නිවැරැදිම ඩෙනිම තෝරා ගනිමු ද?

ජනවාරි 9, 2019

අද කාලයේ ඩෙනිම් කලිසම් අඳින්නේ නැති ගැහැනු ළමයෙක් හොයාගන්නත් බැහැ. කල්පැවැත්ම, භාවිතයේ පහසුව, අලංකාර විලාසිතා, සරල බව වැනි කාරණා නිසා කා අතරත් මේ ඇඳුම් ඉතාමත් ජනප්‍රියයි. නමුත් නිවැරැදිම ඩෙනිම් කලිසමක් තෝරා ගැනීම බොහෝදෙනාට ගැටලුවක්. මේ කාරණා ගැන අවධානය යොමු කළොත් ඔබට ගැළපෙන නිවැරැදිම ඩෙනිම තෝරා ගන්න පුළුවන් වේවි.

ඩෙනිම් ජීන්ස් වර්ගය

ඩෙනිම් මිලදී ගැනීමේදී ඔබේ ශරීරය හැඩයට (body shape) ගැළපෙන්නේ කුමන වර්ගයේ ඩෙනිම්ද යන්න පිළිබඳ ඔබම අවබෝධයක් ලබා ගත යුතුයි.  slim fit, slim cut, regular, stretched ආදි ඩෙනිම් ජීන්ස් වර්ග මෙන්ම high  හෝ low-wisted  ආදී ජීන්ස් වර්ග රාශියක්ම තිබෙනවා. ඒ එක් එක් වර්ග මඟින් ඔබේ ශරීරයේ හැඩය මනාව ඉස්මතු කිරීමේ හැකියාව තිබුණත් තමන්ගේ හැඩයට වඩාත් සුදුසු ඩෙනිම් ජීන්ස් තෝරා ගන්න ඔබ සැලකිලිමත් විය යුතුයි.

රෙදි වර්ගය සහ වර්ණය

වර්තමානය වනවිට විවිධ වර්ණ සහ විවිධ නිමාවන්ගෙන් යුක්ත ඩෙනිම් වර්ග මිල දී ගැනීමට හැකියාව පවතිනවා. එහිදී එහි කල්පැවැත්ම, එහි wash එක ගැන මෙන්ම වර්ණවල කල් පැවැත්ම ගැනත් පරීක්ෂා කර බලන්න.

අවස්ථාව

ඩෙනිම් ජීන්ස් එක සාමාන්‍ය ගමනට බිමනට මෙන්ම රාජකාරි කටයුතු හෝ උත්සව සඳහා භාවිත කළ හැකියි. එම්බ්‍රොයිඩර් කරන ලද මෙන්ම විලාසිතා හැඩ හෝ විවිධ වර්ණවල මෙන්ම Ripped  වර්ගයේ ඩෙනිම් විලාසිතා තෝරා ගැනීමෙන් ඩෙනිම් එක භාවිත කළ හැකි අවස්ථාව සීමා වේ.

ඇඳලා බලන්න

ඩෙනිම් එකේ පෙනුම, හැඩය වගේම සුවපහසුව ගැනත් අවධානය යොමු කළ යුතු අතර අනිවාර්යයෙන් fit on  කර බලන්න.

මිල

අතේ ඇති මුදලට සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයේ ඩෙනිමක් රුපියල් 2000 සිට ඉහළ මිල ගණන්වලට මිල දී ගත හැකියි. ඔබට තරමක මුදලක් වැය කර බ්‍රෑන්ඩඩ් හෝ ඩිසයිනර් ඩෙනිම් ජීන්ස් එකක් මිල දී ගත හැකි නම් දිගු කාලයක් භාවිත කළ හැකි අතර සුවපහසු බවින්ද ඉහළයි.