අලුත් යුගයකට අලුත් දැක්මක්..

ජුනි 24, 2020

කන්දක් නැගි විටෙක පල්ලමක් බහින්නට වීම සාමාන්‍යයි. මේක අපි සෑම කෙනෙක් ම දන්න දෙයක්. කොයි තරම් දන්නවා වුණත් මේ ගැන හරියට හිතන්න අපි පෙළඹෙන්නේ නෑ. සැපක් විඳීන්න නම් දුකක් විඳීන්න වෙනවා.

එහි යථාර්ථය එයයි. ඒත් සමහර අයට කන්ද දකිද්දී පල්ලමක් තියෙන බව අමතක වෙනවා. අපි කළ යුත්තේ කන්ද දැක්කම පසුබට වෙන එක නෙමෙයි. කන්දෙන් එහා ට තියෙන දේ ගැන, කන්ද නැගීමේ ප්‍රතිලාභ ගැන හිත යොමුකර කන්ද නගින එකයි.

එලෙසින් මේ දිනවල හැම දෙනාටම කඳු නැගීමට සිදු වෙලා. ඒ කොයිඩ් 19 වසංගතය ලෝකය ගිල ගැනීම නිසයි. මේ අර්බුදයෙන් ගොඩ ඒමට නම් අපට වෙනස් ලෙස සිතා වෙනස් ලෙසින් කටයුතු කිරීමට සිදු වේ.

මූලිකවම අපේ සිතීමේ නිම්වළලු පුළුල් කිරීමේ අදහසින් ක්‍රියා කළ යුතුයි. මේ සඳහා අප විසින් සම්පූර්ණ වෙනසක් සිදු කළ යුතු වෙනවා.

ඔබට මතක ඇති ත්‍රස්තවාදී කලබල ඇති සමයේ දී සෑම ස්ථානයක ම, සෑම ආයතනයකම ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට සිදු වුණා. සෑම ආයතනයකම පාහේ ආරක්ෂක නියාමකවරු දැමීමට කටයුතු කළා. ඉන් පසුව මත් උවදුර, ආර්ථික අර්බුද ආදී හේතූන් නිසා ව්‍යාපාරික ආයතන වලට පමණක් නෙවෙයි නිවෙස් වලට පවා කඩා වදින හොරුන්ගේ ප්‍රමාණය වැඩි වීමක් සිදු වුණා. ප්‍රතිඵලය වූයේ තමාගේ නිවෙසේ ආරක්ෂාව තමන්ට ම සපයා ගැනීමට සිදුවීමයි. ඒ නිසා මේ වන විට සෑම නිවසක්ම පාහේ තමා විසින් නිර්මාණය කර ගත්තා වූ බලකොටුවක් බවට පත් වී තිබෙනවා. නිවෙස නොපෙනෙන තාප්ප, විවිධ පන්නයේ වැටවල් වලින් කොටු වී ඇත. ව්‍යාපාරික ආයතන වල පමණක් නොවේ දැන් නිවෙස් වල පවා සීසී.ටී.වී. කැමරා පද්ධති සවි කර තිබීම සාමාන්‍ය දෙයක්. නිවෙසක් වූ විට අත්තිවාරම, වහල පමණක් නොවෙයි, එපමණට ම සී.සී.ටී.වී. කැමරා පද්ධතියකුත් අත්‍යවශ්‍යම අංගයක් බවට පත් වෙලා.

මේ සියල්ලම ව්‍යාපාරික අවස්ථා බව, හොඳීන් කල්පනා කර බැලූ විට ඔබට පෙනේවි. පරිසරයේ ඒ ඒ කාල වලට ඇතිවන පරිසර සාධක අනුව වෙනස් වීම් ඇති වේ. පසුගිය වසරේ පාස්කු දින සිදු වූ අන්තවාදී බෝම්බ පිපිරීම් නිසා සෑම ආයතනයකම පාහේ පුපුරණ ද්‍රව්‍ය සෙවීමේ පද්ධති සවි කරන්නට සිදු විය.

 

උපදෙස්

කළමනාකරණ උපදේශක

දීපාල් සූරියආරච්චි

 

2020/06/24 තරුණි පුවත්පත බලන්න.