සාර්ථක යුග දිවියකට නොකළ යුතු කතා

සැප්තැම්බර් 18, 2019

ආදරය කනට මී පැණි වත් කරන්නාක් මෙන් මිහිරි වචනයකි. පෙම්වතුන් ලෙස ආදරයෙන් වෙළී සිටින කාලය වසන්තය වැනිය. විවාහය ආදරයේ කූට ප්‍රාප්තියයි.

එහෙත් ඉන්පසු දෙදෙනා එකම කැදැල්ලක වෙසෙමින් අරඹන දිවි සැරිය රෝසමල් ඇතිරූ මාවතක් ද? ආදරය කිරීමත් විවාහ වීමත් තරම් මියෙන තුරු එකිනෙකාට සෙනෙහසින් බැඳී සිටීම පහසු නොවෙයි.වසර ගණනක් එක්ව ජීවත් වීමේ දී බිරින්දෑවරුන්ගෙන් මෙන්ම ස්වාමි පුරුෂයන්ගෙන් ද දුර දිග නොබලා පැවසෙන වදන්වලින් යුග දිවි සැරියේ ආයු කාලය නොසිතූ ලෙසට කෙටි වීමට පුළුවන. ඒනිසා විවාහයට විස එකතු කරන මෙවන් වදන් මුවින් පිට නොවිය යුතුය.

* “මං ඔයාව දික්කසාද කරනවා”

හදිසි කෝපය නිසා එසේ පැවසුව ද පසුව එසේ පැවසීම ගැන පසුතැවිලි වනු ඒකාන්තය. වරක් දෙවරක් නොව සිය දහස්වර පසුතැවිලි වනු ඇත. වරක් හෝ මෙසේ පැවසීමෙන් විවාහ ජීවිතයට එල්ලවන්නේ බලවත් තර්ජනයක් බව තරයේ සිහි තබාගන්න.

* “ඔයා බොරුකාරයෙක්. මං ඔයාව විශ්වාස කරන්නේ නැහැ.”

විශ්වාසය සාර්ථක සබඳතාවකට අත්‍යවශ්‍යය. ඔහු/ඇය වංචාකාරී වී ඇතැයි හැඟෙයි නම් මෙසේ චෝදනා කිරීමට වඩා වැදගත් වන්නේ සන්සුන්ව සුහද ලෙස ඒ ගැන කතා කිරීමයි.

* අපෝ ඔයාගෙ රස්සාවත් රස්සාවක් ද?

දෙදෙනාම රැකියාවක නිරත වුවද එක් අයකු රැකියාවක නිරත වුවද අනෙකාගේ රැකියාවට අපහාස නොකළ යුතුය. එය ඔහුට/ඇයට තමන්ට කරන අපහාසයකටත් වඩා දැඩි ලෙස දැනෙන්නට පුළුවන.

* මට ආදරෙයි නම් අර තෑග්ග අරන් දෙන්න

විවාහ වන්නේ ආදරය කරන බැවින්ය. ඔහුගේ/ඇයගේ ආදරයේ කිසිදු ගැටලුවක් නොමැතිවත් මෙවැනි පරීක්ෂාවන් කරන්නට යාමෙන් ඇතිවන්නේ කලකිරීමකි. තම සෙනෙහස ගැන තවම වටහාගෙන නැති බව ඔහුට හැඟෙයි.

* “කලබල වෙන්න එපා. ගෑනියෙක් වගේ අඬන්න එපා”

මෙවැනි දේ පැවසීමෙන් සිදුවන්නේ සහකරුට තම හැඟීම්වල සාධාරණත්වය සහකාරිය හරිහැටි අවබෝධ කරගන්නේ නැති බව වැටහීමයි. “සන්සුන් වෙන්න” ආදී වශයෙන් පවසන්නේ ඔහුගේ සිත සැනසීමේ අවංක අරමුණින් වුවත් එසේ කිරීමෙන් ඔහුට සහනයක් අත් වන්නේ නැත. පිරිමියකුට වුවත් හැඬීමට අවශ්‍ය විට ඊට ඉඩ ලබාදිය යුතුය.

 

නිරන්තර විවේචනය

දික්කසාදයට මඟ පාදන එක් හේතුවක් ලෙස පර්යේෂකයන් හඳුනාගෙන ඇත.

“මං හැමදේම කරනවා. ඔයා කිසි දෙයක් කරන්නේ නෑ”. සෑම විටම මෙවැනි වදන් පවසන විට ඇයව ඔහුට වධකබාරියක් බවට පත්වෙයි.

***

ඔයාට කිසිදෙයක් හරියට කරන්න බැහැ”

සැමියාට සෝදා නවා ඇති ඇඳුම් උඩ තෙත තුවාය දමන පුරුද්ද ඇත්නම් මෙසේ පැවසීමෙන් ඔහු/ඇය වෙනස් කිරීමට නුපුළුවන.

එයින් වන්නේ අනෙකා හෙළා දැකීම පමණි.

කලකිරීම ඇර වෙනත් හැඟීමක් චෝදනාවට ලක්වන්නාට ඇති නොවෙයි. එසේ පවසනවා වෙනුවට ඔහුගෙන්/ ඇයගෙන් වන වරදක් මෙසේ නිවැරැදි කළ හැකිය.

 

2019/09/18 තරුණි බලන්න

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.