සීරම් යනු

දෙසැම්බර් 11, 2019

ප්‍රශ්නය

මා 32 හැවිරිදි කාන්තාවක්. මාගේ රුව අලංකාරව පැහැපත්ව තබා ගැනිමට මා විවිධ රූපලාවණ්‍ය සත්කාර සිදු කරමි. සීරම් ගැල්වීම සමට ගුණදායක බව මම අසා ඇත. නමුත් මට සීරම් සත්කාරය පිළිබඳව එතරම් අවබෝධයක් නොමැත. මට දැන ගැනීමට අවශ්‍ය වන්නේ සීරම් ගැනයි. සීරම් එකකින් සිදුවන්නේ කුමක්ද? එය පාවිච්චි කරන ආකාරය පිළිබඳවත් මට දැන ගැනීමට අවශ්‍යයි.

ගොඩගම - සමාරා

 

පිළිතුර

සීරම් එකක් කියන්නේ සම සුරකින ක්‍රියාකාරී ද්‍රව්‍ය සාන්ද්‍රගතකර සකස් කළ සැහැල්ලු ආලේපනයක්. මෙය බරින් අඩු ද්‍රාවණයක්. සම තුළටම කාවැදී ඇතුළට ගමන් කිරීමේ හැකියාවක් සිරම් තුළ පවතිනවා. සීරම්වල තෙල් ස්වභාවයක් නොමැත. එම නිසා තෙල් සහිත සමකට වුවද ඉතා සුදුසුයි.

 

විශේෂයෙන්ම මෙමඟින් සිදුවන්නේ සමේ විකෘති වු හෝ හානි වූ සෛල යථා තත්ත්වයට පත් කිරීමයි.

 

සීරම් එකක් පාවිච්චි කිරීමට වඩාත්ම සුදුසු කාලය උදෑසන සහ රාත්‍රී කාලයයි. සාන්ද්‍රගත ද්‍රව්‍ය අඩංගු සීරම්වල ක්‍රියාකාරිත්වය සහ ප්‍රතිඵල ඉහළයි. සැහැල්ලු නිසා භාවිතය පහසුයි. සීරම් ස්වල්පයක් අත්ලට ගෙන මුහුණේ ආලේපකර අත්ලෙන් මඳක් තට්ටු කරන්න. එවිට සීරම් හොඳින් සමට උරා ගනී.

 

 

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී

ජොනී ගුණසේකර

සැලෝන් මූඩ්ස්

නිට්ටඹුව