සමේ දීප්තිය රකින මොයිස්චරයිසර්

දෙසැම්බර් 18, 2019

දීප්තිමත් සමක් ඔබ අන් අය අතර කැපීපෙනෙන ළඳක් කරයි. නමුදු බොහොමයක් ළඳුන්ගේ මුහුණ ලස්සන වුවද දෑත් සහ දෙපා නම් බොහෝ අවලස්සනය. එයට හේතුව අධික ලෙස වියැළීමට පත් වූ සමයි.

මෙවැනි සමක් නැවත අලුත්වැඩියා කරගැනීමටත් සම එවැනි ගැටලුවලින් ආරක්ෂා කරගැනීමටත් හැකි දෙයක් වේ නම් ඒ මොයිස්චරයිසර් වේ. අද අපේ පැහැදිලි කිරීම ඒ වෙනුවෙනි.

ඔබේ සම වියළීමෙන් ආරක්ෂා කරන ක්‍රීම්, තෙල්, ලෝෂන් ආදී ඕනෑම දෙයක් මොයිස්චරයිසර් ලෙසින් හඳුන්වන්න පුළුවන්. සිරුරෙන් ස්වාභාවිකව නිපදවෙන සෙබම් ස්වභාවිකවම ඔබේ සම සජලීයව හෙවත් තෙත්ව තබා ගනී. එහෙත් සමහරකුගේ සම වියළිය. ස්වාභාවිකව නිපදවන සෙබම් ද අඩුය. එවැනි වියළි සමක් හිමි අයට තම සම තෙත් සහිතව දීප්තිමත්ව තබාගැනීමට මොයිස්චරයිසර් බෙහෙවින්ම උපකාර වේ. අව්ව හා සුළඟ වැනි කාලගුණයේ විවිධ බලපෑම්වලින් ඔබේ මුහුණේ සම ආරක්ෂා කරයි.

මෙම මොයිස්චරයිසර් ක්‍රීම් ලෙස මෙන්ම දියර ලෙස ද ඇත. එමෙන්ම ස්වාභාවික ද්‍රව්‍යවලින් සෑදූ ඒවා මෙන්ම කෘත්‍රිම ද්‍රව්‍ය අඩංගු ඒවා ද මේ නිෂ්පාදන අතර බොහෝය. ඒ නිසා ඔබ සෑම විටම තෝරාගන්නා මොයිස්චරයිසර් වර්ගය ස්වාභාවික එකක් ද යන්න කෙරෙහි අවධානය යොමු කරන්න. එසේ නැතහොත් කෘත්‍රිම ඒවා මඟින් සමට හානි සිදුවිය හැකියි. එහෙත් ස්වාභාවික ද්‍රව්‍ය අඩංගු ඒවා භාවිතයෙන් සම ආරක්ෂා වේ. සමට මෘදු මොළොක් බවක් ලැබේ. ඒ නිසා ඔබ ඔබට ගැළපෙන සුදුසු මොයිස්චරයිසර් වර්ගයක් තෝරාගෙන භාවිත කිරීමෙන් සම රැකගත හැකියි. එය සමේ වියළි බව වළක්වා ගැනීමට උපකාරී වේ. එය සංවේදී සම ආරක්ෂා කරයි, සමේ පෙනුම සහ දීප්තිය වැඩි දියුණු කරයි.

ප්‍රතිඔක්සිකාරක ද්‍රව්‍ය, හිරු ආවරණ ආරක්ෂක ද්‍රව්‍ය සහ වයස්ගත වීම වළක්වන ද්‍රව්‍ය, මෙන්ම සම පෝෂණය කිරීමට උපකාරවන ද්‍රව්‍ය ද මොයිස්චරයිසර්වල අමුද්‍රව්‍ය ලෙසින් අඩංගුකර ඇත. ඒ නිසා සෑම දිනකම ඔබේ මුහුණ මොයිස්චරයිසින් කිරීමෙන් ලැබෙන වාසි බොහෝය. සම පැහැපත් කිරීම, දීප්තිමත් කිරීම, මෘදු, සිනිඳු, රැලි රහිතව තබා ගැනීමට සහ වියළිබව අඩු කිරීම එම ප්‍රතිලාභ අතර ප්‍රධානය.

ඔබේ සම මත මොයිස්චරයිසර් ක්‍රියා කරන ආකාරය

මොයිස්චරයිසර් සමේ සෛලවල ඉහළ තට්ටුව නැවත සජලනය කර ජලයෙන් මුද්‍රා තබයි. වියළි සමට ප්‍රතිකාර කිරීම සඳහා එය හොඳම ක්‍රමයකි.

මොයිස්චරයිසර් මගින් සමේ ස්වාභාවික ප්‍රෝටීන, ජලය සහ ලිපිඩ සමතුලිතතාවය වෙනස් කරයි. ජලය රඳවා තබා ගැනීමට සහ රඳවා ගැනීමට සමට උදව් කිරීම සහ සම හොඳීන් සජලීකරණය කිරීම සිදුකරයි. ඒ නිසා තෙල් සහිත සහ වියළි සම ඇතුළු සියලුම වර්ගවල සම සඳහා මොයිස්චරයිසර් අවශ්‍ය වේ.

ප්‍රවීණ රූපලාවණ්‍ය උපදේශිකා ෂෙරින් ප්‍රනාන්දු ගෙන්

ඔබ ලස්සන කරන්නට අගනා උපදෙස්

2019/12/18 තරුණි බලන්න