සුන්දර නිය පෙළක රහස් සොයා යමු

නියපොතු පිරිසුදු නම් ඔබත් පිරිසුදුයි
අගෝස්තු 26, 2020

සුන්දර නිය පෙළක් කාන්තාවකට ආභරණයක්. විශේෂයෙන්ම අප කෙනකුගේ පිරිසුදුබව බාහිරින් මනින්නේත් නිය පෙළිනි. නිය පොතු ලස්සනට තියාගෙන ඉන්න කෙනෙක් අල්ලන දෙයක් ගන්න අප කිසිවිටෙකත් පැකිළෙන්නේ නැහැ. ඒත් කුණු පිරුණු අවලසස්න නිය පෙළ ඔබව හැමටම එපා කරවයි.

විශේෂයෙන්ම දෑත් දෙපාවල නියපොතු ඉතා ලස්සනට, පිරිසුදුව, පිළිවෙළකට තබා ගෙන සිටින්නේ නම් එය ඇගේ පෞරුෂත්වයට ඉතා වැදගත් වෙනවා. එසේ නොවෙන හැම විටකදීම අපිට සිද්ධ වෙන්නේ දෑත්වල ඇඟිලි නමා ගෙන හංගාගෙන සිටින්නයි. පිරිසක් ඉදිරියේ දී එවැනි අය අනන්තවත් ඔබ වුවත් දැක ඇති. එනිසා ඔබේ නියපොතු ටික දිහා හොඳීන් බලන්න. දෑත්වල නියපොතු දෙපාවල නියපොතු අවපැහැ ගැන්වී ඇත්නම් ඒවා කැඩී ආසාදනවලට ලක්වී ඇත්නම් ඒ සඳහා ප්‍රතිකාර ගත යුතුයි. වෛද්‍ය ප්‍රතිකාර ගත යුතු අවස්ථා ද තියෙනවා. විසබීජවලින් නියපොතු කළු වීම, කැඩී යාම, දිලීර ආසාදන, දිරාපත්වීම, ශක්තිමත් නොවීම, කහ වීම සහ දුර්වර්ණ වීම ආදිය සඳහා ප්‍රතිකාර ගත යුතුයි. ඊට අමතරව නිය ආලේපන භාවිතයෙන් නියපොතු කහ වීම , දුර්වර්ණ වීම සිදු වෙනවා. නිය ආලේපන ගැල්වීම පිළිවෙළකට සිදු නොකිරීම නිසා සහ වෙළෙඳපොළේ ඇති බාල ද්‍රව්‍ය භාවිත කිරීමෙන් ද නියපොතුවල මේ අසාත්මිකතා ඇති විය හැකියි. එවැනි අවලස්සන නියපොතු තිබීම කාන්තාවකට සුදුසු නැත. ඒ නිසා අපි අපේ ශරීරයේ සියලු අංග කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වනවා වගේම. නියපොතු ඉතා අලංකාරව පිළිවෙළකට කපා පිරිසුදුව තබා ගැනීම ගැන සැලකිලිමත් වීම අතිශය වැදගත්.

නියපොත්ත හැදිලා ඇති විදිහ බලමු.

නියපොත්ත සමේම එක්තරා කොටසකින් සෑදී ඇත. එහෙත් නියපොත්ත හා සම අතර පැහැදිලි වෙනසක් දක්නට ලැබේ. නියපොත්ත ඝනකමින් හා ශක්තිමත් බවින් හා වර්ණයකින් යුක්ත ය නියපොතුවලත් සමෙත් රසායනික සංයුතිය සමාන වන නමුත් ස්නායු හෝ ග්‍රන්ථි නොපවතී. හිසකෙස් මෙන් නියපොතු ද කෙරටින් දහනය වීමෙන් සෑදී ඇත. නියපොතුවල ජලය ප්‍රතිශතය සාමාන්‍යයෙන් 7%-12% පමණ වේ. ටපඥඥ ඥඤඨඥ හැර වටේට, දචඪත ඹචතත පිහිටා ඇත.

උපදෙස්- දීප්ති පෙරේරා

රූපලාවණ්‍ය සහ පෞරුෂ සංවර්ධන උපදේශිකා

2020/08/26 තරුණි පුවත්පත බලන්න