මේ දිනවල වැඩිපුර හිසකෙස් වැටෙන්නේ ඇයි?

ජුනි 10, 2020

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

නීශා මනහාරී

 

ප්‍රශ්නය

මට ඇත්තේ නිරෝගී කෙස් කලඹකි. කොරෝනා වසංගතය නිසා ගෙදර සිටි කාලයේ සිට මාගේ හිස කෙස් හිස කෙස් වැඩි වශයෙන් ගැලවී යයි. හිරු එළියට පවා නිරාවරණය නොවූ මෙවන් කාලයක දී හිස කෙස් වැඩි වශයෙන් ගැලවී යාමට හේතුව කුමක් ද? එයට ප්‍රතිකර්මයක් තිබේ ද?

කෑගල්ල - දර්ශිකා

 

පිළිතුර

නිවෙසට වෙලාම පහුගිය කාලේ ඉන්න වුණු නිසා වගේම හිරු එළියට සහ පරිසර දූෂණයට නිරාවරණය වුණේ නැති නිසා හිසකෙස්වල සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු වෙනවා ඇති කියලා සමහරු හිතනවා.

නමුත් පසුගිය කාලය පුරාවටම හිසකෙස් සම්බන්ධ බොහෝ රූපලාවණ්‍ය ගැටලුවලට මුහුණ දෙන්න බොහෝ අයට සිදුවෙලා. හිසකෙස් සිහින් වීම සහ හිසකෙස් වැඩිපුර ගැලවී යාම ලැයිස්තුවේ ඉහළින්ම තියෙනවා.

සීමිත සම්පත් එක්ක ගෙදර බිත්තිවලට කොටු වීම, කරන්න වැඩ නොමැති වීම සහ පිටත ලෝකයේ පැවතුණු බරපතළ යථාර්ථය පිළිගැනීමට අපහසු වීම දක්වා තිබුණු මානසික ප්‍රශ්න වල ප්‍රතිඵලයක් විදිහට පහුගිය ලොක්ඩවුන් කාලයේ ආතතිය හා කාංසාව ගොඩක් අයට ඇති වුණා.

ආතතිය හිසකෙස් ගැලවෙන්න හේතුවක් වෙනවා. එය හිසකෙස් වලට හානිදායක වෙනවා වගේම ශරීරයේ විවිධ රෝග හට ගන්නත් හේතුවක්. මානසික ආතතිය හා කාංසාව නිසා කෙස් කලඹ දුර්වල මට්ටමකට තල්ලු කරන්න පුළුවන් අතර එමඟින් අලුත් හිසකෙස් නිපදවන්නේත් නෑ. තව දුරටත් හිසකෙස් වැටීමට හේතු වෙනවා පමණයි.

ගෙදරින් පිටතට යාමේ හැකියාවක් නැති නිසා හිසකෙස් සේදීමට පහුගිය කාලේ ලොකු වුවමනාවක් ගොඩක් අයට තිබුණේ නැහැ.

එහි් ප්‍රතිඵලයක් වශයෙන් නිරෝධායන ඇඳිරිනීති කාලය තුළදී හිසකෙස් සේදීමට ප්‍රමාද වීම පවා සාමාන්‍ය දෙයක් වුණා. ඒ නිසාම ගොඩක් අයගේ හිසකෙසවල සෞඛ්‍යය තත්ත්වය සැලකිය යුතු ලෙස පිරිහීමට ලක් වෙලා තියෙනවා.

දහඩිය හා ආර්ද්‍රතාවය මෙම හිසකෙස් ගැටලුවලට තවදුරටත් එකතු වෙන නිසා හිස කෙස් වැටීමට තවත් හේතුවක් වන හිසරදය හැදෙන්න පටන් ගන්නවා.

 

2020/06/08 තරුණි බලන්න.