හැබෑම හැඩකාරියක් වෙන්න තල අහුරක රස බලන්න

මාර්තු 11, 2020

කෙල්ල තල ඇටේ වගෙයි. හම දිලිසෙනවා. හැබෑම හැඩකාරයි.” තල ඇටේ සහ කාන්තාව අතර ඇත්තේ පරම්පරාගත ළබැඳියාවකි. ඇයට තලවලින් ඇති ප්‍රතිලාබ ගැන සලකා බැලුවොත් සැබැවින්ම එය පුදුමයක් නොවෙයි. පොත්ත ඉවත් නොකළ තල මේස හැඳි 3 ක (ග්‍රෑම් 30 ක) තන්තු නැත්නම් කෙඳි ග්‍රෑම් 3.5 ක් අඩංගු වෙයි. එය දෛනික තන්තු අවශ්‍යතාවෙන් සියයට 12 කි. තන්තු ජීර්ණ ක්‍රියාවලිය හොඳින් පවත්වා ගැනීමට අවශ්‍යය. හෘද රෝග, ඇතැම් පිළිකා, වැඩිහිටි වියේ දියවැඩියාව සෑදීමේ අවදානම ද මෙමඟින් අඩු කරයි.

දිනපතා තල ආහාරයට ගැනීමෙන් අහිතකර කොලෙස්ටරෝල් එල්ඩීඑල් මට්ටම අඩු කර ගැනීමට පුළුවන. මේ දෙකම හදවත් රෝග ඇති කරන අවදානම් සාධකය.

ශාකමය ප්‍රෝටීන් නිර්මාංස ආහාර ගන්නා අයට අත්‍යාවශ්‍යය. තල ඇට මේස හැඳි 3 ක ප්‍රෝටීන් ග්‍රෑම් 5 ක් අඩංගු නිසා එවැනි අයට මෙය කදිම ආහාරයකි. ප්‍රෝටීන අපේ මාංස පේශීන්වල සිට හෝර්මෝන නිෂ්පාදනය ඇතුළු බොහෝ වැදගත් කාර්යයන්ට අවශ්‍යයි. හදවත් රෝගවලට සහ ආඝාතයට ප්‍රධාන හේතුවක් වන්නේ අධික රුධිර පීඩනයයි. තල ඇටවල මැග්නීසියම් අධිකව ඇති අතර එමඟින් රුධිර පීඩනය අඩු වෙයි. තලවල අඩංගු විටමින් ඊ හා අනිත් ප්‍රතිඔක්සිකාරකවලට හෘද නාලවල අහිතකර කොලෙස්ටරෝල් බැඳීිම වැළැක්වීමේ හැකියාවක් පවතියි.

 

 

2020/03/11 තරුණි බලන්න