ඔබ තවත් කාබන් කොපියක් නොවන්නට නම්....

මැයි 8, 2019

සෑම මනුෂ්‍යයෙක්ම සොයන්නෙකි. බාධක හා තර්ජන හරස් නොවුණහොත් මිනිසා සෑමවිටම තමන්ගේ පැතුම් හා ඉලක්ක ඉටුකරනගන්නට වෑයම් කරනු ඇත. ඉටුකර ගන්නා සෑම පැතුමක්ම ඔහු තම ඉලක්කයන් කරා පිය නඟනු ලැබේ. එහි සැබෑ අරුත හිතේ සන්සුන්කම හා සුරක්ෂිතබව සපුරාගැනීම නැතහොත් අතෘප්තකර හැඟීමෙන් හා නොසන්සුන්කමින් මිදී නිදහස් ස්වාධීන ධාරාවෙන් යුක්ත වීමයි.

චිත්ත බලයේ ශක්තිය සමබරතාව උදාකර ගැනීමෙන් මෙම පීඩනය අඩුකරගත හැකිය. තවද ජීවිතයේ ජයගැනීම සහ පරාජය ගැබ්වී ඇත්තේ සිත තුළමය. ආදරය කිරීම හා කායික තෘප්තිය සඳහා කරන ක්‍රියාවන් ප්‍රථම බලවේගයට අයත් සාධනීය ලක්ෂණයන්ය. මෙහි විද්‍යාත්මක වචනය ලිබිඩ්‍රෝ (ඹ්ඪඡඪඤපධ) යන සංවේදිත ලක්ෂණයයි.

සමහර පුද්ගල චරිත ගොඩනැඟී ඇත්තේ වෛරය, කෝපය, ද්වේෂය හා කෲරත්වය වැනි දුෂ්ට චේතනාවලින් තෘප්තිමත්වීමයි. මෙයට මොටිඩ්‍රෝ (ථධබඪඤපධ) යනු අන්වර්ථ තත්ත්වයි. සතුට මෙන්ම අසතුට සිතේ දෝලනය වන දෙයාකාර චරිත ලක්ෂණීය ක්‍රියාවන්ය. මෙයින් අප පළමු අංශයට ගැනෙන ආත්ම තෘප්තිය සංවේදීතාවෙන් පිරිපුන් වීම ඉතාම සාධනීය ලක්ෂණය වන්නේය. සුපසන් හැඟීම් මිනිස් සිත පුබුදුවාලීමේ පරම ශක්තිය තිබේ නම් ලොව සියලු දෙයම ජය ගැනීමට හැකිවන්නේය.

නිරෝගී අධිෂ්ඨානශීලී මනසකින් යුතුව ක්‍රියා කරන්නේනම් තමාගේ යථා ස්වභාවය හරිහැටි තේරුම් ගෙන කටයුතු කිරීමටත් ස්නායු බෙලහීනතාවයෙන් පෙළෙන අයට තමාගේ යථා තත්ත්වය නොපෙනේ. පෙනුණත් එයට යටත් වීමට හෝ පිළිගැනීමට ඔහු සූදානම් නැත. මෙබඳු මනසකින් හෙබි අයට ජීවිතය දිනාගැනීමට අපහසුය. මානසික දුබලතා ඇති අයගෙන් වැඩිදෙනෙක්ම එකී දුබලකමින් මිදීමට අසතුටු වෙති.

 

නිරොගී අධිෂ්ඨාශීලි මනසක් තිබීම

ඊට හේතුව නම් එකී දුබලතාවයන් ඍජුවම තමා විසින් පිළිගැනීමට මැළිවීමයි. සෑම මනුෂ්‍යයෙක්ම තමන් ගැන චිත්ත රූප මවාගෙන සිටීමයි. ඔහු හෝ ඇය නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වනුයේ තමා විසින් මවාගෙන සිටින යටි සිතේ චිත්ත රූප ආරූඪ කරගෙනය.

සවිමත්, නිරවුල් මනසක් ඇති අය සෑමවිටම උත්සාහ දරන්නේ ජීවිතය ඉදිරියේ හමුවන සියලු දේ ජය ගැනීමටයි. අප බොහෝ දෙනාගේ චිත්ත රූප පළුදු වී තිබේ. අධිෂ්ඨානය අඩුය. එබඳු අයට ජීවිතයේ ජයකණුව කරා ළඟාවීමට කිසිසේත්ම පහසු නැත.

 

එඩිතරකම වගේම උපායශීලි බවත් අවශ්‍යයි

සමහරු ළඟ එඩිතරකම ඇතත් උපායශීලීත්වය අඩුය. ජීවිතය දිනාගැනීමට හැකිවන්නේ මේ ගුණාංග දෙකින්ම පිරිපුන් අයටයි. උපායශීලීත්වයෙන් සතුට හා ජයගැනීමට හැකිවේ. සාර්ථකත්වය එඩිතරකමින් උදාකරගත හැකිවේ. “උපාය දන්නෝ අපායේ නොවැටෙත්” යැයි කියමනේ යටි අරුත ශක්තිමත්ය. ඔබ කාර්යබහුල අයකු නම් නිරන්තරයෙන්ම ටික වේලාවක් හෝ ධනාත්මක චිත්තරූප මවන්න. එයින් සතුට ලැබෙනු ඇත. ඔබට දුකක්, කරදරයක්, පීඩාවක්, තදබල වෙහෙසක් දැනේනම් එයට ඉඩදී මඳක් සන්සුන් වන්න. කාලය කළමනාකරණය කිරීමෙන් අනතුරුව ඔබේ සිතට සංහිඳියාව ලැබේවි. එක් චිත්ත පීඩාවක් ඇතිවූ විට එය අහෝසි වී තවත් පීඩාවක් සිටත ඒම ස්වාභාවිකයි. මෙවැනි එන එන චිත්ත පීඩා ගොඩ ගසා ගැනීමෙන් සිත තව තවත් බර වැඩිවේ. සිතට කරදරයක් වූවිට එය ඔබගේ කල්‍යාණ මිතුරාට හෝ මිතුරියට පවසා හිතේ බර අඩුකර සැහැල්ලු වන්න.

තමන්ට පමණක්ම මෙවැනි පීඩාකාරී තත්ත්වයන් ඇතිවන්නේම යැයි නොසිතන්න. අන්‍යයන්ට මීට වඩා දුක් කරදර පීඩා ඇතිවීම නොවැළැක්විය හැකියැයි සිතා තම සිත සැහැල්ලු කරගන්න.

 

2019/05/08 තරුණි බලන්න