ඉබපඥබජඩ ර්චපඬඵ ඇති වෙන්න පුළුවන්. මේ Stretch Marks සුදු, රතු සහ දුඹුරු පැහැයෙන් දැකගත හැකියි. නිවෙසේදීම කළ හැකි ස්වාභාවික ප්‍රතිකාරයන් මඟින් ද ඒවා ඉවත් කළ හැකියි.

මේ සඳහා කෝපි සහ කෝමාරිකා භාවිත කරන්නට ද පුළුවන්. කෝපි කුඩු ස්වල්පයකට ලුණු වතුර දමා හොඳින් කලවම් කරන්න. පසුව එයට සූරාගත් කෝමාරිකා මද ස්වල්පයක් එකතු කරන්න. මේ විදිහට සකස් කරගත් මිශ්‍රණය ඉබපඥබජඩ ර්චපඬඵ මත ආලේප කරලා විනාඩි 20 කට පසුව සෝදා ඉවත්කරන්න. හොඳින් වතුර පිසදමා මොයිස්චරයිසර් ක්‍රීම් එකක් ආලේප කරන්න. මේ සත්කාරය දිනපතාම කරන්න.

ඔලිව් ඔයිල් මඟිනුත් ඉබපඥබජඩ ර්චපඬඵ ඉවත් කරගන්න පුළුවන්. ඔලිව් ඔයිල්වල අන්තර්ගත විටමින් ඡ් සමේ සලකුණු මැකී යාමට උපකාරී වෙනවා.

ඒ වගේම ආමන්ඩ් ඔයිල් සහ සීනි ද මේ සදහා යොදා ගන්න පුළුවන්. සිනි සහ ආමන්ඩ් ඔයිල් සහ ලෙමන් යුෂ මිශ්‍ර කර එම ප්‍රදේශයේ ආලේප කරන්න.

බිත්තර සුදු මදයේ පෝෂණ සංඝටක රැසක් අන්තර්ගතයි. විශේෂයෙන්ම සම පැහැපත්ව තියාගන්න බිත්තර සුදු මදයේ තියෙන පෝෂණය උපකාරි වෙනවා. බිත්තර සුදු මදයෙන් ස්වල්පයක් ගෙන උදරය මත ආලේප කරන්න. විනාඩි 30 ක් පමණ සෝදාහරින්න. මේ සත්කාරයන් මඟින් ප්‍රතිඵල ලබාගත හැකියි.

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

මනෝරි ජයවීර

 

2019/09/18 තරුණි බලන්න