කොමඩු ලෙල්ල විසි කරන්න එපා

මැයි 8, 2019

කොමඩු කියන්නේ ගුණදායි මෙන්ම රසවත් පළතුරක්. හැබැයි කවුරුත් දන්නේ නෑ කොමඩු ලෙල්ල ඒ තරම්ම ගුණදායකයි කියලා. කොමඩු ලෙල්ලේ අන්තර්ගත වන සුදු පැහැ වූ ඝන මෙන්ම කිසිදු රසයක් අන්තර්ගත නොවන කොටස පිළිබඳව තමයි මේ කියන්න යන්නේ.

දකුණු ආසියාව තුළ සහ යුරෝපා රටවල් තුළත් කොමඩු ලෙල්ලේ සෞඛ්‍යයමය වාසි අන්තර්ගතවන නිසාම මෙම කොටස සැලඩ් සඳහා ද එක්කර ගන්නවා. කොමඩු ලෙල්ල තුළ විටමින් A, B6 සහ C  පොටෑසියම්, මැග්නීසියම් සහ සින්ක් අන්තර්ගතයි.

මෙම විටමින් සහ ඛනිජ සියල්ලෙන්ම ශරීරයට අවශ්‍ය ශක්තිය වර්ධනය කර ශරීරය නිසි පරිදි ක්‍රියාකරනවා.

මීට අමතරව කොමඩු ලෙලි තුළ අන්තර්ගත වන Lycopene යන සංයෝගය මඟින් ශරීරයට විශාල ප්‍රතිඔක්සිකාරක ගුණයක් සැපයෙන අතර එමඟින් රෝග රාශියකින් ආරක්ෂාව සැපයෙනවා. එමෙන්ම කොමඩු ලෙල්ල තුළ අන්තර්ගත වන Citrulline  සංයෝගය සහ ඇමයිනෝ අම්ලයන් මඟින් මාංශපේශින් වර්ධනය කරනවා.

 

2019/05/08 තරුණි බලන්න