සෞඛ්‍යමත් දිවියක් සඳහාරස ගුණ පිරි දේශීය පලතුරු

අප්‍රේල් 24, 2019

අපේම රටේ වැවෙන දේශීය පලතුරු ආහාරයට ගැනීම සිරුරට හිතකර වේ. මේවායේ මහාර්ඝ ගුණ සමුදායක් තිබෙනවා. ලෙඩ රෝග රැසකටම ගුණදායකයි.

උදා - අඹ, දිවුල්, නාරං, උගුරැස්ස, පැණි දොඩම්, බෙලි, අන්නාසි, නෙල්ලි, පැණි කොමඩු, රඹුටන්, පේර, දෙළුම්, වෙරලු, මාදං, පැපොල්.

* අපගේ ආහාරයට දිනපතා එක් විය යුතු අංගයකි.

* වැඩිහිටි නිරෝගී පුද්ගලයකුට දිනකට පලතුරු වේල් හතරක් හෝ පහක් පමණ ගත්ත ද වරදක් නැත.

* ප්‍රධාන ආහාර වේලකට පසු පලතුරක් අනුභවය ඉතා වැදගත් වනුයේ ආහාර දිරවීම පහසු කරන අතර අත්‍යාවශ්‍ය විටමින් හා ඛණිජ වර්ග බොහොමයක් ඉන් සපිරෙන නිසාය.

 

පලතුරු ආහාරයට එක් කර ගැනීමෙන්

1. සිරුර ආරක්ෂා කරයි.

2. හිසකෙස් වැවෙයි.

3. ඇස් පෙනුම වර්ධනය කරයි.

4. සම පැහැපත් කරයි.

5. කටහඬ මිහිරි කරන අතර තරුණ බව රැක දේ.

6. මේවායේ අඩංගු මෘදු කෙඳි නිසා මල මෘදු වි සිරුරෙන් බැහැර කරන බැවින් මලබද්ධය දුරු කරයි.

හැකි සෑම විටම එවෙලේම කඩාගත් අලුත්, පිරිසුදු පලතුරු අනුභවයට හුරුවන්න.

 

පලතුරු වර්ග කිහිපයක ගුණ

1. දෙළුම්

ඉතා රස ගුණ පලතුරකි.

හෘදයට ඉතා ගුණයි.

ගෙඩියේ ලෙල්ල ඇතුළුව මුළු

ගෙඩියම වටිනා ඖෂධයකි.

2. දොඩම්

පොත්ත කොළ පාට අපේ රටේ වැවෙන පැණි දොඩම් වඩාත් ගුණයි.

විටමින් සී අධික අතර කුඩා දරුවන්ට ඉතා ගුණයි.ප්‍රණීත පානයක් සේ සකසයි.

3. අඹ

අප රටේ වැවෙන ඉතා ගුණදායි රසවත්

පලතුරකි.සෑම වයසකදීම ආහාරයට සුදුසුයි.

4. කෙසෙල්

කෙසෙල් වර්ග බොහොමයක් ඇත.

 

ඒවයේ ගුණ එකිනෙකට වෙනස්ය.

සුවදැල් කෙසෙල් කුඩා දරුවන්ට ඉතා සුදුසුයි.

දියවැඩියා රෝගීන් සඳහා මඳක් ඉදුණු ඇඹුල්

කෙසෙල් ඉතා ගුණයි.

අතීසාර තත්ත්වය වැලැක්වීමට කෝලිකුට්ටු

මිපැණි සමඟ අනුභවය හිතකරයි.

5. නෙල්ලි

රස 5 ක්ම එකවර සේවනය කළ හැකි එකම

පලතුරයි. ආහාර රුචිය වැඩි කරයි.

සමේ රෝගවලට ඉතා ගුණයි.

ආහාරමය මෙන්ම ඖෂධීය ගුණය ද බහුලව

අන්තර්ගත පලතුරකි.

6. බෙලි

මලබද්ධයට ඉදුණු බෙලි ඉතා ගුණදායකයි.

මල බුරුලින් යන විට බෙලි ගැට මද ගුණදායකයි. ඉතා රසවත් පෝෂ්‍ය පදාර්ථ බහුල පලතුරකි.

7. දිවුල්

ඉතා රසවත් පෝෂ්‍යපදාර්ථ බහුල පලතුරකි.

විෂ නසාලයි. කුසගිනි වඩවයි.

අස්ථි රෝග වලක්වයි.

 

උපදෙස්

වෛද්‍ය කුමුදු හේවාවිතාරණ

ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි

මිනුවන්ගොඩ ප්‍රාදේශීය

ලේකම් කොට්ඨාශය