සොඳුරු ප්‍රේමය මනරම් විඳීමට නම් සැමකල්..

දෙසැම්බර් 4, 2019

ප්‍රේමය සුන්දර ය. තුරු වදුලු, මුහුදු වෙරළ, මල් උයන් පෙම්වතුන්ගේ පාරාදීසයන් ය. පෙම්සුව සොයා ඇදෙන ඔවුහු මෙපමණක් නොව, ඇතැම් විට බස් රථ, දුම්රිය රථ පවා තමාගේ පෙම්වතා හෝ පෙම්වතිය සමඟින් කල්ගත කිරීමට ප්‍රේම කිරීමට යොදා ගනිති. ප්‍රේමවන්තයන්ගේ දැක්ම ද පේ‍්‍රමය තරම් ම සොඳුරු ය.

එහෙත් අද ඒ සොඳුරු ප්‍රේමය විවිධාකාර වූ මානයන් කරා ඇදී ගොස් ය. ප්‍රේමය සුන්දර වුවත් ඇතැම් ප්‍රේමවන්තයන් එය පවත්වාගෙන යන ආකාරය අනුව එහි සොඳුරු බව වියැකී යයි.

මල් උයන්වල කෙසේ වෙතත් ප්‍රසිද්ධ ස්ථාන, බස් රථ, දුම්රිය වැනි පොදු ප්‍රවාහන සේවාවල ඇතැම් තරුණ ප්‍රේමවන්තයන් හැසිරෙන අන්දම ගැන ඇතැම් විට ඇති වන්නේ ජුගුප්සාවකි. නොරුස්නා බවකි. ඒ ඔවුන් පෞද්ගලික ස්ථානයක හැසිරිය යුතු අන්දමින් පොදු ස්ථානයක හැසිරීම ඒ ස්ථානයේ ගැවසෙන අනෙකුත් අයට ද හිරිහැරයක් වන හෙයිනි.

මේ අතර අද වෙසෙන තවත් පෙම්වතුන් කොටසකට තාක්ෂණික උපකරණ නැතිව ප්‍රේම කිරීමට ද නොහැකි සෙයකි. දෙදෙනාම සිටින්නේ ස්මාර්ට් ෆෝනය තුළයි. ඒ නිසාම ඔවුනගේ ජීවිත අනාගතයේ කෙසේ ගොඩනගාගනීවිදැයි සිතාගත නොහැකිය.

එහෙත් මේ සියල්ලන්ටම වඩා වෙනස් වූ ආදර්ශවත් පෙම්වතුන් යුවළක් මට හමු විය. ඒ කොළඹ සිට ගාල්ල බලා ඇදෙන සමුද්‍රදේවී දුම්රියේ දී ය.

දුම්රියට මා ගොඩ වූයේ කොටුව දුම්රිය ස්ථානයෙනි. මරදානෙන් ම සියලු ආසන පිරී පැමිණි දුම්රියේ පහසුවෙන් හිටගෙන යා හැකි යැයි සිතුණ ස්ථානයකට ගිය මම අත් බෑගය ද රාක්කයේ රැඳවූයෙමි. මඳක් දුර මුහුදු සුළං වදිමින් මුහුද දෙස බලා ගිය ද ස්වල්ප වේලාවකින් මා ආසන්නයේ තිබූ ආසන දෙස බැලුවේ මේ ආසනයක අයෙක් ළඟකින් බහීවි ද යන අදහස ද ඇතිවයි. ආසනවල හිඳගෙන සිටින අය දෙස බලන විට තරුණ යුවළක් ද සිටින බව පෙනුණි.

එම තරුණ යුවළගේ පෙනුම ආකර්ෂණීය විය. තරුණිය සාරියකින් සැරසී සිටිය බැවින් ඇය බොහෝ විට රජයේ ආයතනයක රාජකාරි කරන්නියක් විය හැකි බව මට සිතිණි. ඇය රුවැති මුහුණක් සහිත තැනැත්තියක් වුවද ආරළු බූරළුවලින් රුව සරසා නොතිබිණි. සිහින් උසැති සිරුරකින් යුතු තරුණයා ද රැකියාවට ගොස් එන අයකු යැයි පෙනෙන්ට තිබිණි. දිගු කලිසමට අත්දිග කමිසය හොඳින් හැඳ පැලැඳ සිටි ඔහු තුළ ද යම් ආකර්ෂණයක් විය.

මගේ සිතේ මේ යුවළ පිළිබඳ දැඩි මතකයක් ඇති වූයේ ඔවුන්ගේ පෙනුම නිසා නොවේ. ඔවුන්ගේ හැසිරීම නිසයි. මගේ පමණක් නොවේ. ඒ අසල සිටි සැමගේම අවධානය නිතැතින් ම ඔවුන් වෙත දිනා ගැනීමට මේ යුවළ සමත් වූහ.

තරුණයා තමා අත රූබි කැටයක් විය. රූබි කැටය යනු කුමක්දැයි නොදන්නා අය වෙතොත් එය දාදු කැටයක හැඩය ඇති එයට වඩා තරමක් ලොකු එහි එක් මුහුණතක් තවත් කුඩා හරි හතරැස් කොටුවලින් සමන්විත වර්ණ කිහිපයකින් යුතු හා එහි කුඩා කොටු එහා මෙහා හැසිරවිය හැකි එකක් බව කිව යුතුය. මෙම රූබි කැටයෙන් විවිධ වර්ණ ඇති කොටු එහා මෙහා කොට එක් වර්ණයක් පමණක් එක් මුහුණතකට ලැබෙන පරිදි මුහුණත් සයම සැකසීම ක්‍රීඩාවේ අරමුණයි. එහෙත් මෙය තරමක් සංකීර්ණ වූවකි.

තරුණයා තමා ඇති රූබි කැටයෙන් යම් රටාවක් සකසා තරුණියට එය ලබා දෙන්නේ එක් මුහුණතකට එක් වර්ණයක් එන ලෙස එය සකසන ලෙසට පවසමිනි. තරුණිය එය අල්ලා ඕනෑවට එපාවට මෙන් එහි කුඩා කොටු එහෙ මෙහෙ කරමින් එය සිදු කිරීමට ගත්ත ද සාර්ථකත්වයේ අහලකටවත් ඒමට ඇයට නොහැකි බව පෙනෙයි. තරුණයා ස්වල්ප වේලාවක් එදෙස බලා සිට පසුව තරුණියට එය කළ යුතු ආකාරය පිළිබඳ කරුණු පහදා දෙයි. තරුණිය නැවත එය කිරීමට උත්සාහ දරයි.

 

2019/12/04 තරුණි බලන්න