වූහාන් මෙහෙයුමේ නිරෝධායන කටයුත්ත සඳහා එක්වූ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ CBRNE බලගණය
පෙබරවාරි 19, 2020

ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්. ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී නිලධාරී එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ, කටුනායක මූලික ගුවන් හමුදා කඳවුරේ අණ දෙන නිලධාරී එයාර් කොමඩෝර් සම්පත් තුයියකොන්තා, ගොඩබිම් මෙහෙයුම් අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් ලෙනාඩ් රුද්‍රිගෝ, මත්තල ගුවන් තොටුපළේ අණ දෙන නිලධාරී විංග් කමාන්ඩර් සරත් බණ්ඩාර යන අය කෙරෙහි විශේෂ ස්තූතියක් පුද කළ යුතුය

වසංගත රෝගයක් වෙනුවෙන් තම ජීවිතය බිලිදෙන්නට කිසිවකු සූදානම් නැත. චීනය ඇතුළුව ලොව පුරා රටවල් කිහිපයකම නව කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමඟින් මිනිසුන් බියෙන් ඇළලෙන්නට විය.

ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි චීන ජාතික කාන්තාවකට කොරෝනා වෛරසය වැලඳුණු බව සවනත වැකෙත්ම ඒ පිළිබඳ තිබූ බිය දෙගුණ තෙගුණ වන්නට විය.

ඇතැමුන් තම දෛනික දිවි පෙවෙතින් පවා ඈත්වන්නට වූයේ රැකියා සඳහා පිටත්ව යන අය නිවාඩු දමා නිවෙස්වල රැඳී සිටීමට උත්සාහ කිරීමෙන්, දරුවන් දිගින් දිගටම පාසල් නොයවා නිවෙස්වල රඳවා තැබීම වැනි කරුණු කාරණා ඔස්සේ ය.

එසේම වූහාන් හි රැඳී සිටි ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු කණ්ඩායමක් මෙරටට ගෙන්වා ගැනීමට ගත් උත්සාහය පවා සාමාන්‍ය ජනතාවගෙන් ඇතැමුන් දැඩි විවේචනයට ලක්කරනු ලැබීය.

එසේ තිබියදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කණ්ඩායමක් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්ව වුහාන් හි ටියැංගි ගුවන්තොටුපළ වෙත ගොස් එහි සිරවී සිටි පිරිස් මෙරටට ගෙන ඒමත් එම නිර්භීත කර්තව්‍ය පිටුපස සිටිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඛ්ඕඅව්ඡ් බලගණය කළ දැවැන්ත මෙහෙයුම සුළු පටු එකක් නොවේ.

කොරෝනා වෛරසයක් සමඟින් අපට ‘නිරෝධායනය’  (disinfectant and decontaminate) යන වදන නිතර දෙවේලේ අසන්නට ලැබෙන එකක් බවට පත් විය.

ලොව පුරා දියුණු රටවල් අනුගමනය කරන නිරෝධායන ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළේ ලංකාව තුළ ඇති විය හැකි රසායනික, ජීව විද්‍යාත්මක විකිරණශීලී, න්‍යෂ්ටික පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ ඕනෑම ප්‍රහාරයකට මුහුණ දිය හැකි එකම කණ්ඩායම වන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 49 වැනි CBRNE  බලගණයයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්ගේ අණ පරිදි එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙසින් කටයුතු කළේ අණ දෙන නිලධාරී විංග් කමාන්ඩර් නිලේන්ද්‍ර පෙරේරා ය.

ෆ්ලයිට් ලෙෆ්ටිනන් නවෝද්‍ය මීතලාව ඔහුට සහයවද්දී ඒ අතරට තවත් කණ්ඩායමක් එකතු විය. ඒ සැරයන් ජයකොඩි, සැරයන් හේමචන්ද්‍ර, සැරයන් මෙන්ඩිස්, සැරයන් අධිකාරී, කෝප්‍රල් විජේසිංහ, කෝප්‍රල් වීරසිංහ, කෝප්‍රල් සුරංග, කෝප්‍රල් ජයරත්න, කෝප්‍රල් මධුෂාන්, කෝප්‍රල් ප්‍රදීප් කුමාර, කෝප්‍රල් පුෂ්පකුමාර, කෝප්‍රල් ජයකොඩි, කෝප්‍රල් පේ‍්‍රමතිලක, කෝප්‍රල් චින්තක ය.

ඔවුන් අතරට එයාර් වයිස් මාර්ෂල් ලලිත් ජයවීර (අධ්‍යක්ෂ සෞඛ්‍යය සේවා), එයාර් කොමොඩෝර් නිලූකා අබේසේකර, විංග් කමාන්ඩර් රහුමාන් බුසෝ යන වෛද්‍ය කණ්ඩායම ද එක් විය.

ඡායා -  ශාන් රූපස්සර

2020/02/19 තරුණි බලන්න