මෙන්න සාදික්කාවල මැජික් බලේ

ජනවාරි 6, 2021

කොරෝනා සමඟ අපට අමතක වී ගිය අපේ ම කුළුබඩු කල එළි බසින්නට පටන් ගෙන ඇත. කහ, පෙරුම්කායම් ආදී ස්වාභාවික රසකාරක කලින් කලට රටේ ප්‍රධාන මාතෘකා බවට පත්වෙයි. දැන් කවුරුත් කතා වෙන්නේ සාදික්කා ගැනයි.

සාදික්කා මායා බලයකින් යුතු ඔසුවක්ද?

ඉන්දියාවේ ගෘහණියට නම් මෙය මුළුතැන්

ගෙයට නැතිවම බැරි කුළුබඩුවකි.

ඉන්දුනීසියාවට නිජබිම කරගත් ආවේනික මිහිරි සුවඳකින් යුතු සාදික්කා සුප්, මස් රස කිරීමට නිතර යොදා ගනියි.

ආහාර රස ගැන්වීමට වඩා අද කතා බහ කෙරෙන්නේ එහි ඔසු ගුණය ගැනයි. මෙහි මැග්නීසියම්, මැංගනීස්, තඹ වැනි ඛනිජලවණ, බී 1, බී 6 වැනි විටමින ගණනාවක් අඩංගුය. අපේ විවිධ රෝගාබාධ සුව කරන ගුණයක් ද මෙහි තිබෙයි.

සාදික්කා - වේදනානාශකයකි. මෙහි ඉයුජිනෝල්. සැෆ්රෝල් වැනි අත්‍යාවශ්‍ය වාෂ්පශීලී තෙල් වර්ග ගණනාවක් අඩංගු ය. ඒ වාෂ්පශීලි තෙල් ප්‍රදාහයන් වළක්වන ගුණයකින් යුක්ත වන අතර සන්ධි හා මාංසපේශී වේදනාවට ප්‍රතිකාර කිරීමේදී යොදා ගනියි.

නින්ද නො යනවා නම් සාදික්කා ඉතා ස්වල්ප වශයෙන් එනම් ඇඟිලි තුඩට අල්ලන මට්ටමින් ගෙන උණුසුම් කිරි වීදුරුවකට දමා නින්දට පෙර පානය කරන්න. මීට ආමන්ඩ් සහ කරදමුංගු ඇඟිලි තුඩට අල්ලන ප්‍රමාණයෙන් එක් කිරීමෙන් වැඩි වාසියක් අත්කර ගත හැකිය.

ආහාර ජීර්ණය වැඩි දියුණු කිරීමේ ගුණයක් ද සාදික්කාවල පවතියි. මෙහි අඩංගු අත්‍යාවශ්‍ය තෙල් මඟින් ඩයරියා, මලබද්ධය, වාතය පිරීම වැනි විවිධ ජීර්ණ ගැටලුවලට සහනයක් ලබාගත හැකිය.

සාදික්කා මොළයේ ස්නායු උත්තේජනය කරයි. අතීත රෝම, ග්‍රීක ජාතීහු මෙය පානය කළේ මොළයට දිව ඔසුවක් වැනි පානයක් බව පවසමිනි. විෂාදයට ප්‍රතිකාරයක් ලෙසින් ද යොදා ගනියි. ආතතිය දුරු කරන පානයකි. රෝගීවී සුවය ලබන විට හා අධික ලෙස විඩාබර මොහොතකට සාදික්කා පානයෙන් උත්තේජනයක් ලැබිය හැකිය. සිත එකඟකර ගැනීමට ද සාදික්කා යොදා ගනියි.

මුවේ දුගඳ නසයි.

මුවේ දුගඳ ඇති වන්නේ ශරීර අවයව පද්ධතියේ විස එක්වන විටය. අයහපත් ජීවන රටාව, වැරැදි ආහාර රටාව නිසා සිරුරේ විස එකතු වෙයි. සාදික්කා සිරුරේ විසහරණය කරයි. අක්මාවේ සහ වකුගඩුවල විස ඉවත් කරයි. අත්‍යාවශ්‍ය තෙල්වල බැක්ටීරියානාශක ගුණයක් ද පවතියි. මුවේ දුගඳට බොහෝවිට හේතුවන්නේ මුවේ ඇති බැක්ටීරියාය. මේ ගුණය නිසාම ආයුර්වේදීය දන්තාලේප ගණනාවක සාදික්කාවල අත්‍යාවශ්‍ය තෙල් අඩංගුකර තිබෙයි. දත් කැක්කුමට ද සාදික්කාවල අත්‍යාවශ්‍ය තෙල් ගුණදායකය.

සාදික්කා සම පැහැපත්ව තබා ගැනීමට උපකාරී වෙයි. සාදික්කා, මීපැණි සමාන ප්‍රමාණවලින් ගෙන කුරුලෑවල ගල්වන්න. මිනිත්තු 20 ක් තබා සෝදා හරින්න.

අධි රුධිර පීඩනය අඩු කිරීමේ ගුණයක් ද මෙහි පවතියි. සාදික්කාවල අඩංගු කැල්සියම්, යකඩ, පොටෑසියම්, මැංගනීස්, වැනි ඛනිජලවණ රුධිර පීඩනය ක්‍රමවත්ව තබා ගැනීමට උපකාරී වෙයි.

 

 

අන්තර්ජාලයෙනි