පෙනුම ඔබ ගැන කියන කැඩපතයි

නොවැම්බර් 20, 2019

විලාසිතාවට අනුව මේක්-අප් එක කරන්න

ඔබේ ජීවිතය වර්ණවත් කරන්නට අලුතින් පාටකර හැඩකරගන්නට අපෙන් ලබාදෙන අනගි වියමනයි මේ. ආදරණීය ළඳුනි, මොහොතක් නැවතී සිතන්න. තවමත් ඔබ, ඔබේ වටිනාකම හඳුනා නොගත්තේ ද? එහෙත් ඔබ කිසිවකුට වටින්නේ නැති වුණාට ඔබ, ඔබට වටිනවා. මේ ලෝකයට ඔබව වටිනවා.

ඔබට මේ වටිනා ජීවිතය ලැබී තිබෙන්නේ ලෝකයට යම් සේවයක් කිරීමටයි. ඉතින් ඔබ පසුතැවි තැවී නොසිට සිත වෙනස්කර ඔබේ වටිනාකම් හඳුනාගෙන ලස්සන වූවොතින් ඔබව ප්‍රතික්ෂේප කළ අය පුදුම වේවි. ඒ අයම ඔබ සොයා ඒවි. එපමණක් නොව ඔබට අලුත් අවස්ථා බොහොමයක් උදාවේවි. ඒ ලස්සන උදාකර දෙන්නයි අපේ මේ ලිපි පෙළ. එසේ නම් පසුගිය සතියේ නැවතූ තැනින් අපි යළිත් අරඹමු.

උත්සව අවස්ථා

කාර්යාලයට වගේම විවිධ උත්සව පි‍්‍රය සම්භාෂණවලදී කුඩා වොලට්, පර්ස් භාවිත කරන්න. දිලිසෙන වර්ණවත්, ඇඳුම් මෙන්ම පර්ස් එක ද ඒ ආකාරයටම ගෙනියන්නේ නම් එහි පිළිවෙළක් ඇත. සැමවිටම කාර්යාලයට, සාමාන්‍ය ගමනකට අඳිනවාට වඩා වෙනස් ආකාරයට උත්සවවල දී හැඩිවිය යුතුබව සිතට ගන්න. කාර්යාලයට යන ගමන්ම හවසට උත්සව අවස්ථාවක් නම් එම ඇඳුමම සුදුසු වුවත්, සපත්තු දෙකෙන්

 

ආභරණවලින් make-up  එකින් ඔබට වෙනසක් කරගත හැකියි. කොණ්ඩා මෝස්තරය වෙනස්කර ගැනීම ද යෝග්‍යයි. සම්පූර්ණම වෙනසක් ඔබට මින් ලබාගත හැකියි. 'ර්‍ණටටඪජඥ ගිහින් ටක්ගාලා එඥඤඤඪදඨ එකටත් සහභාගී වෙලා එනවා’ කියලා හිතන කාන්තාවන්ට ඒ අදහස් ටික වටිනවා.

පාවහන්

සපත්තු, සෙරෙප්පු ගැන කතා කරනවා නම්, සෑම කාර්යාලයකටම තමන්ගේ වෘත්තීය මට්ටම අනුව පැලඳිය යුතුයි. කාර්යාල පිරිසුදු කරන්නියන් උස සපත්තු නො පලඳියි. හෙද වෘත්තිකයන්ගේ සුදු පාට සපත්තු, ත්‍රිවිධ හමුදාව, පොලීසිය වෙනස්ම සපත්තු, කළු පාට පමණයි මේ ආකාරයට හෝටල් නිලධාරිනියන්ගේ ද ඉදිරි පෙළ (ජ්පධදබ ර්‍ණටටඪජඥ) සිටින නිලධාරිනියන්ගේ නිල ඇඳුම ද, වෘත්තිය මට්ටම අනුව වෙනස් වනු ඇත. එම නිසා ඔවුන්ගේ සම්පූර්ණ පෙනුම ගත් කළ එකිනෙක වෘත්තීය මට්ටම අනුව වෙනස්වනු ඇත.

 

දීප්ති පෙරේරා

රූපලාවණ්‍ය සහ

පෞරුෂ සංවර්ධන උපදේශිකා

 

2019/11/20 තරුණි බලන්න