අපිළිවෙළ සාධාරණ කරන්න හේතු සොයන්නේ ඇයි?

ජනවාරි 22, 2020

ටිකක් ලස්සනට ඉන්න...

ජීවිතය අලුත් කරගන්න, ලස්සන කරගන්න හිතන ඔබ වෙනුවෙන් අපි බොහෝ දේ කතා කළෙමු. ඒ අතර මානසිකව අපි සංවර්ධනය වෙන ආකාරය, ධනාත්මකව සිතන පතන, ක්‍රියාකරන ආකාර ආදී කරුණු රැසක් විය.

අද අපි අපේ රූපය ලස්සනට තියාගන්න අවශ්‍ය කාරණා කිහිපයක් ගැන කතා කරමු.

අපි මානසිකව වැටෙනකොට අපේ වයසත් වැඩියෙන් පේන්න ගන්නවා. කාලෙක සිට පීඩා විඳිනවා නම් කෙනෙක් දැක්ක ගමන්ම අහන්නේ “මොකෝ අනේ වයසට ගිහින් කියලා”, “හම රැලිවැටිලා ඇදිලා ගිහින්” ඒවගේ දේවල් කතා වෙනවා. මානසික පීඩාවෙන් මිදෙන්න අපි උත්සාහ දරනවා වගේම අපේ ජීවන රටාවත් යහපත් ආකාරයෙන් පවත්වා ගතයුතු වෙනවා නේද?

තරුණ කාලේ සිටම ඔබේ මුහුණේ සුන්දර බව රැක ගත්තොත් හැමදාම තරුණව ඉන්න පුළුවන් වෙනවා.

ඔබ ප්‍රථමයෙන්ම සිතිය යුත්තේ “මම ලස්සනයි තරුණයි” කියලා. “මම කැතයි” , “මොනව කළත් මගේ මූණ ගොඩගන්න බැහැ”, “මගේ ඇඟම කැතයි” මෙවැනි සිතුවිලිවලින් මිදෙන එක ඔබ කළ යුතුම දෙයක්.

 

උපදෙස්

දීප්ති පෙරේරා

රූපලාවණ්‍ය සහ

පෞරුෂ සංවර්ධන උපදේශිකා

 

2020/01/22 තරුණි බලන්න