කොරෝනා වලට අනවශ්‍ය ලෙස බියවිය යුතු නැත

මැයි 27, 2020

බොහෝ දෙනෙක් මේ ගත කරන්නේ මෙතෙක් ගත කළ කාලයට වඩා වෙනස් වූ කාල පරිච්ඡේදයක්. එය මුළු ලොවටම පොදු දෙයක් වුවත් බොහෝ පුද්ගලයන් ඉන් මානසිකව හෙම්බත් වී ඇති බවක් දකින්නට ලැබෙනවා.

දැන් අප ගෙවන්නේ අවිනිශ්චිත කාලයක් බව බොහෝ දෙනෙක් සිතුවද අපි මෙයට පෙර නිශ්චිත දිවියක් ගෙවූවා දැයි මඳක් සිතා බලන්න. ඔබට අන්තර් ජාලයේ u tube ƒ‹ heart attack  යන්න පිරික්සා බැලුවහොත් අප නොසිතන ලෙසින් මිනිසුන් හෘදයාබාධ වැලඳී මිය යන ආකාරය දැකිය හැකිය. අධ්‍යක්ෂ මණ්ඩල හමුවකදී එක් පුද්ගලයකු තම අදහස් දක්වමින් සිටියදීම හෘදයාබාධයක් වැලඳී මැරී වැටෙන ආකාරය එක් වීඩියෝවක දැක්වේ. ඔහුට තමා පවසන්නට ගිය දෙයින් පැවසීමට හැකි වූයේ පළමු වාක්‍ය පමණි. දෙවැනි වාක්‍ය පැවසීමට ඔහුට ඉඩක් නොලැබුණි. මෙවැනි සිදුවීම් අනනත්වත් සිදු වේ. එය අප ද අත්දැක ඇත. මෙය අමුතු දෙයක් නොවේ. ඊළඟ මොහොතේ සිදු වන්නේ කුමක්දැයි අපට පැවසිය නොහැකිය. එම අවිනිශ්චිත බව හැම දිනකදී ම හැම කාලයකදී ම පැවතිණි. නමුත් මේ කාලයේදී එය පැහැදිලිව ම දක්නට ලැබීම විශේෂත්වය යි.

නොදන්නා වෛරසයක් පැමිණ තිබීම නිසා එය මට වැලඳෙයි ද? ඉන් මරණය සිදුවෙයි ද? යන්න එකකි.

ඇතැම් පුද්ගලයන් යමක් නැතිවද සිතෙන් ඒ දේවල් මවාගෙන අනවශ්‍ය ලෙස උපදවා ගනී. මේ දිනවලදී ඇතැම් අය තමාට කැස්සක් පවතින බව.. හුස්ම ගැනීමට අපහසු බව සිතා, තමන්ට කොරෝනා වැලදී ඇතැයි බිය වේ.

දෙවැනි කාරණාව වන්නේ මුදල් පිළිබඳ ගැටලුව යි. රැකියාව නැති වුණොත්.. ණය ගෙවා ගන්න බැරි වුණොත් දේපළ අහිමි වෙයි.. ලීසින් නොගෙවීම නිසා වාහනය අහිමි වෙයි.. ව්‍යාපාරය කඩා වැටෙයි.. ලෙසින් සිතා බියට පත් වේ.

ආහාර හිඟයක් ඇති වේ යැයි පවතින බිය. මෙලෙසින් බියට පත්වන්නේ කුමන හේතුවක් නිසාදැයි නොසොයා මෙම තත්ත්වයෙන් වැළකීම අසීරුය. එමනිසා මේ තත්ත්වය ඇති වූයේ කෙසේදැයි බලමු.

ඕනෑම අයෙක් බල්ලකු එළවීම සිදුකර තිබේ. එසේ කරන්නේ බල්ලා තමා සපා කාවි යන සිතුවිල්ල නිසයි. එමෙන්ම දහවලට කනත්ත අසලින් යන බොහෝ අය රාත්‍රියට ඒ අසලින් යාමට බිය වෙති. දහවලේ දී නැති බියක් රාත්‍රියට ඇති වන්නේ අපේ සිතේ මැවෙනා සිතුවිලි නිසයි. හොල්මන් වලට බියක් ඇති වේ නම් සිතිය යුත්තේ එම හොල්මන් දහවලට ද සිටිය යුතු බවයි. නමුත් අප අසා ඇති ආකාරයට හොල්මන් රාත්‍රියට පමණක් ඇතැයි සිතීම නිසා මෙම බිය ඇති වේ.

 

උපදෙස්

කළමනාකරණ උපදේශක

දීපාල් සූරියආරච්චි

 

2020/05/27 තරුණි  පුවත්පත බලන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.