සැක නැතුව රත්තරන් මිලදී ගන්න ක්‍රමයක් ළඟදීම එනවා

ජුනි 19, 2019

රුව බබලවන රත්තරන් ලලනාවන්ගේ සිහින ලෝකයයි. රන් හා බැඳි ආකර්ෂණය ඇය සුන්දරත්වයෙන් ඔපකරනවාට වඩා වැඩි සංස්කෘතික බැඳීමක් ද සටහන් වෙයි.

රන් හූයෙන් බැඳෙන යුග දිවිය සංකේතවත් කරන්නේ එම ගැඹුරු සංස්කෘතියේ හර පද්ධතියයි.

රත්තරන් හා මැණික් ස්වර්ණාභරණ පැලඳීමෙන් වටිනාකමක් හා සමාජ පිළිගැනීමක් ද නිර්මාණය වී ඇති පසුබිමක වසරකට රත්තරන් කිලෝ 15000 ක් පමණ අප රටට ආනයනය කිරීමට තරම් ඉල්ලුමක් තිබේ.

විවිධ වූ සමාජ හා ආර්ථික මට්ටම් නියෝජනය කරන සෑම තරාතිරමකම පුද්ගලයෙක්ම ඔවුන්ගේ ආර්ථික මට්ටම අනුව රත්තරන් මිලදී ගන්නේ එය අනාගත ඉතිරියක් ලෙසිනි. මෙවැනි පසුබිමක අපේ රටේ රත්තරන් අලෙවිය ද විශාල ව්‍යාපාරයක් බවට පත්වී තිබේ. රත්තරන් ආනයනය, අපනයනය, නිෂ්පාදනය, හුවමාරුව, ප්‍රමිතිය යන සියල්ල මේ හා බද්ධ වී තිබෙන්නේ දැවැන්ත ව්‍යාපාරික ජාලයක් ලෙසිනි.

මෙම ව්‍යාපාරයේ නිසි ප්‍රමිතියක් හා විධිමත්භාවයක් ඇති කිරීමේ වගකීම පැවරී තිබෙන්නේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියටයි. එම අධිකාරියේ වත්මන් සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා අප හමුවූයේ රත්තරන් ගැන රත්තරන් වටිනා කටයුත්තක් පිළිබඳ දැනගැනීමේ අපේක්ෂාවෙනි. ඒ රත්තරන් අලෙවියේදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මුද්‍රාව අනිවාර්යය කිරීමේ කටයුත්තකි.

“අපේ අධිකාරියේ මූලික කටයුත්ත තමයි මැණික් හා ස්වර්ණාභරණ අලෙවියේ විධිමත්බවක් ඇති කිරීමයි. මෙම ව්‍යාපාරය හා බැඳි විශාල ජාලයක් අප රටේ තිබෙනවා. මෙතෙක් අපේ අධිකාරියේ වැඩි අවධානයක් යොමු වී තිබුණේ මැණික් ව්‍යාපාරික ක්ෂේත්‍රයටයි. ස්වර්ණාභරණ හා රන් පිළිබඳ තිබුණ අවධානය අඩුයි. හැබැයි ලංකාවට

 

කිලෝ 15000 ක් පමණ වසරකට ගෙන්වනවා. මේ තරම් ඉල්ලුමක් තිබෙන්නේ අපේ සංස්කෘතික බැඳීමක් ඇති නිසයි.

හැබැයි මේ රත්තරන් පරිභෝජනය කරන ජනතාවට සැබෑ රත්තරන් මිලදී ගැනීමට ලැබෙනවා ද යන්න සොයා බැලීම අප අධිකාරියේ යුතුකමක් හා වගකීමක්. රත්තරන් වෙනුවට තඹ, තන්ස්ටන් වැනි බාල ලෝහ කලවම් කර තිබෙනවා. කැරට් 22 කිව්වාට ඒ ප්‍රමාණය රත්තරන්වල නොතිබෙන අවස්ථා තිබෙනවා. කැරට් 12, 14, 18 වැනි ලෝහ අලෙවි කරනවා. මේ ගැන රත්තරන් පරිහරණය කරන පාරිභෝගික ජනතාව දන්නේ නැහැ. පාරිභෝගිකයා රැකීම අපේ එක යුතුකමක්.

 

2019/06/19 තරුණි බලන්න