කොරෝනා වෛරසය පිළිබඳ තොරතුරු

මැයි 6, 2020

ඔබේ ජංගම දුරකථනයේ ring back tone වෙත පැමිණියේ කොහොම ද?

මන්ත්‍රයක් ජප කරන්නාක් මෙන් දවසේ පැය 24 ම කන පිරෙන්නට අහන්න, ඇස් පුරාවට දකින්න ලැබෙන්නේ නව කොරෝනා වෛරසය හෙවත් කෝවිඩ් 19 වෛරසයේ ඛේදනීය තත්ත්වයන් ය.

මුලදී කෝවිඩ් 19 වෛරසය ශරීරගත වූ පුද්ගලයන් එක්කෙනා, දෙන්නා බැගින් වුවද පසුගිය දිනයන්හි දී එය එක්වරම වැඩිවන්නට වූයේන් අපේ රට ද මෙම රෝගය පැතිර යන රටක් බවට ලෝක සෞඛ්‍යය සංවිධානය නම් කරන්නට විය.

ඒත් සමඟින් ඕනෑම කෙනකු අත රැඳෙන ජංගම දුරකථනයෙන් තවත් කෙනකු ඇමතීමේ දී නව කොරෝනා වෛරසය පිළිබඳ විවිධ දැනුවත් කිරීම් අසන්නට සලස්වා තිබේ. වෙනදා ඇසෙන ඉමිහිරි වාදනයක්, ගීතයක් වෙනුවට මේ ඇසෙන පණිවුඩ මොනවා ද? මෙවන් පණිවුඩ ජංගම දුරකථන හරහා අසන්නට සැලැස්වූයේ කවුරුන් ද? ඒ පිළිබඳ සොයා බැලීම මැනවි යැයි අපට හැඟේ.

ජනපතිවරයාගේ යෝජනාවක් මල්ඵල ගැන්වී

ඒ අනුව කළ සොයා බැලීමේ දී අපට පසක් වූයේ මෙය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ යෝජනාවක් ක්‍රියාත්මක කිරීමක් බවයි. මේ සඳහා ආයතන කිහිපයක් ම මුල්වද්දී ථර ඤධජබධප හරහා මෙය මූලිකවම ජංගම දුරකථන වෙත ලැබේ.

මොකක්ද මේ My Doctor

My Doctor යනු ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සෞඛ්‍යය සේ්වා සපයන ආයතනයකි. සාමාන්‍යයෙන් ඔබ අප කරන්නේ වෛද්‍යවරයකු මුණ ගැසී වැලඳී ඇති රෝගයක් සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් පැතීමය. නමුත් My Doctor හරහා දුරකථනය ඔස්සේ වෛද්‍යවරයකු සමඟින් කතා කිරි්මට, වීඩියෝ කෝල් එකක් හරහා වෛද්‍යවරයකු සමඟ කතා කිරීමට අවස්ථාව උදාවේ. ඉන්පසු නිවෙසටම වෛද්‍යවරයා නියම කළ ඖෂධ ගෙනැවිත් දේ.

Health Digital Propile

අපි හිතමු වයසක මවක් හෝ පියකු සිටිනවා, ඒ කෙනකුගේ කොලෙස්ටරෝල් පරීක්ෂා කරගැනීමට අවශ්‍ය යැයි කියා. මෙහිදී රසායනාගාරය (196) නිවෙසටම පැමිණේ. ඉන්පසු එම රෝගියා වෙනුවෙන් Health Digital Profile එකක් සෑදේ. මෙය කුඩා දරුවන්ගේ වර්ධන සටහන් පොත හා සමානය. අප ඕනෑම කෙනකුට එනම් මිලියන 7 කට පමණ Face book profile  එකක් ඇතත් Health Digital profile එකක් ඇත්තේ කීයෙන් කී දෙනාට ද? යම් හෙයකින් වෛද්‍යවරයෙක් ඇසුවොත් ඔබේ පසුගිය වසරේ රෝග ඉතිහාසය කොහොම ද කියා දිය හැකි පිළිතුරක් නැහැ. මේ අඩුව පිරවීමට  Health Digital Profile  එකකට පුළුවන.

කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් පැතිරයන මේ කාලයේ ඔබ බාහිර පරිසරයට නිරාවරණය වී වෛද්‍යවරයකු හමුවට, රෝහලකට යෑමේ යම් අනතුරුදායක බවක් තිබේ. එක් පැත්තකින් එය වෛද්‍යවරයාට ද අවදානමක් ගෙන දෙන්නකි. එහෙත් රෝගියාට පිහිටක් සෙවීම සහ රෝගියාට පිහිටක් අවැසි විට උපකාර කිරීම වෛද්‍යවරයා කළයුතු දෙයකි.

මෙවන් ජාතික ආපදා තත්ත්වයක දී MY Doctor  ඔබගේ පිහිටට ආයේය. ඕනෑම දුරකථන ජාලයක් ඔස්සේ මේ හා සම්බන්ධ වීමට විදුලි සංදේශ නියාමන කොමිසමේ අවසරය ලැබිණි. 1390 අංකය හරහා නව කොරෝනා වෛරසය සම්බන්ධව විවිධ දැනුවත් කිරීම් සහ පාලනයන් කිරීම ඇරැඹිණි.

ඕනෑම දුරකථන ජාලයක් හරහා මෙම දැනුවත් කිරීම් හා සම්බන්ධ විය හැකි ය.

ඒ අනුව ring back tone (ඇමතුමක් ලබා ගනිද්දී දුරකථනයේ නාදවීම) හරහා ඔබට මෙම දැනුවත් කිරීම් අසන්නට ලැබේ.

1390 අමතන ඔබට පළමුව කොරෝනා වෛරසය සම්බන්ධ මූලික දැනුවත් වීම් සියල්ල ශ්‍රවණය කළ හැකි වේ. මෙහි ජාතියක් වශයෙන් ඔබ දැනුවත් විය යුතුම කරුණු කිහිපයක් අඩංගු වේ.

නමුත් අපි හිතමු ඔබට අවදානම් රටක සිට ආ කෙනකු නොසිතූ මොහොතක මුණ ගැසුණා. එසේත් නැත්නම් එවැනි රටක සිට ආ කෙනකු ඔබේ අසල්වැසි නිවෙසේ සිටිනවා. ඔබටත් මෙම රෝගයේ මුලික ලක්ෂණ යම් තරමින් තිබෙනවා. මේ ඔබ වෛද්‍යවරයකු හමු විය යුතුම අවස්ථාවක්. මෙවැනි පුංචි පුංචි සැකයන් ඇති හැම කෙනකුම වෛද්‍යවරයකු හමුවට යෑම වෙනුවට 1390 අංකයේ දෙවැනි පියවර ලෙසින් එවේලේම වෛද්‍යවරයකු ඇමතීමේ අවස්ථාව උදාවෙනවා. දැනට

1390 හරහා ඔබට වෛද්‍ය උපදෙස් ලබාදීමට වෛද්‍යවරු 100 කට ආසන්න සංඛ්‍යාවක් ස්වෙච්ඡාවෙන් සැදී පැහැදී සිටියි. මෙම වෛද්‍යවරු මූලික වෛද්‍ය උපාධිය ලැබූ (MBBS) වෛද්‍ය සභාවෙහි ලියාපදිංචි වූ අප රටේ රජයේ රෝහල්වල සේවයේ නියුතු වෛද්‍යවරුන්ය. මෙහිදී දෙමළ බසින් උපදෙස් ලබාදෙන වෛද්‍යවරු පවා සිටියි.

 

1390 අමතන ඔබ එහි දෙවැනි පියවර ලෙසින් My Doctor call center හා සම්බන්ධ වන අතර ඔබට මතුව ඇති ගැටලුව අනුව ඔවුන් ඔබව දුරකථනය ඔස්සේ එවේලේම ඉහත කී වෛද්‍යවරයකු හා සම්බන්ධ කරයි.

මීට අමතරව My doctor call center  හරහා ඔබ රෝග තත්ත්වය සලකා බලා ඔබ යායුතු රෝහල් මොනවා ද යන්න පිළිබඳවත් දැනුවත් කරයි. ඒ සෞඛ්‍යය අමාත්‍යංශයෙන් කෙරෙන අලුත්ම දැනුවත්වීම් හරහා ය.

1390 තෙවැනි පියවර ලෙස ඔබව සම්බන්ධ කෙරෙනුයේ සුවසැරිය ගිලන්රථ සේවය සඳහා ය. ඔබේ නිවෙසේ කෙනකුට නව කොරෝනා හි රෝග ලක්ෂණ මතුව ඇතැයි සිතුණහොත් රෝගියා රෝහල්ගත කිරීමට අවශ්‍ය යැයි සිතෙන්නේ නම් 1990 සුවසැරිය ගිලන්රථ සේවය හා සම්බන්ධ කරගත හැකි වේ.

මෙම ක්‍රමය ඔස්සේ රෝහලක් හෝ වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත නොපිවිස වෛද්‍යවරුන් සමඟ සම්බන්ධ වී උපදෙස් ලබාගැනීමේ පහසුව නිසා වෛරසය වේගයෙන් පැතිරයෑමේ අවදානම සෑහෙන දුරට පහව යයි. ඉතා පහසුවෙන් සැමට භාවිත කළ හැකි මෙම සේවාව ජාතික අවශ්‍යතාවක් සේ සලකා නොමිලයේම සිදුවේ.

කොරෝනා වෛරසය ශ්වසන අපහසුතා මතුවන රෝගී තත්ත්වයක් වන අතර එය ආසාදනය වු පුද්ගලයන්ට ඇස්, නාසය හා මුඛය හරහා බලපෑම් සිදුකෙරේ. මෙම රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීමේ දී රෝගියා හුදෙකලා කිරීම අතිශයින්ම වැදගත් වන්නේ එය ඉක්මනින්ම බෝවීමේ ප්‍රවණතාව නිසාය. කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ සහ එය ව්‍යාප්තවීම අවම කරගැනීම සම්බන්ධයෙන් අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සෑම ශ්‍රී ලාංකිකයෙකුටම වැදගත්වන තොරතුරු ලබාදීම මෙම සේවාවේ අරමුණයි.

කොවිඩ් 19 පිළිබඳ 1390 ක්ෂණික අංකය ඔස්සේ වෛද්‍යමය කරුණු ලබාදුන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යා පීඨයේ මහාචාර්ය, වෛද්‍ය නිලීකා මලවිගේ විසිනි.

රෝගයක් සම්බන්ධයෙන් මෙවන් ක්ෂණික ඇමතුම් සේවාවක්, ring back tone  එකක් සඳහා මෙවැනි දැනුවත් කිරීමක් නොමිලයේ හඳුන්වා දුන් ප්‍රථම අවස්ථාව ද මෙයයි.

 

විශේෂ ස්තූතිය

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමට

ඩයලොග් ආසි ආටා පී එල්සී

එචමඥදබ ඉන්ටර් නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ්

මයි හෙල්ත් සලයුෂන් ප්‍රයිවට් ලිමිටඩ් වෙත