අවශ්‍යතාවට මුල්තැන් දෙමින් Time of unit සවිකර ගනිමු

මාර්තු 27, 2019

පඩිපත අතට ගත්තාම මුලින්ම මතක් වෙන්නේ ගෙවන්න තියෙන බිල් ටික. නිසි කළමනාකාරීත්වයක්, අරපරෙස්සමක් නැතුව ජීවත් නොවුණොත් නම් ඉතිං බිල්පත් සදාකාලයකටම බරක් වේවි.

ගෙවන්න තියෙන බිල්පත් අතුරින් වඩාත් දැනෙන බිල්පත විදුලි බිල්පත. ගෘහස්ථ පාරිභෝගිකයින් ඉලක්ක කොට ගනිමින් සාමාන්‍ය විදුලි මීටරය බොහෝදෙනා පරිහරණය කරද්දී ඔබේ ඉල්ලීම මත Time of unit  විදුලි මීටරයක් සවිකර ගැනීමේ හැකියාව තිබෙනවා. මෙය නම් සවිකළ යුත්තේ අවශ්‍යතාව මතම පමණයි.

බොහෝදුරට මෙවැනි ක්‍රමයක් හඳුන්වා දී ඇත්තේ විදුලි බලයෙන් ධාවනයවන වාහන සඳහා ඇති ඉල්ලුම දිනෙන් දින වැඩිවනවා සේම එවන් වාහන පරිහරණය කෙරෙහි පාරිභෝගිකයින් උනන්දු කරනු වස්ය. මෙහිදී දවසේ පැය 24 කාණ්ඩ 3 ක් යටතේ කොටස් කරයි.

විදුලි බලයෙන් ධාවනයවන වාහනයක් ඇති ඔබට  Time of unit මීටරය සවිකරගත හැකිවේ. පසුව විදුලිබල මණ්ඩලය විසින් දවසේ ඒ ඒ වේලාවන්ට අදාළ ගාස්තු ක්‍රමය ක්‍රියාත්මක කරයි. මේ සඳහා Timer  එකක් සවිකරගත් පසු ඔබට නින්දට යා හැකියි. Timer  එකෙන් අදාළ වේලාවන් සකසා ගත හැකියි. ඒ අනුව ප. ව. 10.30 වාහනය විදුලියෙන් චාර්ජ් වීම ආරම්භ කරන වේලාව ලෙසත් පෙ. ව. 5.30 එය අවසන් කරන වේලාවක් ලෙස සකසා ගත් පසු උදෑසන අවදිවද්දී වාහනය චාර්ජ් වී අවසන්ය. එහිදී ඒකකයකට රු. 13.00 ක් වැනි මුදලක් වැයවීම ඔබට විශාල සහනයක් ගෙන දෙනු ඇත.

විදුලිබලයෙන් ධාවනය වන වාහන චාර්ජ් කිරීමට අමතරව ස්වයං රැකියාවේ යෙදෙන ඔබ යම් ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ නම් ඒ සඳහා අධිකව විදුලිය වැය වේ නම්  Time of unit ක්‍රමය හා අත්වැල් බැඳ ගැනීම ඔබට සහනයක් ගෙන දෙනු ඇත. නිවෙසේ සුළු පරිමාණයෙන් පවත්වාගෙන යන ඇඟළුම් කම්හල්, කේක් ව්‍යාපාර.... මේ ආදී දේට විදුලිය අත්‍යවශ්‍ය වේ. ස්වයං රැකියාවේ වාසිය අත්කර ගැනීමට විදුලි බිල කොහෙත්ම බරක් කරනොගෙන සිටීමට ඉන් අවස්ථාව ලැබේ. එහෙත් සාමාන්‍ය ගෘහස්ථ පාරිභෝගිකයින්ට මෙම ක්‍රමය එතරම් අදාළ නොවේවි.

ඔවුන් තම විදුලි බිල්පත බරක් කර නොගැනීමට නම් වඩාත් සැලකිලිමත් විය යුත්තේ වැයවන සමස්ත විදුලි ඒකක ගණන පිළිබඳයි.

විදුලිබල මණ්ඩලය විසින් ඒකකයක් ලෙස සලකනු ලබන්නේ ඬඹඩ හෙවත් කිලෝවොට් පැය යන්නයි. ඔබේ මාසික බිල ඒකක 0 - 60 අතර නම් පළමු ඒකක 30 සඳහා ඒකකයකට රු. 2.50 ක ගාස්තුවක් ද, ඒකක 30 ට නොඅඩු ඒකක 60 නොවැඩි සෑම ඒකකයක් සඳහාම රු. 4.85 ක ගාස්තුවක් ද අයකෙරේ. එහිදී ස්ථාවර ගාස්තුවක් ද අයකෙරෙන අතර පළමු කොටස රු. 30 හා දෙවැනි කොටස රු. 30 හා ක් ලෙසිනි.

ඒකක 60 ඉක්මවා ගිය විට ස්ථාවර ගාස්තුවක් අය නොවේ. ඒකකයක් සඳහා ගාස්තුව රු. 10.00 කි. ඒ සඳහා බදු ද නියම වේ. ඒකක 91 - 120 දක්වා වූ විටදී එම ඒකක 30 සඳහා ඒකකයකට ගාස්තුව රු. 27.25 බැගිනි. ඒකක 121 සිට 180 දක්වා ඒකක 30 ට ඒකකයකට රු. 32 බැගිනි. ඒකක 120 කට නොඅඩු සහ 180 කට නොවැඩි විදුලි බල ඒකක ප්‍රමාණවලදී ස්ථාවර ගාස්තුව රු. 480 කි.

මෙම ක්‍රමය දැන සිටින ඔබට ඔබේ බිල්පතේ නිරවද්‍යතාව සියයට සියයක්ම තහවුරු කරගත හැකිවේ. යම් හෙයකින් මීටරය කියවන්නා අතින් වරදක් සිදුව ඇතොත් ඒ පිළිබඳ අසා දැන ගැනීමට හැකිවේ. එමෙන්ම බිල්පත ලැබෙන්නට පෙරම මාසික විදුලි බිල්පතේ එකතුව පිළිබඳ ඔබ දැනුවත් ය. ශීතකරණය ක්‍රියා විරහිත කිරීම විදුලිබිල අඩු කිරීමට භාවිත කළ හැකි ක්‍රමවේදයක් නොවේ. ඒ නිසා ශීතකරණය ක්‍රියාවිරහිත කිරීමෙන් වළකින්න. ඒ වෙනුවට ශීතකරණයේ දොර අරින වහන වාර ගණන හැකිතරම් අඩු කරන්න.

උදෑසනට කෑම පිසීමට සූදානම්වන ඔබ එහි දොර ඇරගෙන කල්පනා කරනු වෙනුවට අවශ්‍ය සියලු දේ එකවර ගෙන පිටතින් තබාගන්න. එළවළු බහා ඇති ට්‍රේ එක පිටින්ම පිටතට ගන්න. සාමාන්‍යයෙන් ශීතකරණය සිසිල් වූ පසු කම්ප්‍රෙෂරය ඉබේම නවතී. කම්ප්‍රෙෂරය ක්‍රියාවිරහිතව තිබියදි දොර ඇරියහොත් සීතල පිටට යයි. නැවත කම්ප්‍රෙෂරය ක්‍රියාත්මක වීමට පටන් ගනියි.

ඇඳුම් මැදීම සඳහා භාවිත කළ යුත්තේ සැහැල්ලු ඉස්ත්‍රික්කයි. බරින් වැඩි ඒවා පරිහරණයෙන් වහාම ඈත්වන්න. මේ සඳහා අධික විදුලිය ප්‍රමාණයක් වැයවේ. එසේම විදුලි බිල අඩුකිරීමට නම් මහන්සි නොබලා මුළු සතියේම ඇඳුම් එකවර මැද තබන්න.

විදුලි උදුන් නැතිනම් ඩ්ධබ ර්‍ථතචබඥ විදුලි ජෝගු, යනාදිය පරිහරණය කරන ඒකක ගණන ඉහළ දමන්නටම හේතුවේ. එල්. පී. ගෑස් භාවිතය ඊට වඩා සෑහෙන වාසිදායක වේ.

දැන් කිසිසේත්ම සාමාන්‍ය බල්බ භාවිත නොකළ යුතු වේ. ඒ සඳහා විකල්පයක් ලෙස ඹ්ඡ්ච් බල්බ භාවිතය අරඹන්න.

සාම්ප්‍රදායික පරිගණක වෙනුවට කාර්යක්ෂම ලැප්ටොප් එකක් ගැන සිතන්න.

විදුලි බිල්පත සම්බන්ධ එය ගණනය කරන අන්දම පිළිබඳ Time of meter  පිළිබඳ විස්තර http://.www.puscl.gov.lk/sinhala/වෙබ් අඩවියෙන් ලබාගත හැකි වේ.

දවසේ වේලාව                     ඒකකයකට  අයකරන මුදල

පෙ. ව. 5.30 - ප. ව. 6.30         රු. 25.00

ප. ව. 6.30 - ප. ව. 10.30         රු. 54.00

ප. ව. 10.30 - පෙ. 5.30           රු. 13.00

 

උපදෙස්

සුරංග කුමාර සිල්වා

විදුලි අධිකාරි

(සම්ප්‍රේෂණ) කොළඹ කලාපය