ස්ට්‍රෙච් මාර්ක්වලට විසඳුමක් නැති ද?.

ජූලි 22, 2020

ප්‍රශ්නය

මම 31 හැවිරිදි මවක්මි. දරුවා ලැබුණු පසු මාගේ උදරයේ පහළ ප්‍රදේශයේ ස්ට්‍රෙච් මාර්ක් හට ගෙන ඇත. කකුල්වල ද ඒ තත්ත්වයම පවතී. මේ සඳහා විවිධ ආලේපන භාවිත කළත් තවම ප්‍රතිඵලයක් නොමැත. ස්ට්‍රෙච් මාර්ක් ඉවත්කර ගැනීමට කළ යුතු වන්නේ කුමක් ද?

මොරටුව - දුලංජලී

පිළිතුර

විශේෂයෙන් ම දරු ප්‍රසූතියෙන් පසුව, එසේත් නැත්නම් තරබාරු වී හිඳ පසුව සිරුර සිහින් වූ විට, සමෙහි සිදු වූ ඇදීම් නිසා ඇතිවන ස්ට්‍රෙච් මාර්ක් සුන්දරත්වයට ඇත්තට ම බාධාවක්.

වෙළඳපොළට නොයෙකුත් වෙළඳ නාමවලින් බොහෝ ආලේපන වර්ග මේ සඳහා ඔබට හමුවෙලා ඇති. ඇතැම් ආලේපන වර්ග ඔබ මේ වනවිටත් අත්හදා බලලත් ඇති. ඒ කොහොම වුණත් කෘත්‍රිම ආලේපනවලට වඩා ස්වභාවික පරිසරයෙන් ඔබ හඳුනාගන්නා සමහර ඖෂධීය ගුණ සපිරි ද්‍රව්‍ය ඔබේ සමේ මතුවන ලප, කැළැල් ඉවත්කර දීප්තිමත් සහ නිරෝගී පෙනුමක් ලබාදෙන්නට සමත් වේවි.

සම අවපැහැගන්වන ස්ට්‍රේච් මාර්ක් නැතිකරගන්න, සමේ වියළි බව නැති කරගන්න, සම රැලි වැටීම පාලනය කරගන්න, පැහැපත්බව, පිරිසුදුබව වගේම සිනිඳුබව ආරක්ෂා කරගන්න ඔබට ඉතා පහසුවෙන් භාවිත කළ හැකි පිළියම් බොහොමයක් තිබෙනවා.

දෙහි යුෂ ස්ට්‍රෙච් මාර්ක්ස් නැතිකරන්නට යොදාගත හැකි පහසු සත්කාරයක්. එහි ඇති ස්වභාවික ඇසිඩ් ගතිය තුළ මෘදු බ්ලීචිංකාරකයක් අන්තර්ගතයි. ස්ට්‍රෙච් මාර්ක්ස් මත දෙහි ලෙලි කැබැල්ලක් අතුල්ලා මිනිත්තු 10කින් පමණ සෝදාහරින්න.

 

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

නීශා මනහාරී

 

2020/07/22 තරුණි පුවත්පත බලන්න.