රෙදි සෝදන නිවැරැදිම ක්‍රමය

මාර්තු 6, 2019

ඔබව කරදරයට හා කලබලයට පත් කරන රෙදි සේදීම පහසු දෙයක් කර ගන්න බැරිකමක් නැහැ. කළ යුත්තේ නිවැරැදි ක්‍රමය හඳුනා ගැනීමයි.

එදිනෙදා තමන්ගේ පවුලේ අයගේ ඇඳුම් සේරම හෝදන අයත් රැකියාව නිසා කාර්යබහුලවීම නිසා සතියක ඇඳුම් එකතු කරලා සෝදන අයත් ඉන්නවා.

ඇඳුම් එකතුකර සෝදන්න සිදු වෙනවා නම් එකිනොකගේ රෙදි වෙන වෙනම එකතු කරන්න සිහි තබාගන්න.

ඒවා සෝදන තුරු වාතාශ්‍රය ලැබෙන පරිදි තැබීම ඉතා වැදගත්.

දහඩිය නිසා දුඟද ඇති වීම වගේම ඇඳුම්වලට පුස් ඇල්ලීමත් දුර්වර්ණ වීමත් සිදු වෙන්න පුළුවන්. මේවා එකතු කිරීමට දුසුදු බාස්කට් මතට වෙළෙඳසලෙන් ලබාගන්න පුළුවන්.

මේවා ඉන්පසු සෝදාගත යුත්තේ වෙන වෙනම. වර්ණ වෙනස් වෙන ඇඳුම් සුදු ඇඳුම් සේදිය යුත්තේත් වෙන් වශයෙන්. වොෂින් මැෂිම භාවිත කළත් අතින් සේදුවත් මේ ක්‍රමය ඉතා වැදගත්.

 

අන්තර්ජාලය ඇසුරිනි

 

 

 

 

 

 

 

තරුණි 2019/03/06 බලන්න.