ලස්සන කෙස් කලඹ ඔබ සුන්දර කරයි

පෙබරවාරි 12, 2020

අලුතින් සිතන්න අද තවත් අලුත් මාවතකට පිවිසෙනවා. ඒ ඔබේ ලස්සන වෙනුවෙන්මයි.

අපි මොනතරම් බුද්ධිමත්, උගත් පොහොසත් වුණත් වැඩක් නැහැ.

අපේ පෞද්ගලික ස්වස්ථතාව බිංදුව නම්. මොකක්ද මේ පෞද්ගලික ස්වස්ථතාව කියන්නේ, ර්‍ථඥපඵධදචත ඩ්රඨඪඥදඥ කිව්වාම නම් ටිකක් තේරෙනවා. සරලවම කියනවා නම් අපේ ශරීරය පිරිසුදුව තබාගැනීම සහ අපි පෞද්ගලිකව පරිහරණය කරන දේවල් පිළිවෙළකට පිරිසුදුව තබාගැනීමයි.

හිසේ සිට දෙපතුළ දක්වාම අපි පිරිසුදු විය යුතුයි. උඩින් අඳින ඇඳුම පිරිසුදුව සුවඳට ඇඳගෙන යනවා වගේම යටට අඳින ඇඳුම් පිරිසුදු විය යුතුයි. පිරිසුදු ඇඳුම් අඳිනවා වාගේම අපේ ශරීරයත්, හිසත් පිරිසුදු කරගත යුතුයි.

ඒ නිසා අද අපි හිසේ පිරිසුදුකම ගැන කතා කරමු.

රැකියාවක් කළත් නොකළත් ගැහැනු පිරිමි බේදයකින් තොරව අපි අපේ හිසේ පිරිසුදුකම ගැන සැලකිලිමත් විය යුතුයි. තමන්ගේ හිස හොඳින් සේදිය යුතුයි. දිනපතාම නාන්න පුළුවන් නම් එය ඉතාම වටිනා දෙයක්. නමුත් බොහෝ වෘත්තීන්වල යෙදෙන අයට දිනපතා නෑම අපහසුයි. සුමානයක් යනකම් නාගන්න බැරිවෙනවා.

දවස් තුන හතර නොනා ඉන්න කොට මොනතරම් අමාරුද කියලා ඔබට දැනිලා ඇති. නමුත් තමන් කැමැති රැකියාව කරද්දි යම් යම් කැපවීම් කිරීමට සිදුවීම අපිට වළක්වාගන්න අමාරුයි. එහෙත් පිරිසුදු වීමත් අතිශය වැදගත් බවත් ඔබ සිහිතබාගත යුතුයි.

2020/02/12 තරුණි බලන්න

 

උපදෙස්

දීප්ති පෙරේරා

රූපලාවණ්‍ය සහ

පෞරුෂ සංවර්ධන උපදේශිකා