කොරෝනාවේ අභිරහස...

අප්‍රේල් 15, 2020

කොරෝනා වෛරසය ගැන ඩීන් කූන්ස් ලියූ විද්‍යා ප්‍රබන්ධය සැබෑ වෙයි.

ලොව හමුවේ මේ නිර්මාණ ඉතිරි කරන්නේ විසල් ප්‍රශ්නාර්ථයකි. මේ නිර්මාණ නිසා යමකුට මෙවැනි වෛරසයක් නිර්මාණය කිරීමට සිතුණේ ද? නැතිනම් යමෙක් මෙවැනි වෛරසයක් කලින් ම නිර්මාණය කොට තිබුණා ද?

මේ වන විට ලොව ම භීතියට පත් කරමින් වෛරසයක් තම අණසක ලොවපුරා පතුරවමින් සිටී. මේ වෛරසය නිසා තම ආදරණීයයන් දෑස් අබියස ම අහිමිවනු දැක දැක අසරණව භීතියෙන් බලා සිටින්නට කාටත් සිදුව ඇත. කොරෝනා වෛරසය ශරීරගත වූ රෝගියකු පළමුව සොයා ගැනුණේ චීනයේ වූහාන් නගරයෙනි.

නගරය ම සුසානභූමියක් තරමට ම මරණයේ භීතියෙන් වෙලී ගිය අතර ඉන්පසු එය ලොව පුරා ම පැතිරිණි. දැන් ලොවම මේ වෛරසයට බියෙන් නිවාස අඩස්සියේ ය. මෙය කෙසේ පැතිරුණක් දැයි බොහෝ අය විමසන්නටත්, සොයන්නටත් විය. එහෙත් එයට මේ වන විටත් සොයා ගැනීමට නොහැකි වී ඇත. මේ පිළිබඳ විවිධ අය විවිධ අදහස් පළ කරති.

බොහෝ අය පවසන්නේ චීනයේ පවතින ආහාර රටාව මේ සඳහා හේතු වුණ බවයි. මෙම ආහාර රටාව ඔවුන් ආරම්භ කළේ අද ඊයේක සිට නොවේ. එසේ නම් හිටි හැටියේ ම එය ඔවුන්ට විස වූයේ ඇයි?

චීනය බොහෝ කඩිසර මිනිසුන්, දක්ෂ මිනිසුන් ඇති, ලෝකයේ වැඩිම ශ්‍රම බලකායක් ඇති රටයි. භූමි ප්‍රමාණය අතින්ද විශාල රටක් වූ චීනයේ නව නිපැයුම් බොහොමයකි. කාර්මික අතින් බලවත් ඔවුන් ආර්ථික අතින් ද බලවත් රාජ්‍යයන් අතරට එක් විය. ලෝකයේ ඇතැම් රටවල් චීනය දෙස බැලුවේ වපර ඇසිනි. විශේෂයෙන් ම බලවත් බටහිර රටවල්වලට චීනය පෙනුණේ දඩබ්බරයකු ලෙසිනි.

කෙසේ වෙතත් පොත් කියවන්නන් අතර මේ සිද්ධියට සමාන සිද්ධි සමුදායක් ඇති පොතක් ගැන කුකුසක් පහළ විය. එම පොත වන්නේ අමෙරිකානු ජාතික කතුවරයකු වන ඩීන් කූන්ස් විසින් රචිත 'ඊඩඥ ඡ්රඥඵ ධට ච්චපඬදඥඵඵ' ය.

 

මෙය විද්‍යා ප්‍රබන්ධය ලියා ඇත්තේ 1981 වසරේ දී ය.

මෙහි තම පුතුගේ අභිරහස් මරණය සොයා යන මවකගේ කතාවක් ගැන කියැවෙතත් අද වන විට ඇති වී ඇති මේ වෛරස් තත්ත්වය ගැන ද පොතේ පරිච්ඡේද කිහිපයක කියැවේ. 'ලොව භයානකම ජීව විද්‍යාත්මක අවිය පිළිබඳ වාර්තාවක් රැගෙන අමෙරිකාවට පලා එන චීන ජාතික විද්‍යාඥවරියකි. ඇය රැගෙන එන මේ ජීව විද්‍යාත්මක අවිය නම්කොට ඇත්තේ 'වූහාන් - 400' ලෙසිනි. එහෙත් මෙය නිපදවා ඇත්තේ වූහාන්වලින් පිටත වූ විද්‍යාගාරයක ය. '

එමෙන්ම මෙම වෛරසයේ ස්වභාවය පිළිබඳ ද මෙහි විස්තර කොට ඇත. එසේම මෙම වෛරසය හේතුවෙන් නිව්මෝනියා රෝගී ලක්ෂණ පෙන්නුම් කරන රෝගයක් 2020 වසරේ දී ලොව පුරා ව්‍යාප්ත වන බවත් මෙම පොතේ සඳහන් වේ. මෙම ජීව අවිය මඟින් යම් රටක හෝ නගරයක වැසියන් සම්පූර්ණයෙන් ම වුවද තුරන් කළ හැකි බවත් මෙම පොතේ සඳහන් වේ.

මෙම විද්‍යා ප්‍රබන්ධය කියැවූවකුට අප ටික කලකට පෙර රූපවාහිනියෙන් නැරඹූ 'ඊඩඥ ඔ ටඪතඥඵ' නම් ජනපි‍්‍රය අභිරහස් ටෙලි කතා මාලාව මතකයට නැගීම වැළැක්විය නොහැකිය.

එමෙන්ම මේ වන විට 'ඛ්ධදබචඨඪධද' නම් චිත්‍රපටය ද චිත්‍රපට ලෝලීන් නොවන අය පවා සොයමින් නරඹන නිර්මාණයක් වී ඇත. එහි ඇත්තේ ද කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගයක් නිසා රෝගීන් මියයන ආකාරය හා එම රෝගය ලෝකය පුරා ව්‍යාප්ත වන ආකාරයයි.

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තියත් සමඟම මේ වන විට ලොව පුරා අන්තර්ජාලය ඔස්සේ වැඩියෙන් ම නැරඹූ චිත්‍රපටය වී ඇත්තේ ද මෙයයි.

ලොව හමුවේ මේ නිර්මාණ ඉතිරි කරන්නේ විසල් ප්‍රශ්නාර්ථයකි. මේ නිර්මාණ නිසා යමකුට මෙවැනි වෛරසයක් නිර්මාණය කිරීමට සිතුණේ ද? නැතිනම් යමෙක් මෙවැනි වෛරසයක් කලින් ම නිර්මාණය කොට තිබුණා ද? එසේ නම් මේ වෛරසය මැඬපවත්වන ඖෂධය ද එවැන්නන් සතුව නොමැති වීමට හේතුවක් නොමැත. මන්ද යම් විසක්, වෛරසයක් නිපදවන්නේ එය මැඬීමට අවශ්‍ය ඖෂධය සමඟින් වීමයි.

මෙය ලොවට ම ගැටලුවකි. ඇතැම් විට එලඹෙන හෙට දිනයේ මෙයට පිළිතුරක් ලැබෙන්නට ද පිළිවන.