සැමියාගේ ආශීර්වාදය බිරියකට ප්‍රබලම සවියයි

දියුණුවේ දී විස කටුවක් නොවී අත්වැලක් වන්න
අගෝස්තු 14, 2019

‘පේ‍්‍රමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි’ එසේ පැවසුව ද එය වඩා නිවැරැදි ‘ප්‍රේමයයි ඊර්ෂ්‍යාවයි අතරේ වෙනස කෙස් ගසකට සමයැයි’ කී විටය. බිරියගේ සාර්ථකත්වය නුරුස්සන සැමියන් විරල නැත. මේ අතරේ සැමියාගේ සාර්ථකත්වය ඉවසා සිටීමට නොහැකි බිරියන් ද නොසිටිනවාම නොවෙයි.

එක කුස ඔත් සොයුරු, සොයුරියන් අතර ඇතිවන ඊර්ෂ්‍යාකාරකම් නිසා පුංචි පුංචි නොමනාපයන් ඇතිවීම සාමාන්‍ය දෙයකි. එහෙත් එකිනෙකාට සෙනෙහසින් බැඳුණු දෙදෙනකුගේ සිත්වලට ඒ ළබැඳියාව පළුඳු කරන ඊර්ෂ්‍යාව වැනි හැඟීමක් ඇති විය හැකි ද?

1973 වසරේ තිරගත වූ අභිමාන් (අභිමානය) භාරතයේ පමණක් නොව ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන් අතර ද අතිශයින්ම ජනපි‍්‍රය සිනමා පටයක් විය. කතාවේ තේමාව වී ඇත්තේ සුබීර් නම් වෘත්තීය ගායකයා මිහිරි කට හඬක් හිමි ගැමි තරුණිය උමා සමඟ විවාහ වීමෙන් පසු උද්ගත වන ගැටුමකි. උමා ක්ෂේත්‍රයට රැගෙන එන්නේ සුබීර් ය. අවසන සුබීර්ගේ ගායන ජීවිතය කඩා වැටෙද්දී උමා රටේ අංක එකේ ගායිකාව බවට පත්වෙයි. සුබීර් ඊර්ෂ්‍යාව නම් ගින්නෙන් දැවෙන්නට ගන්නේ කුටුම්බයට ද ගිනි අවුලවමිනි. මෙය සිනමා කතාවක් පමණක් කියා කිසිවකුට බැහැර කළ නොහැක්කේ කතාවට පදනම් වී ඇත්තේ භාරත දේශයේම සුප්‍රකට කලාකරුවන්ගේ යුග ජීවිතයේ අමිහිරි අත්දැකීම් වීම නිසාය. එක් යුවළක් වන්නේ ලෝක පූජිත සංගීතඥයකු වූ රවි ශංකර් සහ අන්නාපූර්ණා දේවියයි. අනෙක් යුවළ අතිශය ජනප්‍රිය නළුවකු ගායකයකු, වූ කිශෝර් කුමාර් සහ ඔහුගේ පළමු බිරිය රූමා ගෝෂ්ය. 1954 හොලිවුඩයේ නිපදවූ ‘අ ස්ටාර් ඊස් බෝන්’ ද එවැනිම වූ අත්දැකීමක් පාදක කරගත්තකි.

සැමියා හෝ බිරිය හෝ එසේත් නැත්නම් දෙදෙනාම හෝ එකිනෙකා පිළිබඳ ඇතිකරගන්නා ඊර්ෂ්‍යාව පෙර අපර දිග කියා වෙනසක් නැතිව ලොවටම පොදු වූවකි. එය ඊයේටත් අදටත් හෙටටත් නොවෙනස් සත්‍යයකි. ඊට වෘත්තීය භේදයක් පන්ති භේදයක් නැත.

‘මායි මහත්තයයි දෙන්නම වෛද්‍යවරු. අපි දෙන්නම පෞද්ගලිකව රෝගීන්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන පවත්වාගෙන යනවා. මට වැඩියෙන් ලෙඩ්ඩු එන්න ගත්තම හස්බන්ඩ් වෙනස් වුණා. මාත් එකක් කතා කළේ නෑ. නිතරම ඉන්නෙ කේන්තියෙන්. මගේ ලෙඩ්ඩු එක්ක එයා මට බැණලා සුදුසුකම් නැහැයි කියලා අපහාස කරලත් තිබුණා” මෙසේ පැවසුවේ මනෝ වෛද්‍ය විශේෂඥවරියකි.

**********************

ඊර්ෂ්‍යාකාර සැමියා/බිරිය හඳුනාගන්නා ක්‍රම

රාජකාරිය හෝ මිතුරන් ගැන කතා කිරීමේ දී ජයග්‍රහණ ගැන කතා කිරීමේ දී උනන්දුවක් නොදක්වයි. පවසන දේ සත්‍ය වුවත් පිළිනොගනී. සැමියා/බිරිය මිතුරන්, සගයන් සමඟ සිටින විට තමා ඒ මට්ටමට නොපෑහෙන බව සිතා ඈත් වෙයි. නිරන්තරයෙන් වෘත්තීය සම්බන්ධ කරුණු අදාළ කරමින් විවේචන සිදුකරයි.

ඇතැම් පති පතිනියන්ගේ ඊර්ෂ්‍යාව මනෝ උපදේශනය ලබාගැනීම දක්වාම දුරදිග යයි.

 

2019/08/14 තරුණි බලන්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.