සුන්දර දෑසකට අයි මේක්-අප්

අගෝස්තු 12, 2020

අපි මේක්-අප් එකක් කරන්නේ ලස්සන වෙන්නයි. ඒ නිසා මේක්-අප් එකක් කරන විට eye makeup  එකෙන් ආරම්භ කළ යුතුයි. එවිට අපට සමබර මේක්-අප් එකක් මුහුණට දමා ගැනීමට පුළුවන්.

eye makeup එකක් කියන්නේ ඇහිබම සහ ඇස වටා ආලේප කරන රූපලාවණ්‍ය ක්‍රමය බවත් ඔබ දැන සිටිය යුතුයි. කාන්තාවන්ගේ ඇස් කැපී පෙනීමටත් වඩාත් ආකර්ෂණීය පෙනුමක් ලබා දීමටත් eye makeup භාවිත කළ හැකියි.

කොහොමද අයි මේක්-අප් එකක් කරන්න පටන් ගන්නේ හොඳ ක්ලෙන්සර් එකක් හෝ ෆේස් වොෂ් එකක් භාවිතකර මුහුණ හොඳීන් සෝදා ඇස් අවට ද හොඳින් සෝදා පිරිසුදු කරගන්න. දැන් හොඳීන් තෙත මාත්තු කර මුහුණ වියළා ගන්න. ඇස් වටා පිරිසුදු කළ පසු  primer  එක භාවිතකර ඇස් වටා ආලේප කරගන්න. මේක්-අප් කිරීමට කලින් මේක්-අප් එක ලස්සනට වැඩි වෙලාවක් රඳවා ගැනීමට  face primer භාවිත කරයි. ඉන්පසු dark circles  එනම් ඇස් වටා කළු වී අවපැහැ ගැන්වී ඇත්නම් concealer  එකක් භාවිත කළ හැකියි. අඳුරු පැහැ ස්ථානවල concealer  එකේ බිංදු කීපයක් තවරා වෙදැඟිල්ල භාවිතකර හෙමින් තට්ටු කරමින් cover කරගන්න. එහෙම නැත්නම්  concealer brush  භාවිතකර අඳුරු පැහැ ගතිය ආවරණය කරගන්න පුළුවන්.

ඉන්පසු බේස් එක සඳහා එනම් අපට අවශ්‍ය  colour එක කෙළින්ම ආලේප කරන්න කලින් පොදුවේ සමට ගැළපෙන ළා හෝ මධ්‍යස්ථ වර්ණයක් ඇස් වටා ආලේප කළ යුතුයි. Highlight shades ඊළඟට කළ යුතුයි. eye brow bone  එකේ එනම් ඇස් පිල්ලම සහ ඇහි බැම අතර හිඩැස මත පෙනුම වර්ධනය කර පෙන්වීමට අවශ්‍ය නම් ඔබගේ සමට, ඇඳුමට, ඔබ යන ස්ථානය අනුව ඊට අවශ්‍ය වර්ණ තෝරා ගන්න. ළා පාට පුළුවන් තරම් හයිලයිට් සඳහා යොදා ගනු ලබනවා. දිලිසෙන ග්ලිටර් වර්ණ ද හයිලයිට් කිරීමට යොදා ගනු ලබනවා. ඔබ අඳුරු සමක් ඇති කෙනෙක් නම් ළා brown හෝ shimmery champagne ගැළපෙනවා.

ඇසේ කෙළවර outer corner එක මත තද පාට නිතර ආලේප කරනු ලබනවා. ඇසේ කෙළවර ඍ හැඩැති ආකාරයට තද වර්ණයක් ආලේප කර ගන්න. කෙළවර සිට මැදට හොඳීන් බ්ලෙන්ඩ් කර ගන්න. eye shadow භාවිත කරනකොට කළ යුතුම දේ තමයි හොඳ පිරිසුදු පින්සලක් මඟින් අපි ගාන වර්ණ හොඳීන් මිශ්‍ර කිරීම. අතේ ඇඟිල්ලක් මඟින් ද අයි ෂැඩෝ ආලේප කළ හැකියි. ඇසේ කෙළවරට හැමවිටම තද වර්ණ ආලේප කළ යුතුයි.

 

 

උපදෙස්

දීප්ති පෙරේරා

රූපලාවණ්‍ය සහ පෞරුෂ සංවර්ධන උපදේශිකා

 

2020/08/12 තරුණි පුවත්පත බලන්න