එකම තැනක, එකම මොහොතක වැඩිම ෆේෂල් ප්‍රමාණයක්..

නොවැම්බර් 6, 2019

ලාංකේය රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ වැදගත් දිනයක් පසුගිය 29 වැනි දින උදා විය. ඒ වැඩිම රූපලාවණ්‍ය ශිල්පීන් ශිල්පිනියන් ප්‍රමාණයක් එකම වේලාවක සිදුකරන ෆේෂල් මඟින් වාර්තාවක් තැබීමයි.

ශ්‍රී ලංකා ෆේෂල් රෙකෝඩ් - 2019 ලෙස නම් කෙරුණු මෙම වැඩසටහන මොණරාගල දිස්ත්‍රික් රූපලාවණ්‍ය සහ කොණ්ඩා මෝස්තර ශිල්පීන්ගේ සංගමය විසින් පවත්වන ලද්දකි. මොනරාගල සිලාන්රිච් හෝටල් පරිශ්‍රයේ දී පැවැති මෙම වැඩසටහන සඳහා දිවයින පුරා විසිරී සිටින රූපලාවණ්‍ය ශිල්පීන් හා ශිල්පිනියන් 384ක් සහභාගී විය.

ඩ්‍රීම්රෝන් ආයතනය විසින් මේ සඳහා අවශ්‍ය වන සියලු ම රූපලාවණ්‍ය ද්‍රව්‍ය ලබා දී තිබුණි. මෙම වාර්තාව තබන මොහොතේ එහි සාක්ෂිකරුවන් හා අධීක්ෂක මඬුල්ල ලෙස, වෘත්තීය කේශාලංකරණ හා කොණ්ඩා මෝස්තර ශිල්පීන්ගේ පබා සංගමයේ ප්‍රධාන අනුශාසිකා ඩෝරා අත්තනායක, ශි‍්‍ර ලංකා වෘත්තීය කේශාලංකරණ හා රූපලාවණ්‍ය ශිල්පීන්ගේ සංගමයේ සභාපතිනී ඉන්දු අත්තනායක, මොනරාගල දිස්ත්‍රික් ගරු සභාපතිතුමිය ඩී.එස්. පද්මකුලසූරිය, මොනරාගල දිස්ත්‍රික් කුඩා සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ එන්. එන්. සුවඳරත්න, මොනරාගල දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයේ වෛද්‍ය පී.කේ.ඩී. අධිකාරී, ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ වසන්ත බණ්ඩාර, ඩ්‍රීම්රෝන් ආයතනයේ උදාර ඉද්දමල්ගොඩ, මොනරාගල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ රූපලාවණ්‍ය සංගමයේ සභාපති දේශබන්දු නිලන්ත කළුආරච්චි, තරුණී ප්‍රධාන කර්තෘ ඉඳුනිල් වීරරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

ඡායා -  ශාන් රූපස්සර