සාර්ථක වෙන්නේ මෙහෙමයි

පෙබරවාරි 6, 2019

ලෝකයේ අංක එකේ ධනවතා බිල් ගේට්ස් ඔබට කියයි

සාඳුරු සිහිනයක දැවටෙමින් අදත් අපි සාර්ථකත්ව මාවතේ ඉදිරියට යමු. ජීවිතය දිනන්නට හැකි ක්‍රමයක් සොයන ඒ වෙනුවෙන් වෙහෙසෙන ඔබට අපේ මඟපෙන්වීම හොඳම විසඳුමක් වේවි.

පරිගණක ලොවේ ‘මයික්‍රොසොෆ්ට්’ හා සබැඳි නාමයක් වේ නම් පළමුව මතකයට නැගෙන්නේ ඔහුයි. ලොව පොහොසත්ම මිනිසා ලෙසින් නම් ලද, අමෙරිකන් ඩොලර් බිලියන 76ක දළ වත්කමක හිමිකරු ඔහුය. ‘බිල් ගේට්ස්’ නම් මේ ප්‍රසිද්ධ අමෙරිකානුවා නොහඳුනන අයෙක් ලොව නැත. ඒ තරමටම ඔහු ජනප්‍රිය වී ඇත්තේ ලොව ප්‍රසිද්ධම හා විශාලතම මෘදුකාංග සමාගමේ සම නිර්මාතෘ බැවිනි.

සාර්ථකත්වය පිළිබඳ කතා කිරීමේ දී අමතක කළ නොහැකි මේ මහා ධනවතා ජීවිතය සාර්ථක කරගන්නට අගනා මාර්ගෝපදේශයක් ඔබට සපයයි. අද මහා ධනවතකුව සිටිය ද බිල් එකවර සරල ක්‍රමයකින් ධනය සොයා ගත්තේ නැත. දුෂ්කර මාර්ගවල පියනඟමින් තම සාර්ථකත්වය සොයා ගොස් ජයග්‍රහණය ලැබූ අයෙකි. ඒ නිසාම ඔහු සාර්ථක වීමේ කලාව මැනවින් ප්‍රගුණ කළ අයෙකි. ඔබත් සාර්ථකත්වයට පිවිසෙන්න කැමැත්තෙන් හිඳින්නේ නම් සාර්ථක හා ධනවත් අයෙක් වීමට බිල් ගේට්ස් උගන්වන පාඩම් කිහිපයකි මේ.

හැකිතරම් ඉක්මනින් ආරම්භ කරන්න

ඔබට ධනවත් වීමේ හා සාර්ථක වීමේ සිහිනයක් කුඩා වියේ සිටම තිබිය හැකියි. එසේ නම් බලා නොඉඳ ඒ සිතුවිල්ල සිතට නැඟුණු අවධියේ සිටම යථාර්ථයක් කරගන්නට අවශ්‍ය පියවර ආරම්භ කරන්න. බිල් තම සාර්ථකත්ව පාරට පිවිසෙන්නට පරිගණක ගමන ඇරඹුවේ අවුරුදු 13 දී ය. ඔබ ජීවිතයේ මුල් අවධියේ දී යමක් ආරම්භ කරන විට එයට අනුගත වීම පහසුයි. එමෙන්ම ඒ මාර්ගය අනුව ජීවිතය ගොඩනඟා ගැනීමත් පහසුයි. එමඟින් ඔබේ ඉදිරි ජීවිතය පැහැබර වෙයි. ඒ වගේම තමයි ළාබාල අවධියේ දී යමක් කරන විට ඔබ කළ යුතු දේවල් වගේම නොකළ යුත් දේවල් පහදා දෙන්නත් බොහෝ අය ඉදිරිපත් වේවි. සාර්ථකත්වයට යන ගමනේ දී අන් අයගේ අදහස් ද බොහොම වටිනවා. එහෙත් ඔබ වැඩිහිටියකු වූ දවසක එලෙස අන් අය පවසන අදහස් ගණන් ගන්නේ නැහැ. ඒවා නොසලකා හරිනවා. ඒ නිසා වයස ප්‍රශ්නයක් කරනොගෙන සාර්ථකත්ව මාවතට පිවිසෙන්න ඔබට පුළුවන්. ඒ වයස අවුරුදු 10 හෝ ඊට අඩුවෙන්නත් පුළුවන්.

හවුල්කාරීත්වයට පිවිසෙන්න

බිල් මිනිසුන් සමඟ සහයෝගීව කටයුතු කරන්න, මිනිසුන් සමඟ සබඳතා ගොඩ නගා ගන්න බොහොම කැමැතියි. එමඟින් අනෙක් සාර්ථක ව්‍යාපාරිකයන් ගැන දැනගන්න, ඒ අයගේ ක්‍රම අවබෝධ කරගන්න අවස්ථාව හිමි වෙනවා. යම් යම් දේවල් ඔවුන්ගෙන් ඉගෙන ගන්න අවස්ථාව උදා වෙනවා. ඒ විතරක් නෙමේ එමඟින් ඔහුට අනාගතයේ දී උපකාර ලබාගත

 

2019/02/06 තරුණි පුවත්පත බලන්න.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.