කැළෑව තේමාකරගත් උපන්දින උත්සවයක්

ජූලි 28, 2021

 

මව්පිය කිරුළ හිස මත පලඳවමින් ඔබේ ලෝකයට සපැමිණෙන පුංචි පැටියා ටිකෙන් ටික ලොකු මහත් වෙනවා. දින, සති, මාස ගෙවමින් වසරක් පිරෙන මේ පැටියාගේ පළමු උපන්දිනය උත්සවාකාරයෙන් සමරන්න තමයි ඉන්පසුව ඔබ ඇඟිලි ගනින්නේ.

 

මේ විදිහට වසරෙන් වසර පුංචියට හෝ උපන්දින උත්සවයක් සැලසුම් කරන්න හැම අම්මා කෙනෙක්ම තාත්ත කෙනෙක්ම සිහින දකිනවා.

ඉතින් හරි අපූරු ඒ උපන්දිනය ඔබට තේමාවකට සැලසුම් කළ හැකියි. දරුවා ප්‍රිය කරන විවිධ දේ ඇසුරු කරගෙන මේ තේමාව තෝරා ගතහැකි අතර jungal එහෙමත් නැත්නම් කැලෑව තේමා කරගත් උපන් දින උත්සවයක් තමයි ඔබ මේ දකින්නේ.

එහිදී කොළපැහැති පරිසරය හොඳින් නිරූපණය වන්නට ඇවැසි නිසාම මේ උත්සවය සංවිධානය කරඇත්තේ එළිමහන් පරිසරයකයි. දරුවා වඩාත් ආසා කරන සතුන් රිජිෆෝම් ඇසුරෙන් නිර්මාණයකර 3D පෙනුමක් ලැබෙන ආකාරයට වර්ණ ගන්වා ඇති ආකාරය අපූරුයි නේද ?

ඉතින් උත්සව ශාලාවක හෝ නිවෙස තුළ පවත්වන ඒකාකාරී උපන් දින උත්සවයකින් මිදී ඔබේ දරු පැටවුන් වඩාත් ප්‍රියකරන වර්ණ සහ තේමාවන් ඇසුරු කරගෙන මෙවැන්නක් සූදානම් කර බලන්න. පුංචි පැටියා වගේම හැමෝම වඩාත් සතුටට පත් වේවි.

 

නිර්මාණය

නිරෝෂ් සංජීව (ඩිලා )

Orion ක්‍රියේෂන්