නිය ලස්සන කරන්න අවශ්‍ය උපකරණ

සැප්තැම්බර් 30, 2020

 

දෑතේ සහ දෙපයේ පිරිසුදුබවත් ලස්සනත් කාන්තාවක සතුවිය යුතුම දෙයක්. ඒ නිසා ම අපි පසුගිය සති කිහිපය පුරා ඒ පිළිබඳව ඔබ දැනුවත් කළෙමු. අද එහි අවසන් පියවරයි මේ ගෙන එන්නේ.

මෙලෙස නිය පිරිසුදු කරන්නත් පිළිවෙළට සකසන්නත් භාවිත කරන විවිධ උපකරණ ද එහි දී ඔබේ අවධානයට යොමු කළෙමු. අද අපි ඒ උපකරණ පිළිබඳ සැකවින් දැනුවත් වෙමු. එය නිය අලංකරණය කරන රූපලාවණ්‍ය ශිල්පිනියන් ට මෙන්ම ඔබට ද එකසේ වැදගත් වේවි. රූපලාවණ්‍යාගාරවල විවිධ පුද්ගලයන් සඳහා මේ උපකරණ භාවිත කරන නිසා ඒවා ඉතා පිරිසුදු තත්ත්වයෙන් නිතරම තබා ගැනීමට අවශ්‍යයි. සමහර අවස්ථාවල දී නියපොතු කැපීමේ දී සම කැපීමට ලක්වූවොත් ඒ උපකරණ මත එම පුද්ගලයාගේ රුධිරය තැවරීමට ඉඩ ඇත. විවිධ ලෙඩ රෝග ඇති පුද්ගලයන් ඒ අතර සිටිය හැකි නිසා එම උපකරණ නිසියාකාරව තම්බා ජීවානුහරණයකර පිරිසුදු කරගත යුතුයි.

ඔබ විසින් ඔබේ පෞද්ගලික ආරක්ෂාව සහ සුඛ විහරණය සඳහා මෙවැනි උපකරණ කට්ටලයක් ළඟ තබා ගැනීම වටිනවා. මෙම උපකරණ වෙළෙඳපොළේ දී විවිධ මිල ගණන්වලට ලබාගත හැකියි. නමුත් නියම ප්‍රමිතියෙන් යුතු උපකරණ කට්ටලයක් ඔබ සඳහාම මිල දී ගන්නේ නම් ඉතා වටිනවා.

අවශ්‍ය උපකරණ

අපි බලමු මොනවද අපට අවශ්‍ය උපකරණ කියලා.

1. nail remover- නියපොතුවල වර්ණ ගන්වා ඇත්නම් ප්‍රථමයෙන්ම ඒවා ඉවත් කිරීම සඳහා nail remover  එකක් මිලදී ගන්න.

2. නියපොතු පිරිසුදු කිරීම සඳහා nail brush  එකක් අවශ්‍යයි. මේ සඳහා ගොඩක් වෙලාවට අපේ ගෘහණියන් දත් බුරුසු භාවිත කරනවා. හැකිනම් වෙළෙඳපොළේ ඇති nail brush  එකක් මිල දී ගැනීම වඩා යෝග්‍යයි.

 

උපදෙස්

දීප්ති පෙරේරා

රූපලාවණ්‍ය සහ පෞරුෂ සංවර්ධන උපදේශිකා

 

2020/09/30 තරුණි පුවපත බලන්න