මුහුණ තරම් දෑත්, දෙපා පැහැපත් නැත්තේ ඇයි?

නොවැම්බර් 25, 2020

ප්‍රශ්නය

මාගේ මුහුණ ඉතා පැහැපත් ය. එහෙත් දෑත්, දෙපා අඳුරු පැහැයක් ගනී. එසේ වන්නේ ඇයි? දෑත්, දෙපා වලටත් මුහුණේ පැහැයම ලබා ගත හැකි ද?

මත්තේගොඩ- සුමාලි

පිළිතුර

ගොඩක් දෙනෙක්ගේ මුහුණේ තියෙන පැහැපත් බව අත් වල සහ කකුල් වල නැහැ. මුහුණේ සහ අත් කකුල් වල පැහැය දෙආකාරයි. ගොඩක් අයගේ මුහුණ සුදුයි. ඒත් අත් ,කකුල් අවපැහැගැන්විලා. ඊට එක් හේතුවක් වන්නේ මුහුණට දක්වන සැලකිල්ල අත් කකුල් වලට නොදැක්වීම.

මුහුණේ සුන්දරත්වය ගැන සැලකිලිමත් වන විට අත් කකුල් වලටත් ඒ සැලකිල්ල දක්වන්න. අත් කකුල් නිතර පිරිසුදුව තබා ගන්න.

අනෙක් හේතුව අධික හිරු එළියට කෙලින්ම ශරීරය නිරාවරණය වීම. ඔබ නිතරම වගේ දැඩි හිරු රශ්මියට හසු වෙනවා නම් මේ වගේ තත්ත්වයක් ඇති වෙන එක හරිම සාමාන්‍යයි. ඒ නිසා නිතරම හිරු එළියට නිරාවරණය වෙන ඔබ එයින් ඔයාගේ සම ආරක්ෂා කර ගන්න සුදුසු ක්‍රමයක් අනුගමනය කර ගන්න එක අනිවාර්යයි. එසේ නැති නම් අහිතකර හිරු කිරණ සමට ඉතා දැඩි ලෙස හානි කරනවා. සම අවපැහැ වෙන්න විතරක් නෙවෙයි සම මත පැල්ලම් ඇති කරන්න, සම පිළිස්සීමට ලක් වෙන්න සහ භයානක පිළිකා තත්ත්වයන් ඇති වෙන්නත් මේ දැඩි හිරු එළිය හේතුවක්.

මේ ප්‍රශ්නයෙන් ගැලවෙන්න අහිතකර හිරු කිරණ වලින් ඔයාගේ සම සුරකින ක්‍රීම් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. එළිමහනට යන්නට පැය භාගයකට කලින් ඵභද ජපඥචථ අලේප කරන්න. ඒ වගේම තත්වයෙන් උසස් අලේපනයක් තෝර ගන්න එකත් ඉතා වැදගත්.

අඳුරු වූ සමක් පැහැපත් කර ගැනීමට ස්වභාවික ක්‍රම අනුගමනය කරන්න පුළුවන් නම් කෘත්‍රිම ආලේපන ගල්වනවාට වඩා ඉතාමත් හොඳයි.

වේලා ගත් දොඩම් ලෙලි කුඩූ කර දෙහි යුෂ, අත් කහ, යෝගටි, මි පැණි බිංදු කීපයක් යොදා පැක් එකක් සාදාගන්න. මුහුණ සහ අත් පා හොඳීන් පිරිසිදු කර පැක් එක ආලේප කරන්න. විනාඩි 20ක් පමණ තිබෙන්නට හැර පිරිසුදු වතුරින් සෝදා හරින්න.

එහම නැත්තන් තවත් පැක් එකක් විදියට කැකුළු හාල් පිටි, කිරි සමග මිශ්‍ර කිරීමෙන් ද භාවිතා කරන්න පුළුවන්.

ස්වභාවික ආලේපන වලට අමතරව විවිධ කෘත්‍රිම නිෂ්පාදන ඕන තරම් වෙළඳපොළෙන් මිලදී ගන්න පුළුවන්. එත් එම ආලේපන නිතර භාවිතා කිරීම කොහෙත්ම සුදුසු නැහැ.

ඒවායේ ඇති කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය නිසා විවිධ අසාත්මිකතා සහ අහිතකර බලපෑම් ඇති කරන්න හේතු වෙනවා.

ඒ නිසා එවැනි ආලේපන වර්ග මසකට එක් වරක් පමණ භාවිත කිරීම ප්‍රමාණවත්. ඒ වගේම සම මතුපිට සීරිම් තුවාල ආදිය තියෙනවා නම් එම ස්ථානවල බ්ලීචින් ක්‍රීම් ආලේප කරන්න එපා.

 

 

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී

සමන්ත ගුණසේකර